ශී‍්‍ර ලංකන් මොස්කව් වෙත  ගුවන් ගමන් අත්හිටුවයි

146

ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම විසින් ශී‍්‍ර ලංකාව සහ රුසියාවේ මොස්කව් අතර සිදුකරන ගුවන් ගමන් ඊයේ (28 දා* සිට අත්හිටුවනු ලැබීය.

 ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ පාලනයෙන් පිටත පවතින මෙහෙයුම් සීමා කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. මේ ගැන කරුණු පැහැදිලි කරන ශී‍්‍ර ලංකා ගුවන් සමාගම මෙසේ ද පවසයි. දැනට පවතින රුසියානු – යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවට ඇතැම් ජාත්‍යන්තර මූල්‍ය සහ ගුවන් යානා රක්ෂණ සීමාවන් පනවා ඇති අතර ශී‍්‍රලංකන් ගුවන් සේවය රුසියාව වෙත සිදුකරන ගුවන් ගමන් මෙහෙයුම් සඳහා එම කාරණා සෘජුවම බලපානු ලබයි. ඒ අනුව, ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම නැවත දැනුම් දෙනතුරු මොස්කව් වෙත ගුවන් මෙහෙයුම් සිදුනොකරනු ඇත.

 නොවැළැක්විය හැකි හේතුන් මත ගුවන් සේවය ගනු ලැබූ මෙම තීරණයෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ගුවන් සමාගම සිය කනගාටුව ප‍්‍රකාශ කරයි. ශී‍්‍ර ලංකන් ගුවන් සේවය රුසියාවේ තත්ත්වය අධීක්ෂණය කරමින් සිටින අතර තත්ත්වය යහපත් වූ පසු නැවත මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. ගුවන් ගමන් අත්හිටුවීමට පෙර ශී‍්‍ර ලංකන් ගුවන් සේවය කොළඹ සහ මොස්කව් අතර සතිපතා ගුවන් ගමන් දෙකක් සිදුකරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment