වසර 64 ක කාලයක් සමාජ සේවා මෙහෙවරක යෙදී සිටින රජය පිළිගත් පුණ්‍යායතනයක් වූ මොරටුව එගොඩඋයන සුබසාධක තරුණ සංගමයේ ළදරු උයන, දාරකාගාරය, පෙරපාසල් හා නිදහස් පරිගණක පුහුණු මධ්‍යස්ථානය සඳහා මුල්‍ය දායකත්වය දැක්වූ ස්වීඩන් ජාතික දානපතිනියක් වූ එවොර් නීමන් :ෑඪධඍ භශඵ්භ* මහත්මිය වසර 96 ක් ආයු වළඳා හදිසියේ අභාවප‍්‍රාප්ත වූවාය.
ඒ පිළිබඳ අවසන් කටයුතු හා ආගමික වතාවත් මෙම ජුනි 24 දින ප.ව. 1.30 ට ස්වීඩන් රාජ්‍යයේ ටෙච් :ඔක්‍්‍ය* දේවස්ථානයේදී සිදුකෙරෙන අතර, එම අවස්ථාවේදී එගොඩඋයන සංගම් මූලස්ථානයේ සිට කෙරෙන දේවමෙහෙයන් ඇතුළු උපහාර දැක්වීමේ වැඩසටහන් ’දදප තාක්ෂණය ඔස්සේ විසුරුවා හැරෙන අතර, ඊට සමගාමීව පානදුර රජයේ රෝහලට අඩුපාඩුවක්ව පවතින උණු වතුර ජල ඩිස්පෙන්සර් 10 ක් පරිත්‍යාග කිරීමටත්, තවත් ප‍්‍රජා සත්කාර රැුසක් ඉටු කිරීමටත් සංගමයේ සභාපති ඩඞ්ලි ප‍්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් හා සාමාජික මහතුන් තීරණය කර ඇත.
|