ශී‍්‍ර ලංකා කි‍්‍රකට්  වොලිබෝලයට අත දෙයි

127

රුපියල් ලක්ෂ 15කට වඩා වැඩි වටිනාකමක් ඇති උපකරණ කිහිපයක් ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනය වෙත ලබා දීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පසුගියදා පියවර ගත්තේය. ශී‍්‍ර ලංකා වොලිබොල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතාගේ

 විශේෂ ඉල්ලීමක් මත සිදු කෙරුණු මෙම පරිත්‍යාග අතර රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා අත් ට‍්‍රැක්ටර්, තණකොල කපන යන්ත‍්‍ර සහ කී‍්‍රඩාපිටි සකසන රෝලක් ඇතුළත් වේ.

 මෙම උපකරණවලට අදාළ ලියවිල්ල ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් වොලිබෝල් සංගමයේ සභාපති කංචන ජයරත්න මහතා වෙත භාරදුන් අතර මෙම අවස්ථාවට ක‍්‍රිකට් සංවර්ධන කමිටුවේ සභාපති කමල් ධර්මසිරි, වොලිබෝල් සම්මේලනයේ උප සභාපති සී.රත්නමුදලි යන මහත්වරු සහභාගි වූහ.

 මෙම පරිත්‍යාග සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ‍්‍රී ලංකාවේ ජාතික ක‍්‍රීඩාව වන වොලිබෝල් ක‍්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ලබාදෙන සහයට ගෞරවනීය ස්තූතිය පුදකරන බව ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා අවධාරණය කර සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment