ශී‍්‍ර ලාංකේය ජන සමාජ විකාශනයේ දී කුලීන හා කුලහීන ආදී වශයෙන් සමාජ කොට්ඨාසයන් ද්විත්වයක් පවුල් පසුබිම්, ජීවනෝපාය මාර්ග මත වර්ග වී ඇත. රොඞී, ගාඩි සහ හුලවාලී ආදී විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබන උක්ත සුවිශේෂී වූ ජන කොට්ඨාසය බුද්ධ කාලීන සමාජයේ සිට රාජාණ්ඩු සහ විසි එක්වන සියවස පුරා විකාශනය වුව ද ඔවුන්ටම ආවේණික වූ උප සංස්කෘතික ලක්ෂණයන් කාර්මීකරණය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයන් හේතුවෙන් අද්‍යතන සමාජයෙන් වියැකී යමින් පවතියි. ස්වභාෂාවක් හසුරවන මෙම ජන කොටස ගාඩි යන නාමයෙන් ඔවුන්ව හැඳින්වීමට දැඩි ලෙස පි‍්‍රය කරති. මේ බැව් ඔවුනතර ”මහ ගාඩියා, ගාඩි බිළිඳා’’ සහ ගාඩි බිලින්දි ආදි යෙදුම් භාවිතය මඟින් පැහැදිලි වෙයි. ප‍්‍රභූ සහ කුලීන සමාජය විසින් මෙම ජන කොටස් ඉතා පහත් වූ ගති පැවතුම් ඇති පිරිසක් ලෙස ඔවුන් පහත් කොට සලකා කටයුතු කර ඇත. නමුත් ඔවුන් තුළ වූ ශක්‍යතාවයන් හා අනන්‍ය වූ ශිල්ප ක‍්‍රමයන් නිසා ඔවුන් සිංහල ජන සමාජයෙහි සුවිශේෂී ජන කොටසක් බව දැක්විය හැකිය. උක්ත වංශිකයන් රාජ්‍ය පාලන තන්ත‍්‍රයට සම්බන්ධ වන්නේ රජගෙට මස් මාංශ සැපයීම සඳහා බව ජනශ‍්‍රැතියෙහි කියැවෙයි.
නර දෙයියන්නේ ඔබෙ අණසක පතුරන්ට
පස්වා දහසකට තේජස බැබළෙන්ට
කමු පුල්ලෙන් ඇණ අප වෙත නොතලන්ට
රෑ නිදි නොලැබ දඩමස් සපයමි දෙන්ට
අවසර දෙපෝදා සහ අටවක දෙකට
දඩයම් නොකර එයටත් මස් සෑහෙන්ට
මා වාසලේ වැජඹෙන නර දෙයියන්ට
වරම් ලැබුනේය මස් දෙන්න කරුමෙට
12 වන ශත වර්ෂයේ දී රාජ්‍ය ප‍්‍රාප්ත මහා පරාක‍්‍රමබාහු හෙවත් පැරකුම් රජුට මස් සපයනු ලබන පුද්ගලයාට එක් පුන් පොහොය දිනයක දී මස් සපයාගත නොහැකි වීම නිසා කුඩා දරුවකු මරා මස් කර රජුට සැපයීමෙන් පැරකුම් රජුගේ දියණිය වූ රත්නවල්ලී කුමරිය එම මාංශයට ගිජු වූ බැවින් දෛනිකව කුඩා දරුවන් මරා රජගෙට සැපයීම පිළිබඳ පුවත් රජුට අනාවරණය වූ බැවින් රජගෙට මස් සපයන පුද්ගලයා සහ තම දියණිය දීනයන් (රෝඩියන්) ලෙස සලකා දිවි තිබෙන තුරු ගෙයින් ගෙට සිඟමනේ යමින් දිවි තර කිරීමට නියෝග කරන ලද බැව් ද මෙම ජන වර්ගයේ ප‍්‍රභවය හා සම්බන්ධ විවිධ මත ශී‍්‍ර ලාංකේය ජන ශ‍්‍රැතියෙහි පවතී.
