ජපානයේ ටෝකියෝ අගනුවර දී දැන් ක‍්‍රියාත්මක 32 වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි අශ්වාරෝහක තරග සඳහා ද්විත්ව පුරවැසි භාවය හිමි ‘මැතිල්ඩා කාර්ල්සන්’ අද (03) ප:ව: 03.30 ට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තරග බිමට පිවිසින්නීය. අශ්වාරෝහක තරඟයක් සඳහා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලකට වරම් ලබාගත් ශ‍්‍රී ලංකාවේ පළමු වැන්නීය ලෙස මැතිල්ඩා කාර්ල්සන් අද දින තරග බිමට පිවිසීම විශේෂත්වයකි.
මැතිල්ඩා කාර්ල්සන්ට අමතරව මෙම කේවල ඉසව්වේ මූලික වටයේ ජයග‍්‍රහණය පතා ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩිකාවන් 75 දෙනෙකු තරග වදිති. කේවල කඩුලූ මතින් පැනීමේ තරගය ලෙස මෙම ඉසව්ව හැඳින්වේ.
මෙම ඉසව්වේ දී ඉදිරියෙන් ඇති කඩුලූ 15 ක බාධක සහිත දුර ප‍්‍රමාණය සම්පූර්ණ කිරීම සඳහා වැඩිම කාලයක් ගන්නා තරගකාරියන් හට ජයග‍්‍රහණය හිමි වේ. ඒ අනුව මෙම තරගයේ ජයග‍්‍රහණය පතා තම අශ්වයා සෙමින් කඩුලූ මතින් පැන්න වීමේ හැකියාව තිබිය යුතුය. ඒ අතරතුර බිඳ වැටෙන සෑම කඩුල්ලක් වෙනුවෙන්ම ලකුණු 04 ක අහිමි වීමක් ද මෙම තරගයේ දී සිදුවේ.
ස්වීඩනයේ දී ප‍්‍රදර්ශනය කර ඇති දක්ෂතාව මෙන්ම ටෝකියෝ නුවර දී ලත් පෙර පුහුණුවීම් ආශ‍්‍රිතව මැතිල්ඩා කාර්ල්සන් අද (03) දින තම දක්ෂතාවය උපරිමයෙන් ප‍්‍රදර්ශනය කරන බවට ශ‍්‍රී ලංකා තුරඟ තරග කළමනාකරු සුරංජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (02) ‘දිවයින’ ක‍්‍රීඩා පිටුව හා සම්බන්ධ වෙමින් විශ්වාසය පළ කළේය.
|