ශිෂ්‍ය භට පුහුණුවට පැමිණි සිසු දෙපිරිසක් ගැටී 17ක් මහියංගණ රෝහලට

147

රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණි පාසල් දරුවන් අතර ඇති වුණු ගැටුමකින්, සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා දරුවන් 17 දෙනකු මහියංගණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එම ඇතුළත් කරණු ලැබ සිටින සියලු සිසුන් සුළු තුවාල ලබා ඇති අය වෙති. එම සිසුන්ට වෛද්‍යවරුන්ගේ පරීක්ෂා කිරීම් වලින් අනතුරුව රෝහලෙන් නික්මයෑමට හැකි වෙතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.

කිසිදු සිසුවකුට බරපතළ තුවාල තත්ත්වයක් නොමැති අතර සුළු තුවාල පමණක් ඇති බව පැවසේ. සිසුන් දෙපිරිසක් අතර ඇති වු සුළු සිද්ධික් ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බව පැවසේ. රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණ ඇත්තේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කයන් ඇතුළු රට පුරා පාසල්වල දරුවන්ය. දරුවන්ගේ ගැටුම සම්බන්ධයෙන් හසලක පොලිසිය විමර්ශන සිදු කරයි.

මේ සම්බන්ධයෙන් රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයෙන් විමසීමක් සිදු කළ විට ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විස්තර ලබා ගත හැකි බවට ප්‍රකාශ කෙරිණි.

මහියංගණය – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment