88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී තිබේ. පසුගිය සිකුරාදා බ්‍රොන්කයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට පාප් වහන්සේ රෝමයේ ගෙමෙලි රෝහලට ඇතුළත් කරනු ලැබීය. නමුත් දැන් වෛද්‍යවරුන් පවසන්නේ උන්වහන්සේගේ පෙනහළුවල ‘සංකීර්ණ ආසාදනයක්’ සිදුව ඇති බවයි.
පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ නායකයා ලෙස වසර 12 ක් පුරා කිහිප වතාවක්ම රෝහල්ගත කර ඇති අතර වයස අවුරුදු 21 දී පෙනහළුවලින් කොටසක් ඉවත් කිරීම හේතුවෙන් ජීවිත කාලය පුරාම උන්වහන්සේ සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දී තිබේ. උණ නොමැතිව වුවද, උන්වහන්සේගේ තත්ත්වය අනුව දිගු කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය යුතු බව වෛද්‍යවරුන් තීරණය කර තිබේ.
චතුර පමුණුව