ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යෑමේ බි‍්‍රතාන්‍ය ලේබර් පක්ෂයේ උත්සාහය

411

බි‍්‍රතාන්‍ය ලේබර් පක්ෂ සමුළුව

 බි‍්‍රතාන්‍ය ලේබර් පක්ෂයේ කොටි හිතවාදී මන්තී‍්‍ර කල්ලිය සිය වාර්ෂික සමුළුවේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරමින් ශී‍්‍ර ලංකාවේ රජය සහ හමුදාව යුද අපරාධ චෝදනා මත ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යායුතු බව ප‍්‍රකාශ කර ඇත’

 මේ සඳහා මූලික වී ඇත්තේ සියොබ්ගාන් මැක්ඩොනා නමැති කොටි හිතවාදී මන්තී‍්‍රවරිය සහ හිටපු බී’ බී’ සී’ වාර්තාකාරි ප‍්‍රාන්සස් හැරිසන්ය’ බි‍්‍රතාන්‍ය ලේබර් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ ජෙරම් කොර්බින් ද කොටි හිතවාදියෙකි’ ශී‍්‍ර ලංකාවේ හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යායුතු බව පවසන්නේ බි‍්‍රතාන්‍ය සෙබළුන් ඉරාකයේ යුද අපරාධවලට වරදකරුවන් බව තහවුරු වී තිබියදීය’

 එහෙත් ඒ ගැන බි‍්‍රතාන්‍ය මන්තී‍්‍ර කණ්ඩායම වචනයක්වත් ප‍්‍රකාශ කර නැත’ මෙයට පෙර ඉරාක යුද්ධය නීති විරෝධී ලෙස සිදුකිරීම ගැන එම යුද්ධය සමයේ සිටි බි‍්‍රතාන්‍ය අගමැති ඇතුළු හමුදා සෙබළුන්ට එරෙහිව චෝදනා එල්ල විය’

 ඒ ගැන ජාත්‍යන්තර අධිකරණය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් විය’ මේ ගැන ජාත්‍යන්තර අධිකරණය පැවසුවේ අගමැති ටෝනි බ්ලෙයාර්ට සහ හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව නඩු පැවරිය නොහැකි බවයි’ එහෙත් ශී‍්‍ර ලංකාවේ රජය ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යායුතු බව බි‍්‍රතාන්‍ය ලේබර් පක්ෂය කියා සිටී’ මෙය දෙබිඩි පිළිවෙතක් නොවේද? බි‍්‍රතාන්‍යයට එක නීතියකුත් ශී‍්‍ර ලංකාවට තවත් නීතියකුත් කි‍්‍රයාත්මක කළ හැකිද? හිටපු බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පැවසුවේ යුද අපරාධ චෝදනා එල්ල වී ඇති බි‍්‍රතාන්‍ය හමුදා භටයන් ගැන බි‍්‍රතාන්‍යය කටයුතු කරන අතර ඊට පිටස්තර බලපෑම් අවශ්‍ය නැති බවයි’ එසේ නම් ශී‍්‍ර ලංකාවේ වන්නි මෙහෙයුමට අදාළව බි‍්‍රතාන්‍ය මන්තී‍්‍රවරුන්ට මැදිහත් විය හැකිද?

 මෙලෙස ශී‍්‍ර ලංකාවට එරෙහිව කි‍්‍රයා කළ යුතු බවට බි‍්‍රතාන්‍යයෙන් ඉල්ලීම් කරන පිරිස අතර සියොබ්ගාන් මැක්ඩොනා සහ හිටපු බී’ බී’ සී’ වාර්තාකාරි ප‍්‍රාන්සස් හැරිසන්ද වේ’ ප‍්‍රාන්සස් හැරිසන් කොටි සංවිධානය සමග දැඩි සබඳකම් පැවැත්වූ තැනැත්තියකි’ ඇගේ උපන්දින උත්සවයට කොටි ත‍්‍රස්තයකු වූ පුලිතේවන්ට ද ඇරයුම් කර තිබිණි’ මෙවන් පසුබිමක් මැද බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සිටින කොටි හිතවාදී මන්තී‍්‍ර කණ්ඩායමේ අරමුණ කොටි ඩයස්පෝරාව වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහිව කි‍්‍රයා කිරීමයි’

 ලන්ඩන් ආරංචි මාර්ග පැවසුවේ මෙම කොටි හිතවාදි මන්තී‍්‍ර කණ්ඩායම බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුුව තුළ ද්‍රවිඩයන් වෙනුවෙන් සර්ව පාක්ෂික මන්තී‍්‍ර කණ්ඩායම නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඇති බවයි’