මෙලෙස ඔවුන්ගේ ජීවනෝපාය උදෙසා එක් බෙර ඇසක් පමණක් ඇති ”එකැස් බෙරය’’ යැයි හඳුන්වන රබාන සහ තැටිය නම් වූ භාණ්ඩයන් ආශී‍්‍රතව ප‍්‍රාසංගික ඉදිරිපත් කිරීම් මගින් ඔවුන්ගේ දිවි තර කර ගැනීමට ඔවුන් දිවයින පුරා සංක‍්‍රමණය වෙමින් ශී‍්‍ර ලංකාව පුරා තම වර්ග පරම්පරා විකාශනය කරන්නට ඇත. කෝට්ටේ රාජධානි සමයෙහි රජකළ පරාක‍්‍රමබාහු රජ සමයේ දී සැඬොල් කුලයට අයත් චණ්ඩාල කුලයක් ලෙස රොඞී ජනතාව හැඳින්වන්නට ඇත. එහිදී රජ මාළිඟය ඇමදූ
”රොඞ්ඩා’’ හා පැරකුම් රජ දියණිය වූ රත්නවල්ලී කුමරිය අතර වූ සබඳතාවය හෙළි වීම නිසා රාජ කුමාරිකාව රොඞ්ඩාට අඹුකමට දී රාජ මාළිඟාවෙන් පිටුවහල් කළ බවට ද කතා ප‍්‍රවෘත්තියකි.
ශී‍්‍ර ලාංකේය කුලක‍්‍රමය පිළිබඳව සඳහන් වූ ප‍්‍රාථමික මූලාශ‍්‍රයන් ලෙස ”ජන වංශය, සද්ධර්ම රත්නාවලිය, සිංහල බෝධි වංශය, මහා බෝධි ග‍්‍රන්ථ විවරණය, මහා වංශය, චූල වංශය සහ ජේතවනාරාම, සහස්සමල්ල ආදි සෙල්ලිපි දැක්විය හැකිය. භාරතීය කුල සංකල්පය ශී‍්‍ර ලාංකේය ජන සමාජයේ කුල ක‍්‍රමය් ප‍්‍රභවය උදෙසා බලපා ඇත. විශ්වය මැවීම පිළිබඳ බ‍්‍රාහ්මණ මතයට අනුව මහා බ‍්‍රාහ්මයාගේ හිසින්, දෙව්රෙන්, දෙකලවෙන් සහ යටි පතුලෙන් උපන් පිරිස් බ‍්‍රාහ්මණ, ක්ෂතී‍්‍රය, වෛශ්‍ය සහ ශුද්‍ර සහ කුල සතරෙහි උපත පිළිබඳව දක්වා ඇත. මන්දයත් ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ශී‍්‍ර ලංකාවට වැඩම වීමත් සමඟ ශිල්ප ශ්‍රේණි 18 කට අයත් කුල පිරිස් මෙරටට සංක‍්‍රමණය වූ බව දැක්වේ. කුලය (Caste) සම්බන්ධ බටහිර මතවාදයන් විමසීමේ දී මානව විද්‍යාඥයකු වූ ඒ. එල්. කෝබර් කුලය පිලිබඳ දක්වන්නේ ”දැඩි වූ ද, උග‍්‍ර වූ ද ජන්මයෙන් නියම කරන ලද්දා වූ පුද්ගල සංචලතාවයට අවකාශ නොදෙන්නා වූ ආයතනයක් ලෙසත්, කුලය සාම්ප‍්‍රදායික වූ රැකියාවන් ආශී‍්‍රත වූ දෙයක් ලෙස
”හේටන්’’ ප‍්‍රකාශ කර ඇති බව දයා අමරසේකර තම
”කුලය පිළිබඳ සමාජ ඓතිහාසික විමර්ශනයක්’’ කඃතියෙහි දක්වා ඇත. රාජාණ්ඩු ක‍්‍රමයන් හී පාලන තන්න‍්‍රයෙහි අවශ්‍යතාවවය පූර්ණය කිරීමේ අරමුණින් රැකියාව මත පදනම්ව කුල සංවිධාන බිහි වී ඇත. මෙහිදී ශී‍්‍ර ලංකේය ජන සමාජයෙහි
i බ‍්‍රාහ්මණ – උගත්, පූජක පක්ෂය
ii ක්ෂතී‍්‍රය – පාලක පංතිය
iii ගහපති (වෛශ්‍ය) – ගොවීන් සහ වෙළෙඳ පංතිය
iv ශුද්‍ර – පහත් අඩුකුල පංතිය
මෙලෙස කුල මූලිකව කොටස් හතරකට වර්ග කර ඇත. ශී‍්‍ර ලංකාවේ පුරාතනයේ පැවති කුල පිළිබඳව සිංහල ශබ්ද කෝෂ කතුවරයා මෙලෙස දක්වා ඇත.
”කරා පරවර මල් ද පලි පලි පදු රදා කින්නර ගහල පුක්කුස
දුරව හඟරන් රෝඞී කම්කරු වඩුද ඊ නේසාද නන් ලෙස
නරන් බරවා බැඩල් බඩගුල් පෙහෙර නින්නා අඳ දනන් ලෙස
තිරා සඟ ලෙස හීන කුලවල දනෝ යැයි පැවසුවොත් සොඳ ලෙස’’
එම කුල අතරින් රොඞී කුලය පහත් කුලයක් ලෙස ජන ව්‍යවහාරයෙහි දැක්වේ. මන්දයත් ”රොඞ්ඩ’’ යනු ඉවත ලන දෙය ලෙස ද ව්‍යවහාර කරනු ලබයි. මේ බැව් සිංහල ජන සමාජයෙහි භාවිත පහත ස`දහන් කවි, ආප්තෝපදේශ, කියමන් මගින් මනාව පැහැදිලි වෙයි.
අද්දර පැඳුරක් එලාන
රොඞ්ඩාස වකුටුව නිදනා
සද්ද නැතුව කෙඳිරිගාන
සිද්ධ වුනේ හනික මනා
රොඞී පැලේ බල්ලෝ හිඟ නැත
රොඞී රැහැට ගිය එකෙක් ආපහු ආවේ නැත
මළ මිනී බැහැර කිරීම, ඇතුන් ඇල්ලීම, වරමුදු සැකසීම, කුළු, ලාභ පෙට්ටි, කිරි ගොටු ආදී වේවැල් භාණ්ඩ සැකසීම මොවුන්ගේ රැකියා ලෙස ද දැක්වෙයි. කුලීනයන් ලෙස සමාජයේ හැඳින් වුව ද රාජකීයන් උක්ත කුල වාසීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අවස්ථා පිළිබඳව ඓතිහාසික මූලාශ‍්‍රයන් අධ්‍යයනය කිරීමෙන් කරුණු අනාවරණය වෙයි. දුටුගැමුණු රජු පුත් සාලිය කුමරු විවාහ වී ඇත්තේ ”හෙල්ලෝලි ගම’’ විසූ රොඞී කුල කාන්තාවක සමඟ (අශෝකමාලා) බවත් සාලිය කුමරු රජකම අත හැර තම ප‍්‍රියම්බිකාව සමඟ කල්ගත කළ බව සාලිය අශෝකමාලා පේ‍්‍රම වෘතාන්තය සිංහල ජන සමාජයෙහි ප‍්‍රචලිත පේ‍්‍රම වෘතාන්තයකි. මේ පිළිබඳව ඇම්. බී. ආරියපාල මධ්‍යකාලීන ලංකා සමාජය කෘතියෙහි මෙලෙස දක්වා ඇත.
”අසොකමාලා දෙවිනං සාබඬං බුබ්බලපනියා
රුපෙනාකිපි යායනෙනා සෙ රාප්පං හෙව කාමයි
දුට්ඨගාමිණි භාතානො සද්ධාතිස්ස තද මචයේ
රජ්ජා කාරෙසි අහිසිහෙනා අට්ඨාරස සමාසමෙර්’’
මෙකී වංශිකයන්ගේ රැහේ නායකයා ”හුලවාලියා’’ යන නාමයෙන් හඳුන්වා ඇත. යටත් විජිත පාලන සමයට පෙර ස්ථිර නිවසක ජීවත් වීමට අවස්ථාවක් නොලද වංශවත් යැයි නම් කරන ලද පිරිස් වෙත යටහත් පහත්ව ආචාර සමාචාර සහ සේවය කරනු ලැබූ පිරිසක් ලෙසත් සමාජයේ විවිධ තාඩන පීඩනයන්ට යටත් වූ පිරිසක් ලෙසත් මොවුන් හැඳින්විය හැකිය. අද්‍යතන සමාජ ක‍්‍රමයෙහි එක් ගෝත‍්‍ර පිරිසක් වශයෙන් සාමූහිකව ජීවත් නොවුන ද උක්ත වංශික පිරිසට සුවිශේෂි වූ කලාංගයන් පිළිබඳ අවධානය යොමු කිරීම වටී. මොවුන් අතර ශී‍්‍ර ලංකාව පුරා විකාශිතව ජීවත් වීම නිසා මහප්පොළ, තිරිංග, මිටංගල, තලින්න, නා පොළ, ඌවෙ, වපොල්ල, නුවරගම, මං ගම, ගල්වෙල, තම්මංකඩ, අල්පග ලෙස වර්ග වශයෙන් බෙදා වෙන් කිරීමක් පැවත ඇත. ආවාහ විවාහ මෙම වර්ග මත පදනම්ව සිදු කර ඇත. අතීතයේ දී මොවුන්ටම ගතික වූ සංස්කෘතික ලක්ෂණයන්වන භාෂාව ගාඩි බස ලෙස හැඳින්වෙන අතර ආටි බස යනු රහස් සන්නිවේදන භාෂාවක් මොවුන් භාවිත කරයි. මෙම භාෂාව අද්‍යතනයේ දී භාවිතය දන්නා පිරිස් ද හිඟය.
ඇඳුම් පැළඳුම් ලෙස ”පිරිමින් ඉණට රෙද්ද ඇඳ අතින් කෝටුවක් ගෙන කද කරේ තබා යයි. ස්ත‍්‍රීන් ඉණට රෙද්ද ඇඳ කිහිල්ලට යටින් බඳී.’’ සිරිත් විරිත් කෙම් විධි මගින් සුවිශේෂී ගෝත‍්‍රයක් ලෙස මොවුන් දැක්විය හැකිය. මෙවැනි සංස්කෘතිකාංගයන්ට අයත් වන නර්තන සහ වාදනාංගයන් ඇසුරෙන් දේශීය නර්තනයට සිදු වූ බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
ගාඩි සමාජය ආශ්‍රේව භාවිත එකැස් බෙර වාදනය, තැටි කැරකවීම, කබේ නැටුම, බෝල උඩ දැමීම වැනි සංස්කෘතිකාංග දේශී්‍ය නර්තනය හා සබැඳි නර්තන, වාදන සහ ගායන මෙන්ම අභිචාර සඳහා ද ඉවහල් වී ඇත. ඉතිහාසගත මූලාශ‍්‍රයන්ට අනුව රොඞ්ඩා එකැස් බෙර ගසන විට රත්නවල්ලි නැටු බවත්, රජ මාළිඟයෙන් නෙරපා හරින විට රජ මාළිඟයෙන් ඔවුන් වෙත ලැබුනේ එකැස් බෙරය සහ තැටිය පමණක් බවත් සඳහන් වුව ද එම අවනද්ධ භාණ්ඩය ලැබුනේ බෙරකාරයාගේ නිවසෙහි රැය පහන් කිරීමෙන් බව ජන ශ‍්‍රැතියෙහි මතයක් පවතී. තූර්ය භාණ්ඩ නාමාවලීන් හී එකැස් බෙර ලෙස දක්වා ඇත. එකැස් බෙරය යනු ආතත ගණයෙහි ලා ගැනෙන බෙරයකි.
ඞී. එල්. අයි. එස්. රන්චාමර,
බාහිර කථිකාචාර්ය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය.
|