2022 වසරේ 5ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත මේ වසරේ 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබේ. ඒ අනුව බාලක පාසල් යටතේ කොළඹ රාජකීය විද්‍යාලය 182, මහනුවර ධර්මරාජ විද්‍යාලය 180, කොළඹ ආනන්ද විද්‍යාලය 179 ලෙසින් ද බාලිකා පාසල් යටතේ කොළඹ විශාඛා බාලිකා විද්‍යාලය 181,කොළඹ දේවි බාලිකා විද්‍යාලය 178,කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය 177 ලෙසද මිශ්‍ර පාසල් යටතේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය 174, කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලය 171, වීරකැටිය මහින්ද රාජපක්ෂ මහා විද්‍යාලය 170 ලෙසද සිංහල මාධ්‍ය ඔස්සේ කඩ ඉම් ලකුණු තීරණය කර තිබේ.
|