චීනයේ අධ්‍යාපන ආයතන ගොඩනැඟිල්ලකින් වැටී ජීවීතක්ෂයට පත්වූ ශිෂ්‍යයෙකුගේ මරණය සැක සහිත බව පවසමින් වයඹ දිග චීනයේ දරුණු ශිෂ්‍ය විරෝධතා හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම විරෝධතා හේතුවෙන් චීනයේ ශාන්ක්සි පළාතේ පුචෙන්ග් නගරයේ ශිෂ්‍ය විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම් හටගෙන ඇති අතර පොලිස් නිලධාරීන් විසින් විරෝධතාකරුවන්ට පහර දෙන අයුරුත් විරෝධතාකරුවන් විසින් පොලිස් නිලධාරීන් වෙත යම් යම් දේ විසිකරන ආකාරය දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉකුත් ජනවාරි 02 වැනිදා පුචෙන්ග් නගරයේ පිහිටි පාසල් ගොඩනැඟිල්ලකින් වැටීමෙන් මියගිය 17 හැවිරිදි චීන ශිෂ්‍යයෙකුගේ මරණය සම්බන්ධ සැබෑ තොරතුරු බලධාරීන් විසින් සඟවන බවට චෝදනා කරමින් මෙම ශිෂ්‍ය විරෝධතා ඇරඹී තිබේ. කෙසේ වුවද බලධාරීන් පවසනුයේ අදාළ ශිෂ්‍යයාගේ මරණය අනතුරකින් සිදුව ඇති බවයි.