 මෙම කොටි හිතවාදී මන්තී‍්‍ර කණ්ඩායම මෙයට කලකට පෙර බි‍්‍රතාන්‍ය මැග්නිම්ස්නි සම්බාධක පනත ශී‍්‍ර ලංකාවට ද කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා තිබිණි’ කෙසේ වෙතත් බි‍්‍රතාන්‍ය රජය ලේබර් පක්ෂයේ ඉල්ලීම් ඉවත දමා තිබේ’

 බි‍්‍රතාන්‍ය රජය පවසන්නේ ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යෑමට එක්සත් ජාතීන්ගේ සහායක් නැති බවයි’ චීනය” රුසියාව යන රටවල් ඒ සඳහා විරෝධය දක්වා තිබේ’ මෙලෙස ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහිව බි‍්‍රතාන්‍යය යුද අපරාධ චෝදනා එල්ල කරන අවස්ථාවේ යුද අපරාධකාරියක් වූ ඇඩෙලා බාලසිංහම්ට විරුද්ධව බි‍්‍රතාන්‍යය රජය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත’

 එසේම කොටි යුද අපරාධකරුවන් 200කට අධික පිරිසකට බි‍්‍රතාන්‍යය තුළ දේශපාලන රැුකවරණ ලැබී තිබේ’

 කොටි ත‍්‍රස්තවාදීන්ට රැුකවරණ ලබාදී ඇත්තේ ද්‍රවිඩ දේශපාලකයන්ගේ නිර්දේශ මත යැයි හෙළි වී ඇත’

 මේ නිසා බි‍්‍රතාන්‍ය යුද අපරාධ ගැන දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව සනාථ වී තිබේ’ මෑතකදී බි‍්‍රතාන්‍ය රජය පාර්ලිමේන්තුව හමුවේ පනතක් සම්මත කරමින් තිබේ’ හමුදා භටයකුට එරෙහිව නීතිමය පියවරක් ගැනීමට නොහැකි බව කියා සිටියේය’ එහෙත් එම බි‍්‍රතාන්‍ය රජයම ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන්ට යුද අපරාධ චෝදනා එල්ල කර ඇත’

 මෙම දෙබිඩි පිළිවෙතට එරෙහිව රජය සටන් නොකිරීම මවිතයකි’ වන්නි මෙහෙයුම සමයේ මෙරට සිටි බි‍්‍රතාන්‍ය ආරක්ෂක උපදේශක ලූතිනන් ඇන්ටන් ගෑෂ්ගේ වාර්තාවෙන් ලබාගත් කොටස් ඇතුළත් වාර්තාවක් නේස්බි සාමි ප‍්‍රකාශයට පත් කළේය’ මේ වාර්තාවේ දැක්වූයේ වන්නි මෙහෙයුමින් 6000ත් 7000ත් අතර ද්‍රවිඩයන් මියගිය බවයි’ යස්මින් සුකා එම සංඛ්‍යාව 40000 සිට මේ වනවිට 80000ක් දක්වා වැඩි කළේය’

 එහෙත් රජය මියගිය පිරිස නම්ගම් ඇතුළුව හෙළිකරන ලෙස සුකාට අභියෝග කළේ නැත’ මෙලෙස ඝාතනය වූ පිරිස වළදැමුවේ කොතනකදැයි හෙළිකරන ලෙස ද රජයෙන් ඉල්ලීමක් නොකෙරිණි’ ශී‍්‍ර ලංකාවේ හමුදාවට චෝදනා එල්ල කරන ජේ’ ඒ’ එම්’ සංවිධානයටත් බොරු මරණ තර්ජන දක්වා ස්විට්සර්ලන්තයේ දේශපාලන රැුකවරණ ලබාගත් 1971 කැරලිකරු රංජි මල්ලිට මේ දක්වාම එම ද්‍රවිඩයන් වළ දැමූ ස්ථාන පෙන්නුම් කිරීමට නොහැකි වී ඇත්තේ එල්ල කර ඇති චෝදනා බොරු නිසාය’

 මෙවන් පසුබිමක් මැද ලන්ඩන් නුවර සිටින කොටි හිතවාදීන්ගේ කොන්ත‍්‍රාත්තුව දියත් කරන සියොබ්ගාන් මැක්ඩොනා” බැරිගාඞ්නර් ස්ටීවන් කිනොක් වැනි කොටි හිතවාදී මන්තී‍්‍රවරු ලැජ්ජා විය යුතුය’ ඉරාකයේ අතුරුදන් සංඛ්‍යාව ලක්ෂයකට අධිකය’ ඝාතනය වූ සංඛ්‍යාව තවමත් නොදනී’

 කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment