ශී‍්‍ර ලාකේය ජන සමාජයෙහි විකාශිත අහිකුණ්ඪක ප‍්‍රජාව

8402

ආදි මානවයාගේ සිට අද්‍යතනය සමාජ ක‍්‍රමය දක්වා විකාශනය වූ මානව ශිෂ්ටාචාරයන් බොහෝය. එලෙස වියැකි ගිය ශිෂ්ටාචාර සම්බන්ධව අවබෝධයක් ලබා ගත හැක්කේ ශේෂ වූ මූලාශ‍්‍රයන්ගෙන් පමණි. නමුත් එවැනි මූලාශ‍්‍ර ශේෂ නොවූ මානව ශිෂ්ටාචාරයන් කොතරම් ප‍්‍රමාණයක් මෙම පෘථිවි ස්ථරයෙහි පවතින්නට ඇත් ද? ඉදිරි වසර කිහිපයකදී ශී‍්‍ර ලාංකේය සමාජ ක‍්‍රමයෙන් දැක ගැනීමට නොහැකි වේ යැයි උපකල්පනය කළ හැකි ජන සමූහයක් ලෙස සංක‍්‍රමණික දිවි පෙවතක් ගෙවන ජන පිරිසකගේ ජන ජීවිතය හා බැඳි චර්යාධර්ම පිළිබඳව කරුණු ගෙන හැර දැක්වීමට මෙම ලිපිය ඔස්සේ අපේක්ෂා කරමි.

නයි නටවන, රිලවුන් නටවන සාස්තර (අනාවැකි) කියන සුවිශේෂී වූ පිරිස් අප දැක ඇති මුත් ඔවුන්ගේ ප‍්‍රභවය, සුවිශේෂී ජන කොටසක් වශයෙන් ඔවුන්ට ආවේණික වූ ලක්ෂණ, ඇඳුම් පැළඳුම්, වත් පිළිවෙත් සහ කලා ශිල්පයන් ආදී ආවේණික ලක්ෂණයන්ගෙන් ඔවුන් ශී‍්‍ර ලාංකේය ජන සමාජයෙහි සුවිශේෂී ජන කොට්ඨාසයක් වෙයි. ශී‍්‍ර ලාංකික අහිකුණ්ඨික/ අහිගුණ්ඨික ජනතාව පිළිබඳව එම්. ඞී. රාගවන් මහතා විසින් (Spoliya Zeylanica (vol xxvll) යන ලිපි සංග‍්‍රහයෙන් ද, කොලට් සේනානායක රචිත ”අහිගුන්ඨිකයෝ අපගේ නැදෑයෝ’’ යන කෘතිය ද, ආචාර්ය එන්. ඞී. විජේසේකර මහතා ”The People of Ceyon’’ කෘතියෙන් ද, චන්ද්‍ර ශී‍්‍ර රණසිංහ මහතා රචිත ”ලංකාවේ අහිගුන්ඨිකයෝ’’ කෘතියෙහි සහ සිංහල විශ්වකෝෂ ආදී කෘතින්හී ලංකාවේ අහිගුණ්ඨික ජනතාව පිළිබඳ සටහන් සඳහන්ව ඇත.

ලෝකයේ බොහෝ රටවල මෙවැනි සංක‍්‍රමණික ජන කොට්ඨාසයන් වාසය කරයි. දීර්ඝ කාළීන ඉතිහිසයකට උරුමකම් කියන ශී‍්‍ර ලාංකික අහිගුන්ඨික ජනතාව ශී‍්‍ර ලංකාවේ සෑම ප‍්‍රදේශයකම පාහේ වාසස්ථාන පිහිටුවා ජීවත් වෙති. මොවුන් උතුරුමැද, වයඹ, නැගෙනහිර ආදී පළාත්බද ප‍්‍රදේශයන්හි බහුලව ජීවත් වෙයි.

ශී‍්‍ර ලාකේය ජන සමාජයෙහි  විකාශිත අහිකුණ්ඪක ප‍්‍රජාව

සිංහල විශ්ව කෝෂ කතුවරයාට අනුව අහිගුන්ඨික යනු ”ස්ථිර වාසස්ථානයක් නැති, කණ්ඩායම් වශයෙන් තැනින් තැන සංචාරය කරන ගෝති‍්‍රක මනුෂ්‍ය වර්ගයා’’ ලෙස දක්වා ඇත. මෙම නිර්වචනය තවදුරටත් විග‍්‍රහ කරනු ලබන විශ්ව කෝෂයෙහි අහිගුන්ඨික පිරිමි පුද්ගලයන් නයි නැටවීමෙන් ද, රිලවුන් නැටවීමෙන් ද හොරකමින් සහ දඩයමින් ජීවත් වන අය ලෙස ද, අහිගුන්ටක කාන්තාවන් අත බලා ශාස්ත‍්‍ර කීමෙන් ද, අහිගුන්ටක කුඩා ළමුන් ”ඩිංගි’’ ගැසීම තුළින් ද තම ජීවිතය රැුක ගැනීමට යමක් කමක් සොයා ගැනීමට තැන්න් තැන සංචාරය කරන බව දක්වා ඇත. උක්ත ජන කොට්ඨාසය පිළිබඳව සිංහල පන්සීය පනස් ජාතක පොතෙහි චම්පෙයිය ජාතකයේ සහ භූවදත්ත ජාතකයන්හී නාග පෙණයෙන් සෙල්ලම් දක්වන්නා අහිගුන්ටිකයා ලෙස දක්වයි. ඓමන්ම ද්‍රවිඩ භාෂාවෙන් ”පාම් බට්ට’’ යන වචනයෙන් ද ඉංග‍්‍රීසි භාෂාවෙන් ”Gypsies’’ යන නාමයෙන් ද අහිගුන්ටිකයන් හඳුන්වයි. එමෙන්ම ”අහිගුන්ටිකයන් අපේ නෑදෑයෝ’’ යන කෘතියෙහි සංචාරක ගෝත‍්‍රය අහිගුන්ටික ලෙස හඳුන්වා දී ඇති අතර නයි නටවන්නෝ, රිලා නටවන්නෝ, නයි කාරයෝ, නයි පනික්කයෝ, රිලා පනික්කයෝ, මද්දිලියෝ, ගල් කොටවන්නෝ, පච්චා කොටන්නෝ අහිගුන්ටිකයන් යන නාමයෙන් හඳුන්වා දී ඇත.

ශී‍්‍ර ලාංකේය අහිගුන්ටික ප‍්‍රජාව සහ ඉන්දියාවේ වෙසෙන ”කූරවර්’’ හෙවත් ”කොරවර්’’ ගෝත‍්‍රයන් බෙහෙවින් සමාන ලක්ෂණ පෙන්වයි. එමෙන්ම ශී‍්‍ර ලංකා අහිගුන්ටිකයන් භාවිත කරනු ලබන භාෂාව තෙළිඟු භාෂාවෙන් පෝෂණය ලද ඔවුන්ටම අනන්‍ය භාෂාවක් ලෙස දැක්වීම වටී.

මෙහිදී මාමඩු (තාන්තා), ඔම්මා (අම්මා), අත්තම්මා (නැන්දා), පිනම්මා (පුංචි), පෑද්දබ්බා (මහප්පා), කෙල්ලි (නංගි), මන්නා (අයියා), මූසිලම්මා (ආච්චි) වැනි ඥාති නාමයන් තෙලිඟු බසට අයත් වචන වෙයි. නමුත් ඔවුන් කුමන කාලයක, කුමන හේතුවක් අරඹයා ශී‍්‍ර ලංකාවට සංක‍්‍රමණය වූවා ද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් කිසිදු ග‍්‍රන්ථයක සඳහන්ව නැත. අහිගුන්ටික සමාජය පිළිබඳ කරුණු ආවරණයේ දී,

