ශ‍්‍රී ලංකාවට ආවේණික සහ දුර්ලභ නෙළු ශාක විශේෂයක් හඳුනාගැනීමට පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.
කළුතර වලල්ලාවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ නාවලකන්ද වනාන්තර පද්ධතියට යාබදව පවතින්නා වූ ගුලවිට උතුර ග‍්‍රාමසේවා වසමෙන් මෙසේ සොයාගෙන ඇත්තේ Strobilanthes rhytisperma යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන නෙළු ශාක විශේෂයයි.
1867 වර්ෂයේදී මධ්‍යම පළාත තුළ සහ 1971 වර්ෂයේදී අවසන් වරට කළුතර දිස්ත‍්‍රික්කයේ රන්වල කැලේ රක්ෂිතය තුළින් වාර්තා වී ඇති බවට පර්යේෂණ සටහන්වල සඳහන් වී ඇති මෙම ශාකයේ සජීවී නිදර්ශක පවතින ස්ථානයක් මෙතෙක් සොයා ගැනීමට නොහැකිව පැවති බව පරිසරවේදී පේශල පසන් කරුණාරත්න මහතා පවසයි.
මෙම ශාක විශේෂය මෙරට වෙනත් කිසිදු ස්ථානයකින් වාර්තා නොවීම නිසා පර්යේෂණ සටහන්වලට පමණක් සීමා වූ ශාක විශේෂයක් ලෙස හඳුනාගෙන තිබුණ.ද ශාක විශේෂයන් පිළිබඳ අධ්‍යයනයෙහි නිරත පරිසර ගවේශකයෙකු වන පේශල පසන් කරුණාරත්න මහතා විසින් මෙම ශාකය වලල්ලාවිට ප‍්‍රදේශයේදී සොයා ගැනීමෙන් පසුව ශාක විශේෂ පිළිබඳ විශේෂඥයකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශාක විශේෂ පිළිබඳ පර්යේෂණයේ යෙදෙන රේණුකා නිලන්ති රාජපක්ෂ සහ නුවන් චතුරංග ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කළ නිරීක්ෂණ මගින් මෙම නෙළු ශාක විශේෂය ීඑරදඉසක්බඑයැි රයහඑසිචැරප් බව තහවුරු කර ඇත.
ජගත් කණහැරආරච්චි