ශී‍්‍රලනිපය ප‍්‍රමුඛ ස්වදේශවාදී ආණ්ඩුවක් හදනවා – හිටපු ජනපති මෛතී‍්‍ර කියයි

148

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ ජාතිකවාදී, ස්වදේශවාදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරගෙන යන බව හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවසීය.

මැද කොළඹ ප‍්‍රදේශයේ පැවැති පක්‍ෂ කාර්යාලයක් ආරම්භ කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

රට දිනෙන් දින අර්බුදයකට යන බවද ඒ මහතා කීය. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරු 14 යි ඉන්නේ. සමහරු හිතනවා අපි කොහොමද ආණ්ඩුවක් හදන්නෙ කියලා? 1977 දී සිරිමාවෝ මැතිනියගේ කාලේ ශී‍්‍ර.ල.නි.ප. ආසන අටට බැස්සා. නමුත් අද අපි ඉන්නෙ ඊට වඩා හොඳ තැනක. යහපාලන ආණ්ඩු කාලේ අපි විශාල වැඩ කොටසක් ඉටුකළා. ඒ කාලේ රජයේ නිලධාරීන් ආණ්ඩුවෙන් අස්වෙලා ගියේ නෑ.

ඒ නිසා අපි මේ උත්සාහ කරන්නෙ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ ජාතිකවාදී, ස්වදේශවාදී ආණ්ඩුවක් පිහිටුවීමටයි.

රට දවසින් දවස අසීරු තැනකට යනවා. ඒ අනුව නව දේශපාලන වැඩපිළිවෙළක් යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතුයි. රජයක් සාර්ථකව පවත්වාගෙන යන්න නම් ජනතාවගේ ආශිර්වාදය සහ සහාය අවශ්‍යයි.

advertistmentadvertistment
advertistmentadvertistment