ශිෂ්‍යත්වය පාස් වූදා සතුට වින්ද තාත්තා පුතාත් එක්කම සැඩපහර උදුරා ගත්තා

840

* විලපොල මවක නැගූ විලාපය

 වැස්ස විටෙක දේවාශිර්වාදයකි. නියඟයක් නිමාකොට මහ වරුසාවක් ඇදවැටෙන විට ගොවි ජනතාවගේ පමණක් නොව අප කොයි කාටත් දැනෙන්නේ අපමණ සතුටකි. එවිට වැස්ස වළාහක දෙවියන්ට අපි පින්දෙමු. තවත් විටෙක මේ වැස්සම අපව නන්නත්තාර කර දමන්නේ ඇසිල්ලෙනි. මේ දින දෙක තුන තුළ වැස්සක් කළ හදියක් නිසා මේ රටේ පවුල් කිහිපයක රත්තරන් දරුවන් ඇතුළු පිරිසක් පණපිටින් වැළලී ගොසිනි.

ශිෂ්‍යත්වය පාස් වූදා සතුට වින්ද තාත්තා පුතාත් එක්කම සැඩපහර උදුරා ගත්තා

මේ සටහන තබන විට වැස්ස නිසා විසි දෙනෙක් පමණ නිරපරාදේ මියගොස් තිබුණි. වැස්ස විටෙක මල් වැස්සකි. තවත් විටෙක වැස්ස මාරයෙකි. සොබා දහමේ අපූරු නිර්මාණයක් වන වැස්ස තවත් ජීවිත දෙකක් බිලිගත් සිද්ධියක් අපගේ හද පාරවා දමා ඇත. මේ සිද්ධියෙන් මියගොස් සිටින්නේ 11 හැවිරිදි දරුවෙක් සහ 38 හැවිරිදි දරුවාගේ පියා ය. තරංග පි‍්‍රයශාන්ත 38 හැවිරිදි දෙදරු පියෙකි. ඔහුගේ පළමු දරුවා පුතෙකි. වෙළෙඳසලක සේවය කරන ඔහු ජීවිතය ගැට ගසා ගත්තේ අමාරුවෙනි. පළමු දරුවා ලැබී ටික කලකට පසු දියණියකද මේ කැදැල්ලට එකතු වූයේ සතුට දෙගුණ තෙගුණ කරමිනි. තරංගත් ඔහුගේ දරුවා වන අශ්විද අමෝi පුතුත් පෙරේදා (09 වැනිදා* නිවසේ සිට ටික දුරකින් පිහිටි ගුරුවරයකුගේ නිවසට ගියේ අමතර පංතියකට සහභාගී වීමටය. වැස්ස අනෝරා වැස්සක් බවට පත්වී බුත්ගම ඔය පිටාර ගලා ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබුණත් දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට පළමු තැන දී තිබුණේ මේ දුප්පත් පවුලට ගොඩඒමට තිබූ එකම මඟ අධ්‍යාපනය පමණක් වූ නිසාය. බුත්ගම ඔය බුර බුරා නැෙඟමින් තිබිණ. කුලියාපිටිය, පරණගම, විලපොල කුඹුරු යායම මහ මුහුදක සිරි ගෙන තිබිණි. වෙනසකට තිබුණේ නිල්වන් මහ මුහුද වෙනුවට බොරවූ ජල දහරක් දිස්වීම පමණි. ටියුෂන් පංතිය නිමවී එද්දී විලපොල කුඹුර අසල පාරද යටකර දමමින් මහා ජලකඳ පහළට ඇදී යමින් තිබුණි. බොරදිය බුර බුරා පහළට ගලා යමින් තිබුණත් ඒ ජල ධාරාව හරහා නිවසට යනවා හැර විකල්පයක් ද තිබුණේ නැත. ‘‘තාත්තේ වතුර ටික ෂෝක්. පුතාට දැනුණේ සතුටකි. අහළ පහළ කිසිවකුද සිටියේ නැත. ජල කඳ නඟන හඬට ගෙම්බන්ගේ හඬත්, කන්කරච්චලයක් වී තිබුණි. පුතුගේ අත තදින් අල්ලාගත් පියා පාර හරහා තිබූ ජල කඳට පය තැබූවේ යම් පමණකට පිහිනීමට මේ පියාට හැකියාවක් තිබූ නිසාය. දෙපසම මහා ජල කඳකි. යෑමට හැකිවූයේ අඩි කිහිපයකි.

ශිෂ්‍යත්වය පාස් වූදා සතුට වින්ද තාත්තා පුතාත් එක්කම සැඩපහර උදුරා ගත්තා

අකාරුණික සැඩ පහර දරුවාත්, පියාත් උස්සා දියේ පෙරළා දැමූයේ ඇසිල්ලෙනි. මොන තරම් පිහිනුම් ශූරයෙකුට වුවත් දියේ ගිලෙන අයෙකු බේරා ගැනීම අසීරුය.

 කලබලයට පත්වූ පියා අල්ලා ගැනීමට තැත් කළත් මහා සැඩපහර ඔවුන් දෙදෙනාවම විල්පොල කුඹුරු යාය මැද මහා ජලකඳට පෙනී නොපෙනී ගියේ මුළු ගමක්ම හඬවා දමමිනි. උපකාරක පංතියට ගොස් යළි නිවසට නොපැමිණි සැමියාත්,

 පුතුත් ගැන විපරම් කළ පසු දැන ගන්නට ලැබුණේ දෙදෙනා විල්පොල කුඹුරු යාය හරහා සැඩපහර හරහා පැමිණ ඇති බවකි. මවගේ නෙතින් ගලා ගියේ කඳුළුය. නමුත් ඒ කඳුළුවලට වඩා මහ වැස්සෙන් පසු ගලාගිය ජල කඳ මොවුන් දෙදෙනාවම ඒ වනවිට බිලිගෙන තිබිණි.

 මුළු ගමම එකතුවී අතුරුදන් දරුවා සොයා ජලකඳ පීරන්නට පටන් ගත්තේ ඊට පසුවය. සවස 2 පමණ සිට අඳුරු වැටෙන තෙක්ම මොවුන් දෙදෙනා සෙවීමට කටයුතු කරන අතරතුර ඒ මවගේ නෙතින් ගලාගිය කඳුළු ගඟ මහා අනතුරක ලකුණු පෙන්වා දී තිබිණි.

 මුලින්ම හමුවූයේ 38 හැවිරිදි පියාගේ නිසල සිරුරය. ඇය වැළහින්නියක මෙන් හඬන්නට ගත්තේ සිහි එළවාගත නොහැකිවය. ඥාති හිතමිත‍්‍රාදීන්ද ඇය සමග හරි හරියට හඬන්නට ගත්තේ මහ වැස්සට ශාප කරමිනි. ‘‘අනේ පුතාට මුකුත් වෙන්නෙ නෑ’’ ඒ මව විටින් විට සිහිසුන් වෙමින් දෙවියන්ට කන්නලව් කළේ එසේ කෑගසමිනි. දරුවා පෙරේදා දිනයේදී හමුවූයේ නැත. අවසානයේ දී අතුරුදන්වූ දරුවා සෙවීම සඳහා නාවික හමුදා සහායද ගැනීමට උත්සාහයක් තිබිණි.

 නමුත් ගමේ ග‍්‍රාම නිලධාරිනී නිලූකා ප‍්‍රතාපසිංහ මැදිහත් වී ගමේ තරුණ පිරිසගේ සහාය ලබාගෙන දරුවා සෙව්වේ ඔවුන්ගේ ජීවිත ගැනද නොසිතමිනි.

 අවසානයේ දී සියලූ බලාපොරොත්තු සුන්කර දමමින් ඒ දරු පැටියාගේද නිසල දේහය හමුවිය.

 මවට තාමත් සිහි එළවාගත නොහැකිය. ඇයට හඬන්නට දැන් කඳුළු නැත. කතා කරන්නට වචන නැත. දැන් ඇයට සිටින්නේ බාල දියණිය පමණි.

 ගමේ කොයි කවුරුත් එක්ව ඇගේ  හිත හදන්නට උත්සාහ කළත් ඇගේ සිත දුවන්නේම සැමියාගෙත් දරු පැටියාගෙත් මතකයන් වෙතය. ඒ මතකයන් ඇයව වරින් වර සිහිසුන් කර දමන විට මේ වැස්සට දෙස් දෙවොල් තබනවා හැර ගම්මුන්ට වෙන කරන්නට දෙයක් නැත.

 මෙවන් විපතක් කිසිවකුට නොවේවාෟ පහේ ශිෂ්‍යත්වය සමත්ව මාදම්පේ මධ්‍ය මහා විiාලයට ගිය ඉගෙනීමට දක්‍ෂ දරුවාට හොඳ අනාගතයක් තිබිණි. මේ පවුලේ සියලූ බලාපොරොත්තු සැඩ පහරට ගසාගෙන ගොස් හමාරය.

 මේ අවාසනාවන්ත සිද්ධිය එකක් පමණකි. මේ වට වැස්සෙන් තවත් නිවාස කිහිපයක අද මළසිරුරය. ඒ අයගේද සියලූ බලාපොරොත්තු හොරු ගෙන ගොසිනි. එනිසා කොයි කවුරුත් සිය ජීවිත සමීපතමයන්ගේ ආරක්ෂාව ප‍්‍රමුඛ කාර්යය බවට පත්කරගෙන ප‍්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව අප කියන්නේ මේ අපරීත කාලයක් බව හැෙඟන නිසාය.

 ශිරාන් රණසිංහ
 පසුබිම් වාර්තා සහ ඡායාරූප
 කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment