සමාජයේ ආන්දෝලනයට තුඩුදී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (19දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිවයින’ට පැවසීය.
ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුව ගැන විභාග දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පරීක්ෂණ අරඹා තිබේ. එම පරීක්ෂණ අවසන් වූ වහාම මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඒ මහතා කීය.
පසුගිය ඉරිදා පැවති ශිෂ්‍යත්ව විභාගයට පෙර ඇතැම් ප්‍රදේශවල සාකච්ඡා කර ඇතැයි පැවසෙන ආදර්ශ ප්‍රශ්න පත්‍රය හා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ප්රශ්නවල සමානකමක් පැවතීම හේතුවෙන් ප්‍රශ්න 3ක් ඉවත් කිරීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙරේදා තීරණය කළේය. මේ අතර විභාගය නැවත පවත්වන ලෙස ඉල්ලමින් දෙමාපියෝ සහ සිසුහු ඉසුරුපාය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණවල නිරත වූහ.
විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමාපියන් පිරිසක් පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා