ශ‍්‍රී පාලි මණ්ඩපය නිර්මාණශීලී උපාධිධාරීන් බිහි කරන ජාත්‍යන්තර සන්නාමයක්

337

කොළඹ විද්‍යාලයේ ශ‍්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති, ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ
 පීඨාධිපති සහ හිටපු මහාචාර්ය,
 නීතිඥ ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා


 ශ‍්‍රී ලංකාවේ දැනට ක‍්‍රියාත්මක වන උසස් අධ්‍යාපන ආයතන අතර වඩාත් කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරන ස්ථානයක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රීපාලි මණ්ඩපය හඳුනා ගැනීමට පුළුවන්. සමාජයේ නව ප‍්‍රවණතාවන් හා සමගාමීව අභිමානවත් උපාධිධාරීන් බිහි කරන ශ‍්‍රී පාලි මණ්ඩපයේ මෙම මස 17 වැනිදා විවෘත කිරීමට නියමිත නව පරිපාලන ගොඩනැ`ගිල්ල සම්බන්ධව සහ ඔවුන්ගේ ඉදිරි දැක්ම පිළිබඳ කොළඹ විද්‍යාලයේ ශ‍්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති, ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති සහ හිටපු මහාචාර්ය, නීතිඥ ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා දැක් වූ අදහස් මතු දැක්වේ

 ප‍්‍රශ්නය : ශ‍්‍රී ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාලයන් අතුරෙන් ශ‍්‍රී පාලි මණ්ඩපයේ ඇති සුවිශේෂීතාවය ඔබ දකින්නේ කෙසේ ද?

 පිළිතුර : ශ‍්‍රී ලංකාවේ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන සමඟ සැස`දීමේ දී ශ‍්‍රී පාලි මණ්ඩපය කියන්නේ ඓතිහාසික වටිනාකම අතින් වගේම පිහිටීම අතිනුත් ඉතාමත් සුවිශේෂී සුන්දර තැනක්. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට වාමාංශික ක‍්‍රියාකාරියෙකු මෙන්ම සූරිය මල් ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වන ගරු විල්මට් ඒ. පෙරේරා මැතිඳුන්ගේ ධන පරිත්‍යාගයක් මතින් ගොඩනැ`ගුණු අක්කර තිස්දෙකක භූමි භාගයක් පුරා විහිදුණු ශ‍්‍රී පාලි මණ්ඩපය මෙරට සෞන්දර්ය අධ්‍යාපනය මූලික කර ගෙන ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ ආකෘතිය අනුව ඉදි කරලා තිබෙනවා. ඒ වගේම මෙම විශ්වවිද්‍යාලය ශ‍්‍රී ලංකාවේ සෞන්දර්ය අධ්‍යාපනය වෙනුවෙන් විවෘත කරනු ලැබුවේ ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ නිර්මාතෘ ගුරු රබීන්ද්‍රනාත් තාගෝර්

 විසින්. පසුව 1996 දී කොළඹ විශ්වවිද්‍යාලයේ බටහිර මණ්ඩපය ලෙසින් ප‍්‍රතිස්ථාපනය වන මෙම උසස් අධ්‍යාපන ආයතනය අද වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රී පාලි මණ්ඩපය ලෙසින් හඳුන්වනු ලබනවා. අද වන විට අප මණ්ඩපය මගින් උපාධි අපේක්ෂක පාඨමාලාවන්, පශ්චාද් උපාධි පාඨමාලාවන් මෙන්ම කෙටිකාලීන සේවා පාඨමාලාවන් පිරිනමනු ලබනවා. වර්තමානයේ මෙම මණ්ඩපයේ ජනමාධ්‍ය, ප‍්‍රාසාංගික කලා, භාෂා සහ පරිගණක ලෙසින් අධ්‍යයනාංශ හතරක් ක‍්‍රියාත්මක වෙනවා. මේ අතුරෙන් ලංකාවේ එකම ජනමාධ්‍ය පිළිබඳ විශේෂවේදී උපාධි පිරිනමන ආයතනය වන්නේත් අපියි.

 මීට අමතරව ලංකාවේ විශ්වවිද්‍යාල 17 අතුරෙන් එකම මාර්ගගත ගුවන් විදුලි ඒකකය ”ක්‍්පචමි ඍ්ාසද” ලෙසින් අප විශ්වවිද්‍යාලය විසින් සයිබර් අවකාශයට එක් කරනු ලබනවා. පසුගිය වසරේ දී ජපන් ආධාර යටතේ අංගසම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ශ‍්‍රව්‍යදෘෂ්‍ය ඒකකයක් ද අපට හිමි වුණා. දකුණු ආසියාවේ සුවිශේෂී මාධ්‍ය පුස්තකාලයක්, එළිමහන් රංග පීඨයක්, නාට්‍ය රඟ දැක්වීම සඳහාම සුවිශේෂී ගෘහ නිර්මාණ ආකෘතියකට අනුව නිර්මාණය වූ අරුන්දතී නෘත්‍ය ශාලාව අප මණ්ඩපය සතුව ඇති සම්පත් විදිහට සලකන්න පුළුවන්.

 ප‍්‍රශ්නය : පෙර සඳහන් කරනු ලැබූ අධ්‍යයනාංශයන්හී දැනට ක‍්‍රියාත්මක වන පාඨමාලා අන්තර්ගතයන් සහ ලෝක ප‍්‍රවණතාවයන්ට අනුගතව මෑතකාලීනව ඒවායේ සිදු කළ පරිවර්තනයන් මොනවාද?

 පිළිතුර : අපේ ප‍්‍රධානතම අරමුණ තමයි දැනට ක‍්‍රියාත්මක වන අධ්‍යයනාංශ හතරෙහිම පාඨමාලා අන්තර්ගතයන් තුළින් ජනමාධ්‍ය හා ප‍්‍රාසාංගික කලා උපාධි මූලික කර ගත් නිර්මාණාත්මක නිෂ්පාදනයන් සහ පර්යේෂණ ප‍්‍රකාශනයන් එළිදැක්වීම. මෑතකාලීනව ලංකාවේ පිළිගත් විද්වතුන්ගේ මැදිහත්වීමෙන් ජනමාධ්‍ය හා ප‍්‍රාසාංගික කලා උපාධි පාඨමාලාවන්හි සම්පූර්ණ විෂය නිර්දේශය නැවත ප‍්‍රායෝගිකත්වය අනුව යමින් සකස් කරනු ලැබුවා. මෙලෙස විෂයේ ප‍්‍රායෝගිකත්වය විද්‍යාර්ථින් හට ලබා දීමේ මූලික අරමුණ වන්නේ ඔවුන්ට රැුකියා වෙළෙඳපොළ තුළ ඉල්ලූමක් ඇති කිරීමයි. විශ්වවිද්‍යාලය තුළින් පිට වන විද්‍යාර්ථියා රජයට බරක් විය යුතු නැහැ. ඔවුන් විශ්වවිද්‍යාලයෙන් පිට වන විටම රටේ ආයතන හා සමාගම් රැුකියා සඳහා ආරාධනා කරන මට්ටමේ උපාධිධාරීන් අපි නිර්මාණය කළ යුතුයි. මණ්ඩපාධිපති වශයෙන් මට තියෙන්නේ නීතිමය පසුබිමක්. මා උසස් අධ්‍යාපනය ලැබූ ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලය සහ මා සේවය කළ කැරීබියානු රටවල්වල නිර්මාණය කරන උපාධිධාරියා රැුකියා වෙළෙඳපොළට උචිත නිර්මාණශීලී උපාධිධාරියකු ලෙසයි පිටවෙන්නේ. ශ‍්‍රී පාලි මණ්ඩපයේ දැනට ක‍්‍රියාත්මක වන පාඨමාලා අන්තර්ගතය තුළින් අප බලාපොරොත්තු වන්නේ එය යි.

 ඒ යටතේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිරිනමනු ලබන පරිගණක ඩිප්ලෝමා පාඨමාලවක් හැදෑරීමේ අවස්ථාව විද්‍යාර්ථයින්ට ලැබෙන අතර උපාධිය සම්පූර්ණ කිරීමේ දී අනිවාර්යෙන් අධ්‍යයන වර්ෂ දෙකක් ඉංග‍්‍රීසි සහ පරිගණක පාඨමාලා හදාරා තිබීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශය ක‍්‍රියාත්මක කරන ඉංග‍්‍රීසි, දෙමළ, හින්දි භාෂා සේවා පාඨමාලා මගින් විද්‍යාර්ථියා ජාත්‍යන්තරය සමග සම්බන්ධ කරනවා. පරිගණක අධ්‍යයන අංශය මගින් විශ්වවිද්‍යාලයෙන් පිට වන උපාධිධාරීන් ඩිජිටල් තාක්ෂණයට අනුගත ක‍්‍රියාකාරී වෘත්තිකයන් බවට පරිවර්තනය කරනවා. සරලවම මෙම විෂය අන්තර්ගතයන් මගින් ජාත්‍යන්තරය පිළිගත් නිර්මාණශීලී උපාධිධාරියෙක් බිහි කෙරෙනවා.