⋆ ගෝත‍්‍ර සංවිධානය

⋆ අහිගුන්ටික අධිකරණ රටාව

⋆ නිවාස සහ ගෘහ උපකරණ

⋆ ජීවනෝපාය

ආදි කොටස් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය. මොවුන් කණ්ඩායම් වශයෙන් ජීවත් වන අතර එම කණ්ඩායම් නායකයා ”ආරච්චි’’ නොහොත් ”ආරච්චිල්’’ නම්න් හඳුන්වයි. මේ සඳහා වැඩිහිටි පිරිමි පුද්ගලයකු එම වර්ගයා අතරින් පත් කරනු ලබයි. මොහු ඔවුන්ගේ අධිකරණ නායකයා ද වෙයි. ඔහු ඉවත් කිරීම ද එම ගෝත‍්‍ර ප‍්‍රජාවගේ සාමූහිකත්වයෙන් සිදු වෙයි. මෙලෙස ඔවුන් කණ්ඩායම් රැුස්වෙන වාසසථානය ”කුප්පායම්’’ නම්න් හැඳින්වෙයි. ප‍්‍රාදේශීය වශයෙන් කුප්පායම්වලට බෙදී සිටින සියලූ පිරිස් එක් ස්ථානයකට රැුස් වී දීපවාලි උත්සවය සමරයි. මෙහිදී ආගමික වතාවත් ඉටු කිරීමට, ඔවුන්ගේ ප‍්‍රශ්න ගැටලූ විසඳීමට, ගෝත‍්‍රයේ ආවාහ විවාහ, ගිවිසුම්, සංචාරය කරන පළාත් තීරණය කිරීම සහ ජීවනෝපාය මාර්ගයන්හී මිල ගණන් තීරණය කිරීම ද මෛ රැස්වීමේදී සාකච්ඡුා කරනු ලබයි.

උක්ත ගෝත‍්‍රය තුළ පැන නඟින ප‍්‍රශ්න විසඳීම සඳහා අධිකරණයක් ඔවුන් අතින්ම පත් කරගනු ලබයි. මෙම යුක්තිය පසිඳලීමේ කාර්යයේ දී ”ආරච්චිගේ’’ ප‍්‍රධානත්වයෙන් රැුස්වන අධිකරණ සභාවේ පැමිණිල්ල විභාග කරනු ලබන්නේ පැමිණිලි භාර පක්ෂය දෙනු ලබන ”මධ්‍යපානය’’ සංග‍්‍රහයෙන් පසුවය. මෙය විත්තිකාර පාර්ශ්වයට ද ලබා දෙනු ලබයි. මෙහි දී විත්තිකාර පාර්ශ්වයෙන් සහ පැමිණිලිකාර පාර්ශ්වයෙන් අධිකරණ ගාස්තු වශයෙන් සමාන මුදලක් අයකර ගනු ලබයි. මෙම සභාවේ විනිශ්චයකරුවන් අදාළ ගෝත‍්‍රයෙහි චාරිත‍්‍ර වාරිත‍්‍ර, සම්ප‍්‍රදාය සහ සම්මතයන් පිළිබඳව පරිණත පුද්ගයන් වන බැවින් මෙම අධිකරණය මගින් ලබා දෙනු ලබන තීරණ පිළිගැනීමට මොවුන් පුරුදුව සිටී. එහෙත් මෙම සභාවෙන් ලබා දෙන තීරණයක් පිළිබඳව පැමිණිලිකාර පාර්ශ්වය සෑහීමට පත් නොවේ නම් ”කෝරළමාව’’ නම් වූ අධිකරණය වෙත ඔවුන්ගේ නඩුව ඉදිරිපත් කළ හැකිය. ”කෝරළමාව’’ නම් වූ විනිශ්චයකාරවරයකු ඇත්තේ කණ්ඩායම් හතකට එක් අයෙකු ලෙසිනි. එමෙන්ම අධිකරණයෙන් සම්මත නොවන නඩුවක් සඳහා දිවිරුම් පරීක්ෂණයකට ලක් කිරීමක් සිදු වෙයි.

මෙහි දී රත් ව තෙල් බඳුනකට විත්තිකරු දකුණතේ දබර`ගිල්ල බහාලීම සිදු කළ යුතුය. ඒ අනුව ඔහුගේ ඇඟිල්ලෙහි සම ගැලවී ගියහොත් ඔහු වරදකරු ලෙස ද සම නොගැළවී ගියහොත් ඔහු විවැරදිකරු ලෙස ද පිළිගනී. එමෙන්ම මොවුන්ගේ සුළු සුළු නඩු විසඳුම් සඳහා දිවුරුම් ක‍්‍රම භාවිත කරයි. පූජනීය ප‍්‍රදේශයකදී විත්තිකරු උදෙසා එක හැලියක් ද පැමිණිලිකරු උදෙසා තවත් හැලියක් ද සමානව ජලය සහ සහල් දමා සමාන ප‍්‍රමාණයට දර ද දමා එකවර ලිප ගිනි මොළවා ලිපෙහි තබන සහල් හැලියන්හි බත කලින් පැසෙන තැනැත්තා නිවැරදිකරු ලෙස පිළිගනියි. එමෙන්ම බහු පුරුෂ සේවනයෙහි යෙදෙන කාන්තාවන් සම්බන්ධයෙන් නැවුම් දිය බඳුනක දිය පුරවා බුලත් කොළ තුනක් පා කොට ”කුප්පායම’’ වටා කළය හිස මත තබා ගෙන යනු ලබයි. බුලත් කොළ තුන ජල බඳුනේ පතුලට ගිලී ගියහොත් එම තැනැත්තිය වරදකාරිය බවට පත් වෙයි. එමෙන්ම සුළු වරදක් කරනු ලබන පුද්ගලයන්ට එයින් මිදීම සඳහා දේවාලයට ගොස් කපුරු පහන් දල්වා එය අතින් නිවීමෙන් එම වරදින් මිදීමට ප‍්‍රමාණවත් බවට ඔවුන් අතර මතයක් පවතී.

සංචාරක දිවි දෙවතකට හුරු වූ අහිගුන්ටික ජනයා අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා වීම සඳහා තාවකාලිකව තනනු ලබන නිවහන ”නා ඉල්ල’’ නැතහොත් ”නා ඉල්ලම’’ ලෙස ද හඳුන්වයි. තල් අතු, පොල් අතු, ගස් කණු, වැල් භාවිත කර කුඩාරම් ආකාරයට මෙම නිවහන් තනනු ලබයි. එක ළඟ පිහිටන මෙම කූඩාරම් අතර පරතරය අඩි දහයක් පමණ වෙයි. පැඳුරු, ඇඳුම් පැළඳුම්, හැලි වළං ආදී උපකරණ හා භාණ්ඩ තැන්පත් කරනු ලබන්නේ ද නිදා ගැනීම, විවේක ගැනීම සහ කෑම පිසීමේ කාර්යය ද සිදු කරනු ලබන්නේ මෙම කුඩා නා ඉල්ලම තුළය. මස්කන් (පිහිය), රෝලූ (වංගෙඩිය), නාලෙ (බේසම), ඉරමන් (හිරමනය), සත් (කුල්ල), පස්රායි (ඇඹරුම්ගල), පිපෙට්ටි (නයි පෙට්ටිය) ආදි නම් ඔවුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා භාවිත කරනු ලබයි. එමෙන්ම නයා, රිලවා, බුරුවා සහ බල්ලා යන සතුන් ද ඔවුන් සමඟ වාසය කරනු ඇත. එමෙන්ම අහිගුන්ටකයන් වාඩි ගැසූ තැනක ඔවුන්ට සතියකට වඩා වාසය කළ නොහැකි බවට ද මතයක් සිංහල ජන සමාජයෙහි පවතී.

තම මූලික ජීවනෝපායෙන් පරිබාහිරව දඩයම මගින් ද ඔවුන් තම ආහාර අවශ්‍යතා ඉටු කර ගනියි. නයි නැටවීමට මෙන්ම නයි ඇල්ලීමට ද ඔවුන් සමත්කම් දක්වයි. උපක‍්‍රමශීලීව අල්ලා ගනු ලබන නාගයාගේ විශ දළ ඉවත් කිරීමක් ද මෙහිදී සිදු කරනු ලබයි. ඔවුන් නයි නැටවීම සඳහා තිත්ත ලබු ගෙඩියකට බට බම්බුවක් සවි කිරීමෙන් නිර්මාණය කරගනු ලබන නයි නලාව යොදා ගනී. එමෙන්ම කැළයෙන් අල්ලා ගනු ලබන රිලා පැටවුන් නැටවීම මගින් ද ඔවුන් මඩිය තර කර ගනු ලබයි.

දවල්ට සුළු ආහාරයක් සහ රාති‍්‍රයට ආහාර පිසීමේ රාජකාරීන් භාරව ඇති බැවින් අහිගුන්ටක කාත්තාවන් තම වාසස්ථාන ආසන්න ප‍්‍රදේශයක සිට ඔවුන්ගේ ජීවනෝපාය සිදු කර ගනියි. ඔවුන් ප‍්‍රධාන වශයෙන් ”ශිව ආගම’’ අදහනු ලබයි. අපල උපද්‍රව, මරණ, ව්‍යසන සඳහා බලපානු ලබන බලවේගය ”කිලි දෝෂ’’ යැයි ඔවුන් තරයේ විශ්වාස කරයි. ඔවුන්ගේ ප‍්‍රියතම විනෝදාංශය ලෙස කතා/කතාන්දර කීම, ”තප්පු, මවුඩි’’ ආදි වූ වාද්‍ය භාණ්ඩ වාදනය කරමින් නර්තන සහ ගායන ඉදිරිපත් කිරීම සිදු කරනු ලබයි.

විවෘත ආර්ථිකය, කාර්මීකරණය, තාක්ෂණයෙහි දියුණුව ආදි හේතුන් නිසා සංස්කෘතිය නම් වූ ජාතිකත්වය සම්බන්ධ මූලිකාංගයන් වෙනස් වීමට බලපායි. ඕනෑම ප‍්‍රධාන සංස්කෘතියක් තුළ ඒවා හා සම්බන්ධ උප සංස්කෘතීන් පවතියි. උක්ත මාතෘකානුකූල ප‍්‍රජාව වනාහි පවතින සමාජ ක‍්‍රමයට අනුගත වීමට උත්සහ කරන සමාජ කොට්ඨාසයකි. එම නිසා ඔවුන් සතු වූ බස්වහර, සිරිත් විරිත්, ජීවනෝපාය ආදී වූ ආවේණික සංස්කෘතික ලක්ෂණ ඔවුන් අතරින් දුරස්ථව පවතියි. අද්‍යතනයේදී ඔවුන්ගේ ජානාවාස ද දෘශ්‍යමාන නොවෙයි. ඔවුන් හඳුන්කූරු තැනීම, කතුරු මුවහත් කිරීම වැනි වෘත්තීන් මගින් ඔවුන්ගේ ජීවිකාවන් කරගෙන යෑමට අපේක්ෂා කරයි.

බුද්ධකාලීන සමාජයෙහි සිට පැවත එන බවට මූලාශ‍්‍රයන් හී දැක්වෙන මෙම ජන කොට්ඨාසය ශ‍්‍ර‍්‍රී ලාංකේය ජන සමාජයේ විකාශනය වූ ගතික ලක්ෂණයන්ගෙන් හෙබී ජන කොට්ඨාසයකි. අද්‍යතනයේ දී අතීතයේ මෙන් සුලබව දැකිය නොහැකි වුවද පූජාස්ථාන ආශී‍්‍රතව අදටත් පෙර පුරුදු ජීවිකාව කරගෙන යනු ලබයි. අනාගතයේදී මෙම ජන කොට්ඨාසය නාගරීකරණය වීම මගින් ඔවුන්ට සුවිශේෂී, ආවේණික, ගතික ඇවතුම් පැවතුම්වලින් මිදී සාමාන්‍ය පුද්ගලයන් ලෙස ජීවත් වන්නට උත්සහ කරනු ඇත. නමුත් මෙවැනි ජන කොටසක් ශී‍්‍ර ලංකා භූමිය තුළ වාසය කළ බවට අනාගත ප‍්‍රජාවට සාක්ෂියක් ලෙස දැක්වීමට ශී‍්‍ර ලංකාවේ විකාශිත අහිගුන්ටික ප‍්‍රජාව විශේෂාංග ලිපිය මෙසේ දක්වන්නට විය.

ඞී. එල්. අයි. එස්. රන්චාමර
බාහිර කථිකාචාර්ය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment