ශ‍්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර අධිකරණ නඩුව විභාග කළ හැකිද?

683

ජාත්‍යන්තර අධිකරණයට ඇමෙරිකාව, ඉන්දියාව, ශ‍්‍රී ලංකාව සහ චීනය ඇතුළු රටවල් අත්සන් කර නැත.

මේ අන්තර් ජාතික අධිකරණයට ශ‍්‍රී ලංකාව අත්සන් කිරීම වැළකුණේ හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් නිසාය. එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග රාජ්‍ය නායිකාව නිසා ඇය ඊට අත්සන් තැබීමෙන් වැළකිනි. එසේ වූවත් එදා පැවැති රජය ජාත්‍යන්තර අධිකරණයට සහය දක්වන්නේ කෙසේද යන්න විමර්ශනය කිරීමට අවශ්‍ය මණ්ඩල කමිටුවක් පිහිටුවනු ලැබීය. මේ පසුබිම මැද අන්තර් ජාතික අධිකරණය පිළිබඳ ප‍්‍රශ්නය දැන් මතු වී ඇත.

පසුගිය ඔක්තෝබර් මස අවසාන සතියේ හිටපු කොටි 200ක් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක, ලේකම් කමල් ගුණරත්න හමුදාපතිව සිටි ජගත් ජයසූරිය සහ සියලූම පොලිස්පතිවරුන්ට එරෙහිව නෙදර්ලන්තයේ හේග් නුවර අන්තර් ජාතික අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය. මේ පැමිණිල්ලේ සාක්කිකරුවෝ කොටි ත‍්‍රස්තවාදීන්ය. මේ කොටින්ගේ සාක්කි පිළිගත හැකිද වින්දිතයන් 1-200 යනුවෙන් හඳුන්වමින් මේ සාක්කිකරුවෝ තමන් කව්දැයි අනාවරණය කර නැත.

එම තත්ත්වය මත අන්තර් ජාතික අධිකරණයේ වත්මන් නඩු අධ්‍යක්‍ෂ කරීම් කෑන් ඉහත පැමිණිල්ල ගැන පරීක්‍ෂණ ආරම්භ කරයිද? එසේම ශ‍්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් කර නැති නිසා අන්තර් ජාතික අධිකරණයට බලයක් නැතැයි පැවසූවත්

පසුගියදා ඇමෙරිකාවට එරෙහිව යුද අපරාධ පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂිකා පමාවූ තීරණය කළ හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජාත්‍යන්තර අධිකරණයේ විනිසුරුවන්ට තර්ජනය කරමින් ඔවුන්ගේ වත්කම් තහනම් කරන බවට තර්ජනය කළේය. එම තර්ජනයත් සමගම යුද අපරාද පරීක්ෂණය නතරවිය. මෙම පසුබිම මැද ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ ශ‍්‍රී ලංකාව අන්තර් ජාතික අධිකරණයට යොමු කිරීමට ක‍්‍රියා කරන බව පැවසූවාය.

කොටි ඩයස්පෝරාවද එම ඉල්ලීම කළ අතර බි‍්‍රතාන්‍යය රජය පැවසූවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඊට බලයක් ඇතත් ඒ සඳහා බලවත් රටක සහයක් අවශ්‍ය බවයි.

එහෙත් රුසියාව සහ චීනය ශ‍්‍රී ලංකාවට සහය දක්වන නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවට ඉදිරිපත් කෙරෙන යෝජනාවන් බල රහිත බව බි‍්‍රතාන්‍ය රජයේ මතය විය. කෙසේ වෙතත් නෙදර්ලන්ත රාජ්‍ය නොවන සංවිධානයක් වූ ග්ලෝබල් රයිට්ස් නව නීතිවේදීන් ලවා ශ‍්‍රී ලංකා ජනපති, හිටපු හමුදාපති ආරක්‍ෂක ලේකම් සහ පොලිස්පතිවරුන්ට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇත. මේ පැමිණිල්ලේ විශේෂත්වය නම් ජනපති සහ හමුදාපති සරත් පොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ කළේ කොටි බව පැමිණිලිකරුවන් වූ කොටින්ගේ පිළි ගැනීමයි.

නෙදර්ලන්ත ආරංචි මාර්ග පැවසූවේ මෙම පැමිණිල්ල ගැන අයි. සී. සී. හෙවත් අන්තර් ජාතික අධිකරණය මෙතෙක් පරීක්‍ෂණ ආරම්භ කර නැති බවයි. එහෙත් ඉදිරියේදී එල්ලවන දැඩි බලපෑම් හමුවේ එම පරීක්‍ෂණ ආරම්භ විය හැකිය.

