ශ‍්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන 268 වන මහා පෙරහැර මංගල්‍යය

204

මහනුවර ඇසළ මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර හෙට (22) දින රාති‍්‍ර වීදි සංචාරය කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

 සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ආදාහනය කළ කුසිනාරා නුවර මල්ලව රජදරුවන්ගේ උපවර්තන සල් උයනේ දී අකු ධාතුන් වහන්සේ දෙනමත්, ලලාට ධාතුන් වහන්සේ, ග‍්‍රීවා ධාතුන් වහන්සේ හා සතර දළදා වහන්සේ පමණක් ඉතිරි වී සෙසු ධාතූන් වහන්සේලා අබ පියලි මුන් පියලි ප‍්‍රමාණයට කැඞී ඉතිරි වූ බව මහා පරිණිබ්බාණ සූත‍්‍රය ආදී ඓතිහාසික වාර්තා අනුව සඳහන් වේ. එම සතර දළදා වහන්සේ එක නමක් තව්තිසා දෙව්ලොව ද එක නමක් නාගපුරයෙහි (නාග ලෝකය හෝ වර්තමාන නාග්පූර්*, එක නමක් ගන්ධාර දේශයේද, එක නමක් කලිගු රටේ ද වැඩ වසති. මේ අනුව නාග පුරයෙහි වැඩ විසූ ශ‍්‍රී දකුණු දළදා වහන්සේ දැනට පොළොන්නරුවේ බුදුරැුස් විහිදෙන සෝමවතී චෛත්‍ය රාජයා තුළ ද, එක නමක් වර්තමාන පකිස්තානයේ  කෞතුකාගාරයක සුරක්‍ෂිතව වැඩ වෙසෙති. වාම ශ‍්‍රී දළදා වහන්සේ දැනට රන් රිදී මුතු මැණික් වලින් සමන්විතව සියැසින් දැකබලා ගැනීමේ භාග්‍ය උදාකරමින් මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ වැඩවසන සේක.

ශ‍්‍රී දළදා වහන්සේ උදෙසා  පවත්වන 268 වන  මහා පෙරහැර මංගල්‍යය
නුවර පෙරහැර 1885

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිණිවන්පා වසර 218 ක් ගතවන මොහොතේ මහා භාරතයේ අධිරාජයා බවට පත් වූ ධර්මාශෝක මහරජතුමා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව යුද්ධයෙන් මියගිය නිසා අසීමිත සංවේගයට හා දුක්ඛදෝමනස්සයන්ට පත් වූයේ නව හැවිරිදි නිග්‍රෝධ රහතන් වහන්සේ දැක ඉමහත් සතුටට පත් වූ මොහොතේ මහකෙළ නාගරාජයා විසින් මවා පෙන්වන ලද සම්බුද්ධ ශරීරය හෙවත් බුදුරජාණන් වහන්සේ බුද්ධ කාය දැක ඉමහත් බුද්ධාලම්භන ප‍්‍රීතියට පත්වී, මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගෙන් ධර්මය පිළිබඳ අවබෝධයක් ලබාගත් රජතුමා අසූභාරදහසක් ධර්මස්ඛන්ධය පිළිබඳ අසා වෙහෙර විහාර අසූහාරදහසක් සාදවා එකම දිනයේ ඒවායේ නිධානෝත්සව ආදිය සිදුකරමින් ඉන් අනතුරුව 3 වන ධර්ම සංඝායනාවද පවත්වා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සැලසූ ආකාරයත් ස්වකීය පුතණුවන් වන මිහිඳු මහරහතන් වහන්සේ, දියණිය වන සංඝමිත්තා ථෙරණියත් ශ‍්‍රී ලංකාද්වීපයට එවා සම්බුද්ධ ශාසනය පිහිටුවීමට මූලාධාර වීම ද ධර්මාශෝක මහරජතුමන්ගේ සුවිශේෂී උදාරතම සාශනික සද්ක‍්‍රියාවයි.

 ඉන් අනතුරුව රජතුමා සම්බුද්ධ දේහය සියැසින් දැක අපමන බුද්ධාලම්භන ප‍්‍රීතියට පත් වූයේ සම්බුද්ධ රූපය ප‍්‍රතිමාවකට නගා බුදුරජාණන් වහන්සේ උදෙසා පෙරහැර පාඨලී පුත‍්‍ර, ඉසිපතන, ලූම්බිණි, කුසිනාරා, සාංචි ආදී බෞද්ධ සිද්ධස්ථානවල පවත්වා තිබෙන අයුරු තෙන්නකෝන් විමලානන්ද මහතා ද සඳහන් කොට ඇති අතර, ධර්මාශෝක අධිරාජ්‍යා රාජ්‍ය කළ පාඨලීපුත්ත නගරයේදී බුද්ධ ප‍්‍රතිමා සහිත පෙරහැරක් පිළිබඳ විසිතුරු වර්ණාවක් චීන ජාතික පාහියං භික්‍ෂූවගේ වාර්තාවල සඳහන් වේ. එකී වාර්තා අනුව සෑම අවුරුද්දේම දෙවන මස අටවක දා බුදුරදුන්ට උපහාර දැක්වීම පිණිස පිළිම පෙරහැරක් පැවැත් වූ අතර ඒ සඳහා රෝද සහිත රථත් උණ ලීයෙන් සාදන ලද අඩි 20 ක් පමණ උසැති මාලක සාදා ඒවා තුළ බුද්ධ රූප තැන්පත් කොට විවිධ දේවතා රූපයන්ගෙන් අලංකාර කරන ලද රන් රිදී මුතු මැණික්වලින් සරසන ලද ධජ පතාක වියන් ආදියෙන් සමන්විතව සතරකොණ චෛත්‍ය ගෘහ හතරකින් සමන්විත එවැනි රථ විස්සක් පමණ පෙරහැර සඳහා යොදාගත් බවත් එකී පෙරහැර දිනයන්හි සියලූ භික්‍ෂූහු ද ගිහි පිරිස ද එක්රැුස්ව සුවඳ දුම් මල් ආදිය පුදමින් නැටුම් ගැයුම් වාදන ද පැවැත් වූ අතර, බමුණන් එතැනට පැමිණ සියලූ බුද්ධ ප‍්‍රතිමාවන් පිළිගත් ආකාරය ද සඳහන් කොට ඇත.

 පාහියංගේ මෙබඳු වාර්තා අනුව අශෝකාධිරාජ්‍ය සමය පටන්ම බෞද්ධ සංස්කෘතියට පෙරහැරවල අංගයන් ඇතුළත් වූ ආකාරය දැක් වේ.

 සංඝමිත්තා මහරහත් ථෙරණිය ද ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරවීමේ දී පෙරහැරට සම්බන්ධ වූ බව සඳහන් කර ඇත. එතැන්පටන් ලක්දිව පෙරහැර ද ආරම්භ වන්නට ඇතැයි සැලකේ. ධර්මාශෝක අධිරාජයා ද පැලලූප්නුවර සිට බුද්ධගයාවේ ශ‍්‍රී මහා බෝධිය දක්වා මාර්ගය සරසා පෙරහැර පැවැත් වූ ආකාරයත් සඳහන් වේ. දුටුගැමුණු රජතුමා ද ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ස්වාර්ණමාලී මහ සෑය තුළ නිදන් කරණ මොහොතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයම සියැසින් දැක අසීමිත බුද්ධාලම්භන ප‍්‍රීතියට පත් වූ ආකාරයත් මහාවංශයේ සඳහන් වේ. ඒ අනුවම පසුකාලීන කලාකරුවන් අනුරාධපුරයෙහි සමාධි බුද්ධ ප‍්‍රතිමාවහන්සේ නෙළා නොයෙක් පෙරහැර ආදී උත්සව පැවැත් වූ ආකාරය ද සිතිය හැක.

 මේ අයුරින් පෙරහැර බෞද්ධ සංස්කෘතියේ අංගයක් බවට පත් වූ අතර, අද මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ වැඩවසන වාම ශ‍්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන පෙරහැර එදා ගුහසීහ රජු මරණයට පත්වීමෙන් අනතුරුව හේමමලා, දන්ත කුමරු දෙපළ දළදා වහන්සේ නොයෙක් උවදුරු මධ්‍යයේ ලංකාවට වැඩමවා රා. ව. 301 දී කිත්සිරිමෙවන් රජුට භාරදීමෙන් අනතුරුව රජතුමාට ඇති වූ සැකය දුරලමින් දළදා වහන්සේ අහසට පැනනැග ප‍්‍රාතිහාර්යය පෑ ආකාරය දැකීමෙන් අසීමිත බුද්ධාලම්භන ප‍්‍රීතියට පත් රජතුමා දළදා වහන්සේ රජගෙදරට වැඩමවා සිංහාසනයේ වඩා හිඳුවා නොයෙක් පුද පෙරහැර පවත්වමින් මුළු ලක්දිවම තුන් වතාවක් දළදා වහන්සේට පූජා කළ ආකාරය මහාවංසය ආදී ග‍්‍රන්ථයන්හි සඳහන් වේ.

 එතැන්පටන් අභයගිරියෙහි ද දළදා වහන්සේ වඩා හිඳුවමින් රාජ්‍ය සංකේතය බවට පත්කොට සෑම රජ කෙනෙක්ම ස්වකීය මාලිගාවේම තබමින් පුද පූජා පවත්වමින් බුද්ධෝපස්ථානය කළ ආකාරය සඳහන් වේ. අනුරාධපුර යුගයෙන් පසු පොළොන්නරු යුගයේද විජයබා, පරාක‍්‍රමබාහු හා නිශ්ශංකමල්ල ආදී රජවරුද ඒ ආකාරයෙන්ම දළදා වහන්සේ සඳහා පුද පෙරහැර පැවැත් වූහ. කාලිංග, මාඝ, චන්ද්‍රභාණු ආක‍්‍රමණ නිසා දඹදෙණියට රාජධානිය ගෙන ගිය අතර, භික්‍ෂූන් වහන්සේ ද දළදා වහන්සේ හා පාත‍්‍රා ධාතූන් වහන්සේ කොත්මලේ පුසුල්පිටිය සමීපයෙහි සපුගහක ස`ගවා බුරුමයට පැන ගියේය. 2. වන පරාක‍්‍රමබාහු රජතුමා ස්වකීය මාළිගාව සමීපයහිම දළදා මාළිගාවක් සාදා නොයෙක් පුද පූජා පැවැත් වූ අතර, පරසතුරු ආක‍්‍රමණ හා රාජ්‍ය තුළ ඇති වූ ගැටුම් නිසාත් දළදා වහන්සේ රැුගෙන ගම්පොලටද, එයින් කෝට්ටේ ද ගෙනගිය අතර, සිතාවක රාජසිංහ රාජ්‍ය කාලය වනවිට දළදා වහන්සේ රත්නපුරය කුරුවිට, දෙල්ගමුව රජමහ විහාරයේ කුරහන්ගල යට ස`ගවා තබමින් රහසිගතව පුද පූජා පැවත් වීය. පළමු රාජසිංහයන් නිසා ඇති වූ සම්බුද්ධ ශාසනයේ විනාශයත් එකදු උපසම්පදා භික්‍ෂුවක්වත් නැති වූ අතර, ධර්ම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ ද විනාශයට පත්විය. නැවත රා. ව 1542 දී වික‍්‍රමබාහු රජතුමා කන්දඋඩරට සෙන්කඩගල රාජධානිය පිහිටුවාගෙන රජගේ සමීපයෙහි දෙමහල් පෝය ගෙයක් බඳවා, ඒ සමීපයෙහි දාගැබෙහි පාත‍්‍රා ධාතූන් වහන්සේ නිදන්කොට පෝයමළු විහාරය නමින් නම් තබා ඒ අවට වෙහෙර විහාර 86 ක් සාදවා උපසම්පදා භික්‍ෂූන් වහන්සේ 355 නමක් ඇති කොට ධර්මකීර්ති හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් සම්බුද්ධ ශාසනයෙහි කටයුතු සැලසවූ ආකාරය මහාවංශයේ 92 පරිච්ජේදයෙහි දැක්වේ.

 පළමු විමලධර්මසූරිය රාජ්‍ය කාලයේදී  දෙල්ගමුවේ සිට මහනුවරට වැඩමවා මාලිගාවක් සාදවා එහි තැන්පත් කොට පෝයමළු විහාරයේ හා අස්ගිරි විහාරයේ භික්‍ෂූන් වැඩමවා පුදපූජා පැවැත් වූ ආකාරය ද මැනවින් සඳහන් වේ.

 ධර්ම ශාස්ත‍්‍රීය අධ්‍යාපනය වැඩිදියුණු කළ වැලිවිට සරණංකර හිමියන් ඇතුළු මහා විහාරයීය භික්‍ෂූන් වහන්සේ, සියම් රටෙන් උපසම්පදාව වැඩම වූ උපාලි හිමියන් ඇතුළු භීක්‍ෂූන් වහන්සේත් සතර දේවාල පෙරහැර බලන අවස්ථාවේදී දළදා වහන්සේ උදෙසා ද මෙවන් පෙරහැරක් පැවැත්වීම සුදුසු යැයි කරන ලද යෝජනා හා අදහස් ද, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමාට ඉදිරිපත් කළෙන් රජතුමා අසීමිත සතුටට පත්ව පෙරහැරක් සංවිධානය කරවා සතර දේවාල පෙරහැරට පෙරටුව වීදි සංචාරය කිරීමට සැලැස් වීය.

 දළදා වහන්සේ උදෙසා මෙවන් පෙරහැරක් කි‍්‍ර. ව. 112 දී ගජබා රජතුමා සොලීන් විසින් පැහැරගෙන ගිය පාත‍්‍රා ධාතූන්වහන්සේ හා දේවාභරණත් සිංහලයන් 12000 ක් හා මැරූ අය වෙනුවට ගෙනා සොලීන් 12000 සම`ග 24000 ක් ගෙනවුත් පුද පෙරහැර පැවැත් වූ ආකාරය පූජාවලිය, රාජාවලිය හා පැරකුම්බා සිරිතේ සඳහන් වන අතරම එකී ගජබා රජතුමා විසින් ක‍්‍රිව. 112 දී සෝමාවතියේ පිහිටුවා ඇති සෙල්ලිපියේ සඳහන් අයුරින් එම විජයග‍්‍රහණයෙන් සතුටු වූ භික්‍ෂූන් වහන්සේ ‘‘යුද්ධ ජයග‍්‍රාහක’’ යන ගෞරව නාමය එකී රජතුමාට පිරිනැමූ ආකාරය එම සෙල්ලිපියේ සඳහන් වන අතර, රජතුමා රාජකීය ඇළක් කප්පවා එම ප‍්‍රදේශය මණිඅගිය හෙවත් සෝමවතී විහාරයට පිදූ බව සඳහන් වේ.

 මේ අයුරින් වර්ෂ 1700 ක් පමණ කාලයක් මුළුල්ලෙහි පවත්වාගෙන ආ මෙම පෙරහැර බි‍්‍රතාන්‍ය පාලකයන් නැවැත් වීය. එකල දැඩි නිය`ගයක් ඇති විය. මෙයට හේතුව පෙරහැර නොපැවැත්වීම නිසා යැයි භික්‍ෂූන් වහන්සේ හා බෞද්ධ ජනතාව ප‍්‍රකාශ කළ බවත් එසේ නම් පෙරහැර පවත්වා වැසි වස්සන ලෙස බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා අභියෝග කළේය.

 මල්වතු අස්ගිරි විහාරයීය භික්‍ෂූන් වහන්සේත් බෞද්ධ පිරිසත් එකතු වී චාරිත‍්‍රානුකූලව පෙරහැර පටන්ගෙන දෙවන දිනයේම දැඩි නිය`ගය අවසන් කරමින් මහා වැසි ඇදහැලී මහා  ගංවතුරක් ඇති වූ ආකාරය දළදා වතුර නම් ග‍්‍රන්ථයේ සඳහන් වේ.

 ඉංග‍්‍රීසීන්ට යටත්වීමෙන් පසු වසර කීපයක් පෙරහැර නොපැවැත් වූ අතර, ක‍්‍රි.ව. 1828 මැයි 29 වැනි දින සර් ඇඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරතුමාගෙන් අවසර ලබාගත් රදලවරුන් විසින් මුලපටන්ම පවත්වාගෙන ආ පැරණි සම්ප‍්‍රදායානුකූලවම පෙරහැර පැවැත් වූ බව සඳහන් වේ. අනතුරුව දර්ශනීය පෙරහැරකින් ආණ්ඩුකාරතුමා  මාළිගාවේ දළදා වහන්සේ වැඩවසන කුටියට පමුණවා පෙරහැරේ වැඩමවන කර`ඩුව එතුමාඅතටදී ගෙනවුත් සරසා ඇති ඇතාපිට රන්සිව්ගෙහි තැන්පත් කරන ලදි.

 ඊට පසු පල්ලෙ ගම්පහ නිලමේ සහ රඳලවරුනුත් මළුවට අවුත් මහ නිලමේ විසින් පෙරහැර සූදානම් කිරීමට උපදෙස් දුන් සැටි මෙසේ දැක්වේ.

 පළමු ඇත්තු 03 සහිත හස්ථියා කොඩිය සහ වෙනත් අත්කොඩි පිලි ඇතුළු රිදී අංකුසයක් අතින්ගත් ගජනායක නිලමේ, 02 මහකොඩිය හා වෙනත් අත්කොඩි ඇතුළු රිදී පටිස්තානයක් අතින්ගත් කොඩිතුවක්කු ලේකම් හා පිරිස, 03 සතරකෝරළේ ඉර සඳ කොඩිය හා අත් ගොඩි රන් හා රිදීවේවැලක් අතින් ගත් එම දිසාව ඇතුළු පිරිස, 05 වෙනුව මාතලේ දිසාවේ සුදුසු කොඩිය හා අත් කොඩිය ඇතුළු රිදී පටිස්ථානයක් සහිත එම දිසාව හා පිරිස, 06 වෙනුව සබරගමු දිසාවේ පටරෙදි කොඩිය ඇතුළු රිදී පිටිස්ථානයක් අතින්ගත් එම දිසාව හා පිරිස, 07 වෙනුව කෝරළ තුනේ භේරුණ්ඩය කොඩිය සහ එම පිරිස, 08 වෙනුව වලපනේ දිසාවේ මයුරයා කොඩි හා අත් කොඩිය ඇතුළු රිදී පටිස්තානයක් අතින්ගත් එම පිරිස,

 09 වෙනුව උඩපළාත දිසාවේ නෙළුම්මල් කොඩිය ඇතුළු රිදී පටිස්තානය අතින්ගත් එම දිසාව ඇතුළු මොහොට්ටාල ආදි පිරිස පිළිවෙළින් දළදා කර`ඩුව ළ`ග පෙළ ගැසීම, 10 වෙනුව දළදා මාළිගාවේ කොඩි පිළිබඳ සිංහාරක්කාරයෝද නැට්ටුවන් හා බෙරකාරයෝද තලි කාරයෝද, තම්බෝරු කාරයන් සහ පුරම්පේත්තු කාරයෝද, නාගසින්නම් කාරයෝද, සක්දුර කාරයෝද, අත්පන්දම් කාරයෝ ද, කීලපන්දම් කාරයෝද, නීලපන්දම් කාරයෝද දෙපස සැදී සිටියහ. 20 වැනිව රිදී දවල පත‍්‍රයක් අතින්ගත් මොරටේ දේවාලයේ බස්නායක නිළමේ,රිදී පලිහක් අතින්ගත් පත්තිනිදේවාලයේ බස්නායක නිලමේ, සුදු සෙමර වල්විදුනාවක් අතින්ගත් රන්කොත් දිවෙල රාළහාමි යන තුන්පොල රත්තරන් වැඩ ඇති රක්ත වර්ණ, තාප්ප සැට්ටයක් පොරවාපු කිරිඔරුවේ ඇත්නාම්බා පිටද, දකුණු පසින් රිදී ධවල පත‍්‍රයක් අතැති වේගිරියේ අම්බැක්ක දේවාලයේ බස්නායක නිලමේ, රතුවිල් ගෙඩි සේසතක් අතින්ගත් අතපත්තු ලේකම් රාළහාමි, රිදී පළිහක් අතතැති හ`ගුරන්කෙත දේවාලයේ බස්නායක නිලමේ, රිදී වැඩ ඇති රතු කාප්ප හැට්ටයක් පොරවාපු වල්ලියා යන ඇත්නාම්බා පිටද, වම්පස රිදී ධවල පථ‍්‍රයක් අතැති තුවක්කුකාර ලේකම් රතුවිල්ලොඩි සේසතක් අතින් ගත් කිරිඳිගල්ලේ දේවාලයේ බස්නායක නිලමේ, රිදී පලිහක් අතින්ගත් ගණේගොඩ දේවාලයේ බස්නායක නිලමේ යන තුන් පොල රිදීවැඩ ඇති රතුකාප්ප සැට්ටයක් පෙරවූ බුලත්ගමයා යන ඇත්නාම්බා පිටද.

 21 කසකාරයෝද, පල්ලේගම් පහේ මහ නිලමේද, මාතලේ දිසාව, උඩපළාතේ දිසාව, දළදා මාළිගාවේ දියවඩන නිලමේ හා ගජනායක නිලමේ, 22 ගිනිදැල් වූ රිදී පන්දම් ද 23 වැනිම රන් තහඩු පටකඩදාසි ආදියෙන් කළ විසිතුරු මල්ගස් ගත් පිරිසද, 24 පටවස්ත‍්‍රාදී නොයෙක් වටිනා වස්ත‍්‍රවලින් සර්වාංගය වැසූ සැට්ටයක් හා කුම්බස්තලයට රන්බොක්කාල දෙකක් ද හිසට වටිනා මැණික් බඳිනා ලද ස්වර්ණමය වු ලක්‍ෂමී රූපයක්ද, කැටයම් සහිත රත්ත‍්‍රරම් නෙත්ති මාලයද, දළදෙකට කොණ්ඩායම් එල්වන ලද ගල්බැඳි රන්කොපු දෙකක් ද කර්ණ යුගලට රත්තරන් මිට සහිත සුදු පැහැති සෙමරවලින් කළ වල්විදුනා දෙකක් ද, ඉදිරියේ කකුල් දෙකට ගිගිරි වළලූ දෙකක් ද ආදියෙන් සැරසූ 45 ඇත්නාම්බා පිට වන පුටුව බැඳ පිටුඋඩ රන්සිවිගෙයක් පනවා ඒ තුළ රිදී දම්වැලින් එල්ලූ තොටිල්ල මැද පටලේන්සු බැඳ ඒ පිට රන්හිලි ගෙයක් පනවා ලේන්සු පහක් අතුරා ඒ පිට නවරත්නයෙන් බැබලවූ රන් දළදා කර`ඩුව වැඩමවා ඒ මත විසිතුරු මල් වියනක් අල්වාගෙන වට්ටෝරුකම් කරණ අය වඩන තලාතු අරගෙන බිමින් ගමන් කළහ.

 පෙරහැර දළදා මාළිගාවේ වාහල්කඩින් නික්ම, ස්වර්ණ කල්‍යාන වීදිය, යටිනුවර වීදිය, රිදී වීදිය, නාගහ වීදිය, උඩුනුවර වීදිය යන වීදිවල පෙරහැර කොට මළුවේ මණ්ඩපයට පැමිණ පෙර පරිද්දෙන්ම කරඬුව මහ නිලමේ අතින් ආණ්ඩුකාරතුමාට ද ආණ්ඩුකාරතුමා අතින් මල්වත්තේ මහ නාහිමියන් අතට දුන් පසු උන්වහන්සේ එම කරඬුව නිසි ස්ථානයේ තැන්පත් කළහ. මේ කරුණු අනුව ක‍්‍රි. ව. 1828 වනවිට යටත් විජිත යුගයක වුවද දළදා පෙරහැර පෞරාණික සම්ප‍්‍රදායානුකූලව පැවැත් වූ ආකාරය මනාව සිහියට නැගේ.

 වර්තමානය වනවිට මෙම පෞරාණික සම්ප‍්‍රදායන් ගිලිහියෑමට නොදී අතීතය සිහිපත් කරවමින් එකී සාම්ප‍්‍රදායන් අද දක්වාම මහනුවර සිරි දළදා පෙරහැර තුළින් මොනවාට විදිහා දක්වමින් ක‍්‍රමවත්ව හෙළ කලාවත්, පෞරාණික සම්ප‍්‍රදායන් හා බෞද්ධ සංස්කෘතියත් දැකබලා ගැනීමෙන් පෙර අපර දෙදිග ලෝකයා මවිතයට පත්කරවමින් ඔවුන්ගේ අමන්දානන්දයට හා භක්ත්‍යාදර ගෞරවයට පාත‍්‍ර වූ ලාංකිකයාගේ ප්‍රෞඩත්වයත්, කලාකරුවාගේ සහජ දක්‍ෂතාවයත් ඔප්නංවන මෙම ඇසළ මහා සැනකෙළිය හෙවත් මහනුවර ශ‍්‍රී දළදා පෙරහැර ඉපැරණි චාරිත‍්‍රානුකූලව පැවැවීම මල්වතු අස්ගිරි උභය මහා විහාරයන් හි අතිගෞරවාර්හ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනමගේ හා එකී මහ ස`ගරුවනේත් ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන් ඇතුළු අප ඔබ සැමගේ ඒකායන ප‍්‍රාර්ථනය යි.

ශ‍්‍රී දළදා වහන්සේ උදෙසා  පවත්වන 268 වන  මහා පෙරහැර මංගල්‍යය


මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්තු මහාවිහාර පාර්ශ්වයේ නියෝජ්‍ය හා වැඩබලන ලේඛකාධිකාරී, ඓතිහාසික සෝමාවතී රාජමහා විහාරාධිපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අංශයේ විශ‍්‍රාමික කථිකාචාර්ය හා වැඩබැලූ අංශාධිපති

 ආචාර්ය පහමුණේ ශ‍්‍රී සුමංගල නායක ස්ථවිර

advertistmentadvertistment
advertistmentadvertistment