 ප‍්‍රශ්නය : ඔබ මණ්ඩපාධිපතිවරයා වශයෙන් පත් වීමෙන් පසු ශ‍්‍රී පාලි මණ්ඩපය තුළ සිදු වූ වෙනස්වීම් මොනවා ද සහ ඉදිරි දැක්ම පිළිබඳ සඳහන් කළොත්?

 පිළිතුර : ලංකාවේ සම්ප‍්‍රදාය තමයි කලා උපාධිධාරියකු ලෙස විශ්වවිද්‍යාලයෙන් පිටවීමෙන් පසු ඔවුන් ගුරු වෘත්තිය සඳහාම වෙන් වූවන් ලෙස එක රාමුවකට කොටු කිරීම. නමුත් මට අවශ්‍ය වුණා ලෝකය පිළිගන්නා වෘත්තීමය උපාධිධාරීන් මණ්ඩපය තුළ නිර්මාණය කරන්න. එහිදී මම කරපු මුල්ම දේ තමයි මෙතෙක් දුරස්ථව තිබූ පරිපාලනයේ සහ විද්‍යාර්ථින් අතර සම්බන්ධතාව සහ සමීපතාව වර්ධනය කිරීම. ඒ සඳහා මම සෑම මසකම විද්‍යාර්ථින්ගේ ගැටලූ සාකච්ඡුා කිරීම සඳහා මාර්ගතව

 ”ඍැජඑදර ිඑමාැබඑ ාස්කදටමැ” යන වැඩසටහන ක‍්‍රියාත්මක කරනවා. ඒ වගේම මගේ ජංගම දුරකථනය පැය විසි හතරේම ඔවුන්ගේ ගැටලූ සඳහා විවෘත කරලා තියෙනවා, කාර්යාලයට පැමිණෙන්න අවසරයක් අවශ්‍ය නෑ. මේ දේවල් වලින් විද්‍යාර්ථින්ට විශ්වාසයක් ගොඩනැෙ`ගනවා අපි ඔවුන් සමඟ ඉන්නවා කියලා. මොකද විශ්වවිද්‍යාලයක සාමූහිකත්වය හා එකිනෙකා හඳුනා ගැනීම හරිම වැදගත්. ඒ වගේම පේරාදෙණිය සරසවියට නො දෙවනි පාරිසරික සුන්දරත්වයක් සහිත මෙම මණ්ඩප භූමිය කේන්ද්‍රකොටගෙන තිරසර සංවර්ධන අරමුණු අනුව යමින් අපි විසින් හරිත සංකල්පය (ඨරුැබ ක්‍දබජැචඑ* ප‍්‍රමුඛ කොටගෙන වැඩටහන් රාශියක් විශ්වවිද්‍යාලයේ ප‍්‍රජාව ඒකරාශී කරගෙනන සිදු කරනවා. ඒ වගේම අධ්‍යයනාංශ හතරෙහිම සියලූ සමාසිකයන් හි විභාග කටයුතු මාර්ගගතව සිදු කළා. එහිදී ජනමාධ්‍ය වගේම ප‍්‍රාසාංගික කලා පාඨමාලාවන්හි ප‍්‍රායෝගික කොටස් පවා අපි දුරස්ථව සිට ඉතාමත් සාර්ථකව මෙහෙයවනු ලැබුවා. මේ සියල්ලටම නොබිඳෙන පොකුරක් ලෙසින් අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය කැපවීමෙන්, ඉතාමත් සහයෝගයෙන් කටයුතු කළ බව සිහිපත් කළ යුතුම කාරණයක්. ඒ වගේම නුදුරේදීම ශ‍්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය සහ ප‍්‍රාසාංගික කලා අධ්‍යයනාංශ පීඨයන් බවට පරිවර්තනය කිරීමට ද නියමිත අතර දැනට ක‍්‍රියාත්මක වන උපාධි පාඨමාලවන්ට අමතරව දර්ශනවේදී සහ දර්ශනශූරී ආචාර්ය උපාධි පාඨමාලවන් ද ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

 ඒ වගේම අප මණ්ඩපය මගින් කොවිඞ් 19 එන්නත පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා නිර්මාණය කළ වීඩියෝ පටය අන්තර්ජාලය තුළ කතාබහට ලක්වුණ, අනෙකුත් රටවල්වලින් පවා පැසසුමට පාත‍්‍ර වුණු අවස්ථාවක්.

 ඉදිරියේ දී තානාපති කාර්යාලය සමඟ එක්වෙමින් චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් මණ්ඩපය තුළ පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් යනවා. අපේ මණ්ඩපයේ විද්‍යාර්ථින් හරිම දක්ෂයි. ඒ නිසාම මේ වසරේ ගුරු රබීන්ද්‍රනාත් තාගෝර් සංවත්සර සැමරුම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව සිදු කිරීමටත් අපට අවස්ථාව ලැබිලා තියෙනවා. ප‍්‍රශ්නය : විවෘත කිරීමට නියමිත නව පරිපාලන ගොඩනැ`ගිල්ල මගින් ශ‍්‍රීපාලි මණ්ඩපයට ඇතිවන ප‍්‍රතිලාභය මොනවගේද?

 පිළිතුර : මට හිතෙන විදියට මේ නව පරිපාලන ගොඩනැ`ගිල්ල විද්‍යාර්ථින්ට හිමිවෙන විසිඑක් වන සියවස දකින කවුළුවක් හා සමාන යි. ඔවුන්ගේ අධ්‍යයන ක‍්‍රියාවලිය සම්බන්ධ දෑ කාර්යක්ෂමව ඉටුකර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා.

 ප‍්‍රශ්නය : ශ‍්‍රී පාලි මණ්ඩපය මඟින් ජනමාධ්‍ය සහ ප‍්‍රාසාංගික කලා විෂයන් මූලික කරගනිමින් විද්‍යාර්ථීන්ගෙන්

 වසරකට පර්යේෂණ උපාධි නිබන්ධ ගණනාවක් පිට වෙනවා. මෙම විෂයන් හා බැඳුණු පර්යේෂණ ක්ෂේත‍්‍රය සහ ඒ උපාධි නිබන්ධන සමාජයට එක් කිරීමෙහිලා විශ්වවිද්‍යාල මට්ටමෙන් විද්‍යාර්ථින්ට පෙළඹවීමක් සිදු කරනවාද?

 පිළිතුර : අප මණ්ඩපය තුළ ජනමාධ්‍ය සමීක්ෂණ සහ පර්යේෂණ සඳහාම වෙන් වූ ‘‘මාධ්‍ය පරීක්ෂණ ඒකකයක්” පවත්වාගෙන යනවා. මෙමගින් සියලූ ජනමාධ්‍ය පර්යේෂණ සිදු කරනවා. බොහෝ මාධ්‍ය නාලිකා අපෙන් ඉල්ලීම් පවා කරනවා ඔවුන්ගේ සමීක්ෂණ සිදු කරන්න. මේ පර්යේෂණ ඒකකය මගින් විද්‍යාර්ථියා පර්යේෂණ ආයතන සමඟ වැඩකිරීමට සුදුසු අකාරයෙන් පුහුණු කරනවා ශ‍්‍රී පාලි මණ්ඩපය කියන්නෙම වෙනම පර්යේෂණ සංස්කෘතියක් තිබෙන තැනක්. ඒ වගේම ඉදිරියේ දී උපාධි අපේක්ෂකයන් සඳහා වාර්ෂිකව පර්යේෂණ සමුළු පවත්වා ඔවුන්ගේ පර්යේෂණ හැඳින්වීම් අපි පොතක් විදියට මුද්‍රණය කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. එසේ පවත්වපු පර්යේෂණ සමුළුවන්හි මුද්‍රිත පර්යේෂණ කෘති කිහිපයක්ම දැනට එළිදක්වා තිබෙනවා. එවිට මේවා බාහිර සමාජයටත් යනවා. අද මාර්කට් වෙන්නෙම පොත සහ සමාජය ඇසුරු කරගත් පර්යේෂණ. ඉන්දීය පර්යේෂණ ආයතන සමඟත් සම්බන්ධතා පුළුල් කර ගනිමින් න්‍යායාත්මක සහ

 ප‍්‍රායෝගික පර්යේෂණ සමාජයට එක් කිරීම අපේ මූලික අරමුණක්. ඒ වගේම දැන් අපේ ආචාර්යවරුන් බොහෝ විට පෙළඹිලා ඉන්නේ විද්‍යාර්ථින් සමඟ සිදු කරන පර්යේෂණ අන්තර්ජාතික මට්ටමට ගෙන යන්න.

 ප‍්‍රශ්නය : කොවිඞ් 19 ලෝක වසංගත තත්ත්වය හේතුවෙන් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය විශාල වෙනසකට වගේම අභියෝගයකට ලක්වුණා. උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් ශ‍්‍රීපාලි මණ්ඩපය මේ තත්ත්වයට මුහුණ දුන්නේ කෙසේද?

 පිළිතුර : ඇත්තටම අපි ඒ අභියෝගයත් බොහොම සාර්ථකව ජයගත්තා කිව්වොත් මම නිවැරදියි. ලංකාවේ ප‍්‍රථම වතාවට නවක සිසුන් නවීකරණ වැඩසටහන සජීවී විකාශයක් ඔස්සේ මාර්ගගතව පැවත්වීමට අපි සමත් වුණා, ඒ වගේම සියලූ වසරවල සාමාසික විභාග කටයුතු මාර්ගගත ක‍්‍රමයට ඉතාමත් සාර්ථකව පැවත්වූවා. විශේෂයෙන්ම ජනමාධ්‍ය සහ ප‍්‍රාසාංගික අධ්‍යයනාංශයේ ප‍්‍රායෝගික විෂය කොටස් පවා සාර්ථකව මාර්ගගත ක‍්‍රමයට සිදු කළා. ප‍්‍රාසාංගික කලා අධ්‍යයනාංශයේ නර්තනය, චිත‍්‍ර කලාව, රංග කලාව, සිනමාකරණය, සංගීතය වගේ විෂයන් මාර්ගගතව සිදු කිරීම විශාල අභියෝගයක්. නමුත් අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මෙන්ම සියලූම විද්‍යාර්ථින්ගේ කැපවීම මත අපි ඒ අභියෝග ජයග‍්‍රහණය කළා. මෙවර විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා වන ප‍්‍රායෝගික පර්යේෂණ පවා ඉතාමත් සාර්ථකව අතථ්‍ය සන්නිවේදන අවකාශයක සිදු කළා. මීට අමතරව වෙබ් සමුළු මාලා රාශියක් සංවිධානය කරමින් කොවිඞ් 19 වසංගත සන්දර්භය තුළ අපේ විද්‍යාර්ථින් සක‍්‍රීයව තබා ගන්න අපට පුළුවන් වුණා. අපගේ විද්‍යාර්ථින් සතුව පවතින පරිගණක සහ ඉංග‍්‍රීසී භාෂා දැනුම අපට මෙම ක‍්‍රියාවලිය සාර්ථකව කරගැනීමට ලොකු පිටිවහලක් වුණා.

 ප‍්‍රශ්නය : කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රීපාලි මණ්ඩපය මේ ලෝක නව ප‍්‍රවණතාවන්ට අනුගතව යන ගමන අතරතුර පොදුවේ ශ‍්‍රී ලංකාවේ සියලූම විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථයින් වෙනුවෙන් ඔබට දීමට ඇති පණිවුඩය කුමක්ද?

 පිළිතුර : අනාගතය ලෝකයට සහ රටේ සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා දීමේ වගකීම ඔබට පැවරී තිබෙනවා. නිතරම ඔබ නිර්මාණශීලී උපාධිධාරියකු වෙන්න, ඇකඩමියාව තුළ සක‍්‍රීයව, ජාත්‍යන්තරය සමඟ ඔබගේ සන්නාමයන් ප‍්‍රවර්ධනය කරගනිමින් සමාජට අලූත් දේවල් හඳුන්වාදෙන පුද්ගලයකු වීම ඉතාම වැදගත්. එය ඔබ සතුව ඇති සුවිශේෂී කාර්යභාරයක්.

ශ‍්‍රී පාලි මණ්ඩපය නිර්මාණශීලී  උපාධිධාරීන් බිහි කරන  ජාත්‍යන්තර සන්නාමයක්

නෙතුනි බටදූව ආරච්චි
 ජනමාධ්‍ය අධ්‍යයනාංශය,
 කොළඹ විශ්වවිද්‍යාලය
 ශ‍්‍රී පාලි මණ්ඩපය.

ශ‍්‍රී පාලි මණ්ඩපය නිර්මාණශීලී  උපාධිධාරීන් බිහි කරන  ජාත්‍යන්තර සන්නාමයක්
advertistmentadvertistment
advertistmentadvertistment