ජාත්‍යන්තර අධිකරණ පරීක්‍ෂණය ආරම්භ වීමට පෙර ජනපති රාජපක්‍ෂ සමූල ඝාතකයකු බවට පිළිබිඹු කරමින් ස්කොට්ලන්ත හැරල්ඞ් පුවත්පතේ පිටුවක් පුරා ප‍්‍රචාරක දැන්වීමක් පළවිය.

ඊට ප‍්‍රතිචාර ලෙස ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ බි‍්‍රතාන්‍ය ශාඛාව එම පුවත්පතේම බි‍්‍රතාන්‍ය විද්වතකු වූ නේස්බි සාමි, මේජර් ජනරාල් ජෝන් හොල්ම්ස්, රාජ්‍ය නීතිඥ ඩෙස්මන්ඞ් සිල්වා සහ මෙරට සිටි හිටපු ආරක්‍ෂක උපදේශක කර්නල් ගෑෂ්ගේ ප‍්‍රකාශ ඇතුළත් ප‍්‍රචාරක දැන්වීමක් ප‍්‍රකාශයට පත් කෙරුණි.

මෙම බි‍්‍රතාන්‍ය පුරවැසියන් සිව්දෙනාගේ ප‍්‍රකාශ නිසා කොටි ඩයස්පෝරාවේ බොරු ප‍්‍රචාර බිඳ වැටුණි. නේස්බි සාමිවරයා මෙහිදී සත්‍යය හෙළි කරමින් වන්නි මෙහෙයුමේදී මියගියේ ද්‍රවිඩයන් 6000ත් 7000ත් අතර සංඛ්‍යාවක් බව කීවේය. එම ප‍්‍රකාශය කර්නල් ගෑෂ් තහවුරු කරනු ලැබීය.

බි‍්‍රතාන්‍යයේ කීර්තිමත් හමුදා ප‍්‍රධානියකු වූ මේජර් ජෙනරාල් හොල්ම්ස් පැවසූවේ ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනාව පිළිගත නොහැකි බවයි. ලන්ඩන් නුවර සාමි මන්ත‍්‍රී මණ්ඩල ශාලාවේදී මා හට ජෝන් හොල්ම්ස් හමු වූ අවස්ථාවේදී ද කියා සිටියේ පිළිගත හැකි සාක්කි නැතිව යුධ අපරාධ චෝදනා එල්ල කළ නොහැකි බවයි.

එහෙත් කොටි ඩයස්පෝරාව ඒ වන විට 146000ක් ද්‍රවිඩයන් මරා දැමූ බවට ස්කොට් ජනතාව අතර ප‍්‍රචාරය කර තිබුණි.

මෙලෙස නේස්බි, ඩෙස්මන්ඞ් සිල්වා මේජර් ජනරාල් හොල්ම්ස් සහ කර්නල් ඇන්ටන් ගෑෂ් කර ඇති ප‍්‍රකාශ බොරු යැයි පැවසීමට කොටි ඩයස්පෝරාවට නොහැකි විය. එසේ වූවත් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර දේශගුණික සමුළුව ආරම්භ වීමට සමගාමීව ඔක්තෝබර් 27 දා හේග්හිදී පිටු 5කින් යුත් පැමිණිල්ල ගොනු විය.

මේ පැමිණිල්ලේ වචන නිසි ලෙස විමර්ශනය කළහොත් අපරාධකරුවන් වන්නේ පැමිණිලිකරුවන් බව තහවුරු වේ.

මෙවැනි පසුබිමක් මැද කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තර අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනු කිරීමේ අරමුණ කුමක්ද?

මෙහි දැක්වෙන්නේ එම හේතුවයි.

1 මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ලවා ජාත්‍යන්තර අධිකරණයට 120000ක සාක්‍ෂි සහ ඉදිරියේදී එකතු කරන සාක්‍ෂි ගොනු කිරීම

  1. මේ සාක්‍ෂි මත චෝදනා එල්ල වූ පාර්ශ්ව අත්අඩංගුවට ගැනීම
  2. ඒ සඳහා රජය වෙනස් කරලීමේ මෙහෙයුම
  3. සර්බියාවේ හිටපු හමුදා ප‍්‍රධානීන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට සමානව මෙරට හමුදා නිලධාරින්ටද යුද අපරාධ චෝදනා නැගීම

පසුගිය යහපාලන රජයට සමාන රජයක් ශී‍්‍ර ලංකාවේ ස්ථාපිත කිරීම මෙවන් උපාය මාර්ගික මෙහෙයුම් දැන් ක‍්‍රියාත්මක වන බව වත්මන් රජය මේ දක්වාම අවබෝධ කරගෙන නැත.

සර්බියාවේ හමුදා ප‍්‍රධානීන්ට සිදුවූ ඛේදනීය ඉරණම අපේ රටේ දේශපාලකයන් සිහිපත් නොකිරීමද කනගාටුවට කරුණකි. මේ තත්ත්වය යටතේ ජාත්‍යන්තර අධිකරණය හමුවේ පැමිණිලි කිරීමත්

ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් සර්ව ලෝක නීති පද්ධතිය යටතේ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටීමත් භයානක තත්ත්වයකි. බි‍්‍රතාන්‍ය ඇතුළු යුරෝපා රටවල මෙම සර්වලෝක අධිකරණ පද්ධතිය ක‍්‍රියාත්මකවේ. එය ඕස්ටේ‍්‍රලියාව තුළද ක‍්‍රියාත්මක වේ. මේ වන විට මේජර් ජෙනරාල්වරු 28ක් සර්වලෝක අධිකරණ පද්ධතියට නම් වී ඇත. එහෙත් ඔවුන්ගේ නම් ඇතුළත් කර ඇත්තේ අබිරහස් සාක්ෂිකරුවන්ගෙනි. මේ පසුබිම මැද හිටපු මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ ප‍්‍රකාශයක් කරමින් සාක්කිවලින් තොරව ජාත්‍යන්තර අධිකරණයට ද්‍රවිඩ සමූලඝාතනයක්් සිදු වී ඇති බවට නිගමනය කළ නොහැකි බව දක්වා ඇත.

එසේ වූවත් රෝම සම්මුතිය ගැන නොතකා අන්තර් ජාතික අධිකරණය වෙත ජනපතිගේ සිට හිටපු පොලිස්පතිවරු දක්වා යුද අපරාධ පැමිණිලි ගොනුවී තිබේ. එහෙත් කොටි සංවිධානයේ කිසිදු ක‍්‍රියාකාරිකයකුට එරෙහිව අන්තර් ජාතික අධිකරණය වෙත පැමිණිල්ලක් කර නැත. එසේ වූවත් ජාත්‍යන්තර අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලෙන් කොටි අපරාධ කළ බව පිළිගෙන තිබේ. මේ අතර බි‍්‍රතාන්‍ය හමුදා සෙබළුන්ට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල වී තිබූ අතර ජාත්‍යන්තර අධිකරණය සහ මානව හිමිකම් කොමසාරිස්වරිය ඒ ගැන ක‍්‍රියා කළේ නැත. එසේ නම් ශ‍්‍රී ලංකාවට එරෙහිව අන්තර් ජාතික අධිකරණයට පැමිණිල්ලක් විභාග කළ හැකිද?

මෙම අධිකරණයට මේ වන විට රටවල් 133ක් පමණක් එක`ග වී තිබේ. දකුණු අප‍්‍රිකාව පසුගියදා රෝම සම්මුතිය තුළින් ඉවත් විය. ඒ සුඩාන හිටපු ජනපති ඔටාර් බෂීනි යුද අපරාධකරුවකු බවත් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසත් දකුණු අප‍්‍රිකාවෙන් ඉල්ලා තිබුණි. එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප විය. එහෙත් මෙරට එන්. ජී. ඕ. ක‍්‍රියාකාරීන් පිරිසක් බෂිර් ඔමාර්ව ජාත්‍යන්තර අධිකරණයට බාරදෙන ලෙස දකුණු අප‍්‍රිකානු රජයෙන් ඉල්ලා තිබුණි.

මෙවන් පසුබිමක් මැද ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ජර්මනිය, කැනඩාව, මොන්ටිනිග්රෝ සහ මැසිඩෝනියාව වැනි රටවල්වලට යුද අපරාධ චෝදනා එල්ල වුවත් අන්තර්ජාතික අධිකරණය නිහ`ඩ වී සිටි. ඊට හේතුව එම සියලූ රටවල් පසුපස ඇමෙරිකානු දේශපාලන බලය ක‍්‍රියාත්මක වීමයි.

එසේම ජාත්‍යන්තර අධිකරණයද දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරයි. මෙම දෙබිඩිපිළිවෙතට ශ‍්‍රී ලංකාවද අභියෝග කර නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment