ශිෂ්‍යත්ව පන්ති අද රෑ සිට තහනම්

62

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු ඇතුළු ප්‍රචාරයන් අද (11දා) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාගය පැවැත්වෙන දින විභාගයට බාධා,නොවන ලෙස ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩ කටයුතු සිදුකරන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලා සිටී.

විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ සමාන ප්‍රශ්න ලබාදෙන බව, ඇතුළු සියලු ප්‍රචාරයන් මේ අනුව තහනම් බවද ඒ මහතා කියා සිටී.

කිසියම් අයකු මෙම උපදෙස් පිළිනොපදින්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී. විභාගය ලබන ඉරිදා (15දා) පැවැත්වේ.

චමින්ද සිල්වා


advertistmentadvertistment