ශෙයික් හසීනා යළි එන බව ඇගේ පුතු පවසයි

582

බංග්ලාදේශයේ භාරකාර රජය විසින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශෙයික් හසීනා යළි එරටට පැමිණෙනු ඇති බව ශෙයික් හසීනාගේ පුත් සජීබ් වසීඩ් ජෝයි විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

බංග්ලාදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම පිටුපස පාකිස්තානය සිටින බවට ද සජීබ් වසීඩ් විසින් චෝදනා කරයි.

රට තුළ නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීම සඳහා පාකිස්තාන අයි. එස්. බුද්ධි අංශය ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති බවද ඔහු පවසයි.

බංග්ලාදේශයේ ඇතිවූ තත්ත්වයට විදේශීය මැදිහත්වීමක් පවතින බවට නිරීක්ෂණය වී ඇති බව පෙන්වාදී ඇති සජීබ් වසීඩ් පාකිස්තාන අයි. එස් බුද්ධි අංශය ඊට සම්බන්ධ බවට සාක්ෂි පවතින බවද සඳහන් කර ඇත.
මේ වන විට ඇය නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය ගුවන් හමුදා කඳවුරක රැඳී සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment