ශ‍්‍රී ලංකාවට එරෙහි මිචෙලි බැෂලේගේ දෙබිඩි රංගනය

190

ජිනිවා මානව හිමිකම් කොමසාරිස්වරිය මුස්ලිම්වරුන් ගැන හඬනැඟුවත් පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය 260 කට අධික පිරිසකට යුක්තිය ඉටු වුයේද? ශී‍්‍ර ලංකා රජය තහනම් කළේ අන්තවාදී සංවිධාන සහ ඊට සම්බන්ධ කි‍්‍රයාකාරීන්ය. එහෙත් මානව හිමිකම් කොමසාරිස්වරිය හඬනඟන්නේ අන්තවාදීන්ගේ මානව හිමිකම් ගැන මිස මියගිය අහිංසකයන්ගේ හිමිකම් ගැන නොවේ.
 
 කීර්ති වර්ණකුලසූරිය
 
 47 වැනි ජිනිවා මානව හිමිකම් සමුළුව පසුගිය සඳුදා ආරම්භ විය. සමුළුව ආරම්භ කරමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ මෙලෙස කියා සිටියාය. ‘මෑතකදී පැනවූ ප‍්‍රතිත‍්‍රස්ත රෙගුලාසි ත‍්‍රස්තවාදයට සහාය දෙන බවට චෝදනා කර මුස්ලිම්, දෙමළ කණ්ඩායම් සහ පුද්ගලයන් 300 කටත් වඩා ලැයිස්තු ගතකර තහනම් කිරීම තුළින් සංහිඳියාව ඉදිරියට ගෙන යෑමට නොහැකිවනු ඇත.මෙම රෙගුලාසි මගින් නිර්-රැුඩිකල්කරණය සඳහා නඩු විභාගයකින් තොරව වසර 2 ක් දක්වා අන්තනෝමතික ලෙස පරිපාලනමය රඳවා ගැනීමට ඉඩ ලැබී ඇත.
 
 එසේම ශී‍්‍ර ලංකාවේ මුස්ලිම්වරුන් ඉලක්ක කර ගැනීම, යුද්ධය නිමා වීමෙන් පසු මියගිය අය සැමරීමට කි‍්‍රයා කරන දෙමළ ජනයාට කරනු ලබන හිරිහැර ගැන ද මා කනගාටුව ප‍්‍රකාශ කරමි. මේ හැර අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සහ වන්දි ගෙවීමේ කාර්යාලයට මෑතකදී කරන ලද පත්කිරීම් තුළින් අතීත අපරාධ විමර්ශනයට ධෛර්යමත් කිරීමට ගන්නා පියවර අඩපණ වීම ගැන මගේ කනස්සල්ල ප‍්‍රකාශ කරන්නෙමි. මෙයට අමතරව නව වගවීම කි‍්‍රයාත්මක කිරීමේ ප‍්‍රගතිය ඇතුළුව
 
 ශී‍්‍ර ලංකාවේ තත්ත්වය ගැන ලබන සැප්තැම්බර් මස එම මානව හිමිකම් කවුන්සිලය යාවත්කාලීන කරන්නෙමි’. ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ මින් ශී‍්‍ර ලංකාවට පවසා ඇත්තේ නුඹලා හිටපු කොටි සහ ඉස්ලාමීය අන්තවාදීන් තහනම් කිරීම වැරදි කි‍්‍රයාවක් බවයි.
 
 එම තහනම් කිරීමෙන් සංහිඳියාව ගෙන යෑමට ඉඩ නොලැබෙන බව ද ඇය කියා සිටී. එසේම ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලට පැනවූ තහනම් ඉවත් කර එම සංවිධාන මෙහෙයවන කි‍්‍රයාකාරීන් ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කළ යුතු බව ද මිචෙලි බැෂලේ සඳහන් කරයි. මිචෙලි බැෂලේගේ මෙම ඉල්ලීම ලොව අනිත් රටවලින් ඉල්ලා සිටීමට කි‍්‍රයා නොකිරීම මවිතයට කරුණකි. ඇය පදිංචිව සිටින ස්විස්ටර්ලන්තය ත‍්‍රස්ත මර්දන පනත සම්මත කළත් ඊට එරෙහි වීමට කි‍්‍රයා කළේ නැත. ස්විස් ත‍්‍රස්ත මර්දන පනත ඇයට එල්ල වූ කනේ පහරකි. මේ හැර මිචෙලි බැෂලේ දක්වන්නේ යුද්ධයෙන් පසු සිදුකෙරෙන අනුස්මරණවලදී දෙමළ ජනතාවට හිරිහැර සිදුවන බවයි. ඉන් ඇය කියා සිටින්නේ තිලිපන් වැනි කොටි ත‍්‍රස්තවාදීන් සැමරීමට ශී‍්‍ර ලංකා රජය ඉඩදිය යුතුයි කියාද?
 
 මේ අයුරින් ඉන්දීය රජය සීක් ත‍්‍රස්තයන් සැමරීමට ඉඩ දෙන්නේද? එසේම පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අල්කයිදා නායක බින් ලාඩන් සැමරීම සඳහා අවසර දී තිබේද? ජිනිවා මානව හිමිකම් කොමසාරිස්වරිය මුස්ලිම්වරුන් ගැන හඬනැඟුවත් පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය 260 කට අධික පිරිසකට යුක්තිය ඉටුවුයේද? ශී‍්‍ර ලංකා රජය තහනම් කළේ අන්තවාදී සංවිධාන සහ ඊට සම්බන්ධ කි‍්‍රයාකාරීන්ය. එහෙත් මානව හිමිකම් කොමසාරිස්වරිය හඬනඟන්නේ අන්තවාදීන්ගේ මානව හිමිකම් ගැන මිස මියගිය අහිංසකයන්ගේ හිමිකම් ගැන නොවේ.
 
 ඇගේ මෙම කි‍්‍රයාකලාපයෙන් යුක්තිය ගැන කි‍්‍රයාකිරීමක් නොව දේශපාලන කි‍්‍රයාදාමයක් බවද තහවුරු වේ. මේ අතර 47 වැනි ජිනිවා මානව හිමිකම් සමුළුව වෙත සිය වාර්තාව ඉදිරිපත් කරන මානව හිමිකම් කොමසාරිස්වරිය මෙරට ඉස්ලාමීය අන්තවාදී කි‍්‍රයා ගැන අවධානය යොමු කර නැත්තේ මන්ද? එසේම ඇය ශී‍්‍ර ලංකාවේ තත්ත්වය ගැන ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන 48 වැනි මානව හිමිකම් සමුළුව තුළදී යවත්කාලීන කරන බව ද කියා සිටී. මෙහිදී නැෙඟන බරපතළ ප‍්‍රශ්නය නම් මිචෙලි බැෂලේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන විසින් මානව හිමිකම් කවුන්සිලය වෙත එවන සියලූම වාර්තා කෙරේ විශ්වාසය තැබීමයි.
 
 මානව හිමිකම් කවුන්සිලය අම්බිකා සකුනාදන් සහ නිමල්කා ප‍්‍රනාන්දු නමැති රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් දෙදෙනා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක් ලෙස පත්කර ඇති අතර ඔවුන් දෙදෙනාම ශී‍්‍ර ලංකා විරෝධීන් වේ. අර්බිකා සකුනාදන් කවුරුන් ද යන්න ජනපති තරගයට ඉදිරිපත් වූ රජිව් විජේසිංහ විසින් හෙළි කර තිබිණි. ඇය ගැන මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් යොමු වුවත් ඒ පිළිබඳව අවධානය යොමු නොවිණි. මේ අතර රහස් පොලිසියේ හිටපු පරීක්ෂක නිශාන්ත සිල්වාට චරිත සහතිකයක් දුන්නාක් මෙන් මානව හිමිකම් කවුන්සිලය හිටපු රහස් පොලිස් ප‍්‍රධානී ශානි අබේසේකරට ද චරිත සහතික දීමට ඉදිරිපත් වී ඇත. බි‍්‍රතාන්‍යයේ සිටි හොඳම රහස් පරීක්ෂකවරයා ෂර්ලොක් හෝම්ස් වූවත් ශානි ඔහුට සමකිරීමට නොහැකිය.
 
 ෂර්ලොක් හෝම්ස් ලෙස හැඳින්විය හැක්කේ ප‍්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ සොයා ගත් ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිලබ්දීන්ය. කටුනායක ගුවන්තොටුපළ ප‍්‍රහාරයට අදාළව මුල්ම තොරතුර සොයාගනු ලැබුවේ ද ඔහුයි.
 
 මෙම පසුබිම මැද ශානි අබේසේකර පාලන සමයේ අධිකරණයට ඉදිරිපත් වූ රහසිගත බී වාර්තා 16 ක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලැබුණේ කෙසේද? මේ ගැන අද වනතුරු වත්මන් රහස් පොලිසිය ද විභාග කර නැත. එසේම මුස්ලිම්වරුන් සහ ද්‍රවිඩයන් 300 ක් අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්ද?
 
 මානව හිමිකම් කොමසාරිස්වරිය මෙවර ද ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී කළ ප‍්‍රකාශය බටහිර රටවල අවශ්‍යතාවයකි. ඒ බව සනාථ වන්නේ ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ ශී‍්‍ර ලංකාවට එරෙහි යොජනාවට සමාන යුරෝපා පාර්ලිමේන්තුවද සම්මත කළ යෝජනාවයි. එසේම කෝර් ගෘප් නමින් හඳුන්වන බි‍්‍රතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මැසඩෝනියාව, මලාවි සහ මොන්ටිනිග්රෝ යන රටවල්
 
 ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් කර ඇති ප‍්‍රකාශය ද එකී යෝජනාවට සමානයි. ශී‍්‍ර ලංකා රජය අපරාධ කාරී කි‍්‍රයාවලට සම්බන්ධ නඩු රැුසක් ඉවත් කර ඇති බවත් එම නඩු අපක්ෂපාති විමර්ශනයකට ලක් කළ යුතු යැයි පවසන කෝර් කණ්ඩායම ශානි අබේසේකරගේ ආරක්ෂාව සලසන ලෙස ද රජයට කියා සිටී.
 
 මේ හැර ත‍්‍රස්ත මර්දන පනත තවදුරටත් කි‍්‍රයාත්මක වීම ගැන කනස්සල්ල පළ කරන බව ද කෝර් කණ්ඩායම ප‍්‍රකාශ කර ඇත. මෙවන් ප‍්‍රකාශවලින් තහවුරු වන්නේ මෙරට අධිකරණ ක්ෂේත‍්‍රයට ද එකී රටවල් මැදිහත් වීමයි. එහෙත් එම රටවල්වලට ද යුද අපරාධ චෝදනා එලල් වී ඇති අතර ඒ පිළිබඳව ජිනිවා මානව හිමිකම් කවුන්සිලය ද අවධානය යොමු කර නැත. මින් මානව හිිමකම් කවුන්සිලයේ දෙබිඩි පිළිවෙත සනාථ වේ. මෙහිදී කෝර් කණ්ඩායම පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදු වූ මරණ ගැන විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලති. රජය කි‍්‍රයා කළ යුත්තේ එවැනි සිදුවීම් ගැනය. මන්ද පොලිස් අත්අඩංගුවේ සිටියදී මරණ සිදුවන්නේ සැක කටයුතු ලෙසිනි.
 
 මෙයට අමතරව මෑතකදී අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සිදුකළ පත්වීම් ගැන ද කෝර් කණ්ඩායමේ අවධානය යොමු වී තිබේ. එහෙත් කෝර් කණ්ඩායම පවසන්නේ ඔවුන්ට අවශ්‍ය පිරිස මෙම කාර්යාලයට පත්කළ යුතු යැයි කියාද? පසුගිය යහපාලන සමයේ මානව හිමිකම් කොමිසම සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලයට පත්කරන ලද්දේ ඩොලර් අරමුදල් ලබාගත් රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් ය.
 
 මෙවන් පසුබිමක් මැද එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා පිටු 2 ක වාර්තාවක් ප‍්‍රකාශයට පත් කරමින්
 
 ශී‍්‍ර ලංකාව අතුරුදන් වූවන්ගේ කොමිසමට අලූත් සාමාජිකයන් පත්කරමින් සංක‍්‍රාන්ති යුක්තියට ටෝපිඩෝ ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි කීවාය. එසේම ඇය හිටපු මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දුට ගිනිඅවි උල්ලංඝනය කිරීමේ චෝදනා 7000 කට අධික සංඛ්‍යාවක් ඇතැයි ද කියා සිටියාය.
 
 මෙවන් චෝදනා ගතවූ කාලය තුළ ශී‍්‍ර ලංකාවට එරෙහිව කි‍්‍රයාත්මක වූ එකම පිරිසකගේ මෙහෙයුමක් බව හෙළි විය. මේ හැර මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ශී‍්‍ර ලංකාවට චෝදනා එල්ල කර තිබියදී බි‍්‍රතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ වෙස් මුහුණ ගැලවී බිම වැටුණි. චැනල් ෆෝ රූපවාහිනියේ කැලම්මැක්රේ, ජෝන් ස්නෝ වැන්න වුන් ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා නොකඩවා එල්ල කළ අතර දන් ඔවුන්ගේ මෙහෙයුම් නතර වී ඇත. මේ සතියේදී හෙළි වූයේ බි‍්‍රතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනිය රජයේ ආයතනයක් බවයි. කිලිං ෆීල්ඞ්, නෝ ෆයර් සෝන් වැනි ශී‍්‍ර ලංකා විරෝධී වීඩියෝ චිත‍්‍රපට නිර්මාණය කළ චැනල් ෆෝ ඇමරිකානු සමාගමකට විකුණා දැමීමට බි‍්‍රතාන්‍යය රජය තීරණය කර ඇතැයි තවදුරටත් හෙළි විය.
 
 එසේ නම් චැනල් ෆෝ මෙහෙයුමට හිටපු බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් සහ විදේශ ඇමැති මිලි බැන්ඞ් සම්බන්ධ බව තහවුරු වේ. චැනල් ෆෝ ආයතනය බි‍්‍රතාන්‍යය රජයේ ආයතනයක් නොවන බවට ප‍්‍රකාශ වුවත් ඇත්ත හෙළිවූයේ වසර 12 කට පසුවය. මේ තත්ත්වය මත චැනල් ෆෝ 4 කැලම් මැක්රේ, ජෝන් ස්නෝ සහ ජොනතන් මිලර් ගැන අද අසන්නටවත් නැත. ඊට මූලික හේතුව ශී‍්‍ර ලංකාවට එරෙහිව චැනල් ෆෝ වෙත කොටි ඩයස්පෝරාව ලබාදුන් කොන්ත‍්‍රාත්තුව නිමාවට පත් වීමයි. මේ අතර යස්මින් සුකාගේ පිටු 2 ක ප‍්‍රකාශයෙන් යහපාලන රජය ගත් තීරණයක් අනාවරණය විය. ඒ සංක‍්‍රාන්ති අධිකරණ යාන්ත‍්‍රණයකට යහපාලන රජය එකඟ බව ඇය ප‍්‍රකාශ කිරීමයි. මේ නිසා
 
 ශී‍්‍ර ලංකාවේ හමුදාව බටහිර රටවලට පාවා දී ඇත්තේ යහපාලන රජය නොවේද? මේ පාවාදීමට දායක වූ අද විරුද්ධ පක්ෂයේ සිටින දේශපාලකයන් කිසිදු දෙයක් නොදන්නාක් මෙන් සිටිති. එසේ වූවත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ එදිරිවාදිකම් නතර වී නැත. ශී‍්‍ර ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා 2021 48වැනි මානව හිමිකම් සමුළුව දක්වා ගෙන යෑමට කි‍්‍රයාකිරීමෙන් ඇගේ දෙබිඩි රංගනය සනාථ වේ.
 

advertistmentadvertistment
advertistmentadvertistment