ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටුම්වලට විදේශ මැදිහත්වීම ගැන චීනය විරෝධය පා ඇත. ජිනිවා නුවර පැවැති 48 වැනි මානව හිමිකම් සමුළුව අමතමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කළ ප‍්‍රාකාශය චීන නියෝජිතයාගේ විවේචනයට ලක්විය.
‘‘ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට ගන්නා ක‍්‍රියාමාර්ග අප අගයනවා. එවැනි විටෙක විදේශ අතපෙවීම්වලට අප විරුද්ධයි’’ යැයි චීන නියෝජිතයා කියා සිටියේය. මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාචික වාර්තාව ඉදිරිපත් කරමින් මෙරට ත‍්‍රස්ත මර්දන පනත විවේචනයට ලක්කළාය.
කීර්ති වර්ණකුලසූරිය