ශ‍්‍රී ලංකාවේ ඉඩම් භූක්ති රටාව සඳහා බි‍්‍රතාන්‍යයන් සිදු කළ බලපෑම

288

ඉඩම් භුක්තිය යන්නෙන් අදහස් කරනු ලබන්නේ, ‘‘ඉඩම් සම්බන්ධ අයිතිය හෝ ඉඩම් ප‍්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් ඇති සීමා කවරේද, ඉඩම් අන්සතු කළ හැක්කේ කෙසේ ද, ඉඩම් උරුම වන්නේ කෙසේ ද, ප‍්‍රයෝජනයට ගැනීම සඳහා අනුන්ට ඉඩම් දෙනු ලබන්නේ කවර පරිද්දෙන් ද, ඉඩම් අයිතිය හේතුකොටගෙන ඇති වන දේශපාලන හා ආර්ථික බලතල කවරේ ද,’’ වශයෙනි. ඒ අනුව එකී අංශවල පූරාතන ශ‍්‍රී ලාංකේය සමාජයේ පැවති ක‍්‍රමය බි‍්‍රතාන්‍ය පරිපාලන ක‍්‍රියාවලිය යටතේ වෙනස් වීමට ලක්වන ආකාරයක් පිළිබඳව විමසා බැලීම මෙම ලිපිය තුළින් සිදු කෙරේ.

ඒ අනුව පුරාතන ශ‍්‍රී ලංකාවේ ”සියලූ ඉඩම් රජු සතුය’’ වශයෙන් න්‍යායාත්මකව පිළිගනු ලැබුව ද එය ඉතා සංකීර්ණ ක‍්‍රියාවලියක් බව පුරාතන අවධියට අයත් මූලාශ‍්‍ර විශ්ලේෂණයේ දී හඳුනාගත හැකිය. මෙම සම්ප‍්‍රදායික ක‍්‍රමය විවිධ අවධීන්වල දී වෙනස්වීම්වලට ලක්වූ අතර එය බි‍්‍රතාන්‍යයන් ලක් දිවයිනට පැමිණි අවධියේ දී

”උඩරට රාජධානිය’’ තුළ එම සම්ප‍්‍රදායික ක‍්‍රමය ක‍්‍රියාත්මක විය. ඒ අනුව ඉහත පිළිගැනීමට අනුව රජු සතු වූ ඉඩම් නොමිලේ විවිධ ජන කොටස්වලට ප‍්‍රදානය කොට ඇත. ඒ අනුව ඉඩම් භූක්ති ක‍්‍රමය අනුව උඩරට රාජ්‍යය සතු වූ ඉඩම් ප‍්‍රධාන කොටස් 05 ක් ඔස්සේ වර්ග කළ හැකිය. ඒනම්, ගබඩාගම්, නින්දගම්, විහාර හා දේවාලගම්, පරවේණි ඉඩම් සහ හේන් ඉඩම් වශයෙනි. මෙසේ ජනතාවට භූක්තිය සඳහා ඉඩම් බෙදා දීමෙන් පසු ඉතිරි වූ විශාල ඉඩම් ප‍්‍රමාණය රජයේ ඉඩම් (ක්‍රදඅබ ඛ්බා) වශයෙන් හැඳින්වූ අතර ඒවා ගම්මාන ආශී‍්‍රතව උස්බිම්, මුඩු ඉඩම්, ඝන වනාන්තරවලින් සමන්විත විය. එහෙත් මෙම ඉඩම් ගම්මාන පුළුල් කර ගැනීම සඳහාත් ගැමි ජනතාවගේ විවිධ අවශ්‍යතා සඳහාත් බාධාවකින් තොරව යොදා ගැනීමේ හැකියාව පැවතිණ. ඊට අමතරව සම්ප‍්‍රදායිකව වගාකළ සියලූ ඉඩම් මඩ ඉඩම් හා ගොඩ ඉඩම් වශයෙන් වර්ග කළ අතර මඩ ඉඩම් වී වගාව සඳහා යොදා ගත් අතර ගොඩ ඉඩම් ගෙවතු වගාව, නිවාස ඉදිකිරීම හා හේන් වගාව සඳහා යොදා ගනු ලැබීය. ඒ අනුව පෙනී යන්නේ සම්ප‍්‍රදායික ඉඩම් භූක්ති ක‍්‍රමය යටතේ ජනගහනය හා ඉඩම් ප‍්‍රමාණය අතර සමබරතාවයක් මෙන්ම, එය කුල ක‍්‍රමය හා රාජකාරි ක‍්‍රමය සමග ඍඡුුව බද්ධව පැවති බවයි.

මේ අතර බි‍්‍රතාන්‍යයන් මෙරට යටත් කරගන්නා විට පෘතුගීසි හා ලන්දේසි පාලනය යටතේ පහතරට ප‍්‍රදේශවල ඉඩම් භූක්ති රටාව වෙනස් වීම්වලට ලක්ව තිබිණ. ඒ අනුව පහතරට ප‍්‍රදේශය පාලනය කළ පෘතුගීසීන් යටතේ (ක‍්‍රි. ව. 1597 – 1658) සම්ප‍්‍රදායික ඉඩම් භූක්ති ක‍්‍රමය සුළු වෙනස් කමකට ලක් කොට සිය රාෂ්ට‍්‍ර හා වෙළෙඳ අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන ආකාරයක් දැකිය හැක. ඒ අනුව ඉඩම් සම්බන්ධයෙන් තෝමිබු සකස් කරමින් ඉඩම් භුක්ති වි`දින්නන්ගෙන් අයවිය යුතු බදු පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන ලදී. එහිදී කුරුඳු ඉඩම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ අතර ජනතාව පීඩාවට පත් කරමින් බදු අයකරනු ලැබුවත් නිලධාරීන්ගේ දූෂණය නිසා පෘතුගීසි රජයට වැඩි වාසියක් අත් නොවීය. පෘතුගීසි පාලන සමයට වඩා ලන්දේසි පාලන (ක‍්‍රි.ව. 1658 – 1687) යටතේ පහතරට ඉඩම් වාර්ෂික බද්දක් යටතේ වගා කිරීමට ලබා දුන් අතර එම ඉඩම් නැවත පවරා ගැනීම සිදුවූයේ ඉතා කලාතුරකින් වූ නිසා ප‍්‍රධානලාභියාට නිත්‍ය අයිතියක් හිමි විය. එමෙන්ම තෝම්බු ලියාපදිංචිය විධිමත්ව සිදු කළ අතරම එහි විධිමත් භාවය නිසා ඉඩම් බදුවලින් ලද ආදායම ඉහළ ගොස් ඇත. එමෙන්ම කුරුඳු වගා කළ හැකි ඉඩම් කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූ අතර කෝපි වගාවට යොමු වූ නමුත් සුදුසු ඉඩම් නොවීම නිසා එතරම් සාර්ථක වී නැත. ඒ අනුව පෙනී යන්නේ පෘතුගීසි හා ලන්දේසීන් යටතේ මුහුදු බඩ ප‍්‍රදේශයේ සම්ප‍්‍රදායික ඉඩම් භූක්ති ක‍්‍රමය ඔවුන්ට අවශ්‍යය ලෙස සුළු වෙනස්කම්වලට ලක්කරමින් පවත්වාගෙන ගිය බවයි.

බි‍්‍රතාන්‍යයන් සිය පාලන බලය ස්ථාපනය කරන අවධියේ දී සම්ප‍්‍රදායික ඉඩම් භූක්ති රටාව එතරම් වෙනසකට ලක් නොකරන ආකාරයක් හඳුනාගත හැකිය. ඒ අනුව 1796 දී ලන්දේසීන් සතු වූ මුහුදු බඩ ප‍්‍රදේශ බි‍්‍රතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම නතු කර ගන්නා අතර එම ප‍්‍රදේශයේ ඉඩම් භුක්ති රටාව වෙනස් කිරීමට කටයුතු කරන ආකාරයක් දැකගත හැකිය. ඒ අනුව සම්ප‍්‍රදායික ක‍්‍රමය වූ ඉඩමේ ආදායමින් කොටසක් ගැනීම වෙනුවට නිශ්චිත බද්දක් පැනවූ අතර එම බදු එකතු කිරීම මලබාරයන්ට රේන්ද ක‍්‍රමය යටතේ විකිණීමටත් කටයුතු කළේය. එමෙන්ම ඉඩම් භූක්තිය හා බද්දව පැවති රාජකාරි ක‍්‍රමය හා ඌලියම් ක‍්‍රමය ද අහෝසි කළේය. ඉඩම් බදුවලට අමතරව තවත් බදු වර්ග පැනවූ අතර එම බදු මුදලින් ගෙවීමට ද නියම කරන ලදී. මෙම ක‍්‍රමය තුළ ජනතාව පීඩාවට පත් වූ අතර 1797 දී ඊට විරුද්ධව මුහුදුබඩ කැරැල්ල ඇති විය. එම නිසා ද මියුරන් කොමිසම පත් කර එවීමට බි‍්‍රතාන්‍ය රජය කටයුතු කොට ඇත. එම කොමිසමේ නිර්දේශ මත මුහුදුබඩ ප‍්‍රදේශයේ ද්විත්ව පාලන (ක‍්‍රි.ව. 1798-1802) ක‍්‍රමයක් ස්ථාපිත කළ අතර ඉහත දක්වන ලද සියලූ බදු ක‍්‍රම අහෝසි කිරීමට කටයුතු කරනු ලැබීය. ඒ අනුව පෙනී යන්නේ සම්ප‍්‍රදායික ඉඩම් භූක්ති ක‍්‍රමය ප‍්‍රබල ලෙස වෙනස් කිරීමට සම්බන්ධයෙන් ජනතාව විරෝධය දැක්වූ බවයි.

ද්විත්ව පාලනය යටතේ පත්ව ආ ෆෙඞ්රික් නෝත් (ක‍්‍රි. ව. 1798-1805) ආණ්ඩුකාරයා යටතේ ඉඩම් භූක්ති ක‍්‍රමය නැවත වෙනස්වීම්වලට ලක් කරනු ලැබීය. ඒ අනුව 1802 තෙක් ආදායම් පාලනය මදුරාසි පාලනය යටතේ ගෙන ගිය අතර කොළඹ, ගාල්ල, මඩකලපුව හා යාපනය වශයෙන් කලෙක්ටරේට්ස්වලට බෙදා ඒවාහි ආදායම් පාලනයට කලෙක්ටර්වරයකු පත් කළ අතර කච්චේරිය ඔහුගේ කාර්යාලය විය. එමෙන්ම බි‍්‍රතාන්‍යයේ පැවති දෙපාර්තමේන්තු ක‍්‍රමය මෙරටට හඳුන්වා දීමට කටයුතු කළ අතර ඒ යටතේ 1801 දී පිහිටු වූ ඉඩම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව හා මැනීම් දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබීය. මේ අතර 1802 ද්විත්ව පාලන ක‍්‍රමය අතහැර බි‍්‍රතාන්‍ය කීරිටයේ යටත් විජිතයක් බවට ලංකාව පත්කරනු ලැබීය. එමෙන්ම 1801 – 1803 අතර කාලයේ පනත් තුනක් මගින් ඉඩම් භුක්තිය හා ඍඡුුව බද්ධව පැවති රාජකාරි ක‍්‍රමය අවලංගු කිරීමට කටයුතු කළ අතර මුදලට ශ‍්‍රමය ලබා ගැනීම බලාපොරොත්තුව විය. නමුත් එමගින් බලාපොරොත්තු වූ පරිදි ආර්ථික වාසි හිමි නොවීය. ඉන් අනතුරුව පත්ව ආ තෝමස් මේට්ලන්ඞ් (ක‍්‍රි.ව. 805-1812) ආණ්ඩුකාරවරයා විසින් නැවත ඉඩම් භුක්ති රාජකාරි ක‍්‍රමය ස්ථාපිත කළ නමුත් නෝත් හඳුන්වා දුන් රජයේ සේවය වෙනුවෙන් මුදලින් චේත්‍ය ගෙවීමත්, ඉඩම් භුක්තිය වෙනුවෙන් අස්වැන්නෙන් කොටසක් බදු වශයෙන් ගෙවීමේ ක‍්‍රමයත් එලෙසම පවත්වාගෙන යන ලදී. ඒ අනුව පෙනී යන්නේ බි‍්‍රතාන්‍යයන් විසින් මුහුදුබඩ ප‍්‍රදේශයේ ඉඩම් භුක්ති ක‍්‍රමයේ වෙනස්කම් ඇති කිරීමට උත්සහ ගත් නමුත් සම්ප‍්‍රදායික ක‍්‍රමයේ පුළුල් වෙනසක් එම සමය තුළ පහතරට ප‍්‍රදේශයේ ද සිදු නොවූ බවයි.

ක‍්‍රි.ව. 1815.03.02 දින උඩරට ගිවිසුම අත්සන් කරමින් සමස්ත ශ‍්‍රී ලංකාවේම පාලන බලය ලබා ගැනීමට බි‍්‍රතාන්‍යයන් සමත් විය. එතැන් සිට 1833 දී කෝල්බෲක් ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දීමෙහි අවධිය දක්වා ඉඩම් භුක්ති රටාව සම්ප‍්‍රදායික ක‍්‍රමය යටතේ පවත්වාගෙන ගොස් ඇත. එහිදී උඩරට රාජධානිය යටතේ ක‍්‍රියාත්මක වූ ඉඩම් භුක්ති ක‍්‍රමය හා රාජකාරි ක‍්‍රමය එලෙසින්ම ඉදිරියට පවත්වා ගත් අතර බි‍්‍රතාන්‍ය රජයට පක්ෂපාතී වූ නිලධාරීන් සඳහා ඉඩම් ආණ්ඩුකාරයා විසින් ප‍්‍රධානය කළ අතර ඒවා ”බි‍්‍රතාන්‍ය දීමනා’’ (British Grants) ලෙස හැ`දින්විය. මෙසේ ස්වදේශීකයන්ට ලබා දුන් ඉඩම් අක්කර 36 වඩා නොවැඩිය යුතු වූ අතර පහතරට ප‍්‍රදේශයේ ඊට වඩා වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රධානය කර ඇත. එමෙන්ම බි‍්‍රතාන්‍යයන්ට විරුද්ධ වූ රදළයන්ගේ ඉඩම් පවරා ගැනීමට ද කටයුතු කර ඇත. තවද බි‍්‍රතාන්‍ය ජාතික වැවිලිකරුවන්ට රජය මගින් නොමිලේ සින්නක්කරව ඉඩම් ලබා දුන් බවට ද සාධක පවතී.

ඒ අතර ලංකා යටත් විජිතයේ ආදායම හා වියදම් පරතරය නිසා බි‍්‍රතාන්‍ය මව් රජය ආර්ථික වාසි ලබා ගැනීමට අවධානය යොමු කළේය. එහිදී ඒ වන විට අත්හදා බලමින් පැවති වතු වගාව දියුණු කිරීම සඳහා අවධානය යොමු විය. එත් සමග ඉඩමහි වැදගත්කම වැඩි වූ අතර ඉඩම් භුක්ති රටාව ප‍්‍රබල වෙනස් වීමකට ලක්විය. ඒ සඳහා අවශ්‍යය මූලික පදනම කෝල්බෲක් – කැමරන් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ මගින් ලබා දෙන ආකාරයක් හඳුනාගත හැකිය. ඒ අනුව කෝල්බෲක් විසින් ඉදිරිපත් කරන ලද ආදායම් හා වියදම් පිළිබඳ වාර්තාව හා අනිවාර්ය සේවා ක‍්‍රමය (රාජකාරි ක‍්‍රමය) පිළිබඳ රහස්‍ය වාර්තාව මගින් යෝජනා කරන ලද කරුණු ඉඩම් භුක්ති රටාව වෙනස් වීමට ප‍්‍රබල හේතුවක් විය. මේ මගින් රාජ්‍ය නිර්බාධවාදි හා ලිබරල්වාදි ප‍්‍රතිසංකරණ හඳුන්වා දීමට කටයුතු කළ නිසා ඉඩම් භුක්ති රටාවද වෙනස් විය.

ඒ අනුව වතු වගාව ව්‍යාප්තිය සඳහා අවශ්‍යය නෛතික පදනම සකස් කිරීමට කෝල්බෲක් ප‍්‍රතිසංස්කරණ මගින් කටයුතු කරනු ලැබීය. එහිදී කෝපි වගාවේ ව්‍යාප්තිය සමග උඩරට ඉඩම්වල ඉල්ලූම ඉහළ ගිය අතර එතෙක් රජය විසින් අනුගමනය කළ නොමිලේ ඉඩම් දීම නතර කරන ලදී. ඒ අනුව අක්කරය සිලිං 05 මිලකට වතු වැවිලිකරුවන්ට විකිණීමට කටයුතු කරන ලද අතර එම නිසා රජයේ ආදායම ද ඉහළ ගොස් ඇත. ඒ අනුව වතු වගාව සඳහා සුදුසු වූ ඉඩම් පැවති කන්ද උඩරට ප‍්‍රදේශයේ පැවති බැවින් සම්ප‍්‍රදායීක ඉඩම් භුක්ති රටාව වෙනස් කරමින් ඉඩම් අත් කරගැනීමට කටයුතු කරන ආකාරයක් දැකගත හැකිය.

එමෙන්ම වතු වගාව සඳහා පෞද්ගලික ව්‍යවසායකයන්ට බාධාවකින් තොරව ශ‍්‍රමය ලබා ගැනීම සඳහා අනිවාර්ය සේවා රාජකාරි ක‍්‍රමය අමානුශික ක‍්‍රමයක් බව දක්වමින් අහෝසි කිරීමට කටයුතු කළ අතර එම නිසා ඒහා බැ`දී පැවති සම්ප‍්‍රදායික ඉඩම් භුක්ති රටාවටත්, කුල ක‍්‍රමයටත් දැඩි බලපෑමක් එල්ල විය. එහිදී රාජකාරි ක‍්‍රමය නිසා ඉඩමට, ගමට හා කුලයට බැඳී සිටි ජනතාවට එකි බැමිවලින් මිදී න්‍යයාත්මක වශයෙන් කැමති

රැකියාවක් කිරීමේ හා ඉඩම් වගාවෙන් නිදහස් වීමට හැකියාව ලැබිණ. ඒ අනුව රාජකාරි ක‍්‍රමය අහෝසි කිරීම නිසා සම්ප‍්‍රදායික ඉඩම් භුක්ති රටාවේ පදනම දෙදරා ගිය අතර ගැමියන් රැසකට ඉඩම් අහිමි වීමේ අවදානමක් ද ඇති විය.

ඒ අනුව කෝල්බෲක් ප‍්‍රතිසංස්කරණ නිසා වතු වගාව දියුණු වීමට අවශ්‍ය පදනම සකස් වූ අතර ඒ යටතේ කෝපි වගාව ඉතා වේගයෙන් ව්‍යාප්ත විය. කෝපි වගාවට අවශ්‍යය උස් බිම් ලබා ගැනීම සඳහා බි‍්‍රතාන්‍ය රජය විවිධ ප‍්‍රතිපත්ති අනුගමනය කළහ. එහිදී 1840 – රාජ්‍ය ඉඩම් ආඥාපනත, 1856 – පන්සල් ඉඩම් ආඥාපනත, 1867 අංක 05 දරන පනත, 1897 – මුඩු බිම් ආඥාපනත, 1927 – ඉඩම් කොමිසම, 1935 – ඉඩම් සංවර්ධන ආඥාපනත යන පනත් හඳුන්වා දෙන ලදී. ඒ අනුව කෝල්බෲක් ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් වතු වගාව සඳහා ආයෝජනය කිරීමට විශාල යුරෝපියන් පිරිසක් මෙරටට පැමිණි අතර ඔවුන්ට අවශ්‍යය ඉඩම් ලබා ගැනීම සඳහා විවිධ වූ ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමට රජය කටයුතු කොට ඇත.

ඒ අනුව කෝපි වගාවේ ව්‍යාප්තියත් සමග උඩරට ප‍්‍රදේශයේ කඳුකර ඉඩම් සඳහා ඉල්ලූම ඉහළ ගිය ආකාරයක් හඳුනාගත හැකිය. එම නිසා ගැමියන් එතෙක් සම්ප‍්‍රදායික උරුමය යටතේ භුක්ති වි`දින ලද කැළෑ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ගෙන 1840 අංක 12 දරන රජයේ ඉඩම්වලට ඇතුළත් වීමේ ආඥා පනත ඉතා වැදගත්ය. මෙම පනත සඳහා 1841 දී සංශෝධනයක් ද ඉදිරිපත් කර ඇත. එම පනතට අනුව උඩරට ප‍්‍රදේශයේ සියලූ කැලෑ, තණ බිම්, හේන් සහ වගා නොකළ බිම් සියල්ලම රජය සතු බව ප‍්‍රකාශ කළේය. එමෙන්ම වැසියන් භුක්ති වි`දින ලද ඉඩම්වලට ද නිත්‍යානුකූල අයිතියක් ඔප්පු කළ නොහැකි වුවහොත් එම ඉඩම් ද රජය සතු බව ප‍්‍රකාශ කරන ලදී. මෙම පනතට අනුව නීත්‍යානුකූල භාවය ඔප්පු කිරීම සඳහා ලිඛිත ඔප්පු හෝ බදු හෝ ණය සේවාවන් පිළිබඳ ලගුපත් ඉදිරිපත් කළ යුතු වූ සමාන්‍ය ජනතාව සතුව ඒවැනි සාක්ෂි ඉදිරිපත් කළ නොහැකි විය. මෙම ක‍්‍රමය යටතේ සමාන්‍ය

ජනතාවගෙන් ඔවුන් සතු වූ පාරම්පරික ඉඩම් නීත්‍යානුකූලව කොල්ල කෑමට කටයුතු කරනු ලැබීය. එමෙන්ම හේන් ගොවිතැන, ඇතුළු දෛනික කටයුතු සඳහා භාවිතා කළ කැළෑ ඉඩම් ද ඔවුන්ට අහිමි විය. මෙලෙස කොල්ල කෑ ඉඩම් වතු වගාකරුවන්ට කැබලි කර විකිණීමට කටයුතු කළේය. මෙසේ ලබාගත් ඉඩම්වලින් 1833 – 1880 අතර කාලයේ දී අක්කර 25,000ක් විකුණා ඇති අතර එමගින් රජය රු. 18,746,890 ක ලාභයක් ලබාගෙන ඇත. එහිදී අක්කරයක් සිලිං 31කට විකුණා ඇති අතර 1889 වන විට දිවයිනේ මතුපිට භූමි ප‍්‍රමාණයෙන් 10%ක විකුණා තිබු බවට සඳහන් වේ. එම ඉඩම්වලින් 70% මිලදීගෙන ඇත්තේ යුරෝපා ජාතිකයන්ය. ඒ අනුව පෙනී යන්නේ වතු වගාව නිසා උඩරට ප‍්‍රදේශයේ ඉඩම්වල වටිනාකම ඉහළ ගිය අතර යුරෝපා වතු වැවිලිකරුවන් මෙරට ඉඩම් භුක්ති රටාවට එකතු වීමත් ගැමි ජනතාවට ඉඩම් අහිමි වීමත් මෙම ආඥාපනත මගින් සිදු වූ බවයි.

මෙසේ ඉඩම් භුක්ති රටාව වෙනස් වීම නිසා ගැමි ජනතාවගේ සමාජීය ජීවිතයට විශාල බලපෑමක් වී ඇත. රාජකාරි ක‍්‍රමය තහනම් කිරීම නිසා කුල ක‍්‍රමය මත වූ ඉඩම් භුක්තිය බිඳ වැවී ඇත. ඒ අනුව ඉඩම් භුක්ති රටාවෙහි සිදු වූ වෙනස්කම් නිසා සම්ප‍්‍රදායික උඩරට සමාජ රටාව දෙදරා ගිය අතර සමාජීය වශයෙන් ගැටලූ රැසකට මඟ පෑදින. එමෙන්ම මෙම ඉඩම් පනත නිසා සමාජයේ ඇති වූ ව්‍යාකූල පසුබිම 1848 නිදහස් අරගලය සඳහා ද හේතුවන ආකාරයක් දැකගත හැකිය.

ඉඩම් භුක්ති රටාවෙහි වෙනස්කම් ඇති කළ තවත් අඥා පනතක් වශයෙන් 1856 අංක 10 දරන විහාර දේවාලගම් ආඥාපනත සහ පන්සල් ඉඩම් ලියාපදිංචි කිරීමේ ආඥාපනත පෙන්වා දිය හැකිය. සම්ප‍්‍රදායික ඉඩම් භුක්ති රටාව තුළ විහාර හා දේවාල නඩත්තුව සඳහා පූජා කරන ලද ඉඩම් මෙනමින් හැ`දින්වූ අතර එම ඉඩම්වල ජීවත් ජනතාව කුලය අනුව විහාරයේ හෝ දේවාලයේ ආගමික කටයුතු වෙනුවෙන් සේවය කළ යුතු විය. එමෙන්ම මෙම ඉඩම්වල ජීවත් වුවන් රජුගේ සේවයෙන් නිදහස් විය. උඩරට රාජ්‍යයේ සැලකිය යුතු ඉඩම් ප‍්‍රමාණයක් මෙම ගණයට අයත් විය. කෝපි වගාව සඳහා සුදුසු වූ කඳුකර ප‍්‍රදේශ රැසක් එම ඉඩම්වලට අයත් වූ නිසා ඒවා අත්පත් කර ගැනීමෙහි අපේක්ෂාවෙන් මෙම පනත ගෙන එන ආකාරයක් හඳුනාගත හැකිය. ඒ අනුව ඉඩම්වල මායීම් ඔප්පු කිරීමට භික්ෂූන්ට සිදු වූ අතර ඉඩම් මැනීමට යන වියදමින් අර්ධයක් විහාරාධිපති හිමි විසින් දැරිය යුතු විය. එහිදී මැනීමේ ගාස්තු ගෙවීමට නොහැකි වූ ඉඩම්, නීත්‍යානුකූලව ඉඩම් මායිම් ඔප්පු කිරීමට නොහැකි වූ ඉඩම් රජය විසින් අත් කරගන්නා ලදී. මෙම පනත නිසා බෞද්ධ විහාර සතු වූ ඉඩම් විශාල සංඛ්‍යාවක් නීත්‍යානුකූලව කොල්ල කෑ අතර ඒ සම්බන්ධයෙන් වූ චෝදනා රැසක් පිළිබඳ තොරතුරු  ‘‘A Gazetteer of the Central Province of Ceylon  – 1892’’ (ලෝරි ගැසටියර්) තුළින් හඳුනාගත හැකිය. උදාහරණයක් වශයෙන් අලවතුගොඩ සමන් දේවාලයට එසේ අහිමි වූ ඉඩම් සම්බන්ධයෙන් එහි බස්නායක නිලමේ විසින් ඉදිරිපත් කරන ලද චෝදනාව මෙලෙස වාර්තාකොට ඇත. ඒ අනුව ”,.විහාර ඉඩම් කොමිසම විසින් දේවාලයට අයිති ඉඩම්වලින් බොහෝ කොටසක් අහිමි කරන ලදී.,. පෙරහැර අවසානයේ දිය කපන කුඩා වැව එහි පිහිටියේය. දැන් එය ගුරලහෙල වතුයායට අයිති වී ඇත.’’ වශයෙනි. ඒ අනුව පෙනී යන්නේ නීත්‍යානුකූල පදනම යන න්‍යාය ඉඩම් භුක්ති රටාවට හඳුන්වා දෙමින් විශාල ඉඩම් ප‍්‍රමාණයක් කොල්ල කෑමට බි‍්‍රතාන්‍ය රජය කටයුතු කළ බවයි.

ඒ අනුව 1856 විහාර දේවාලගම් ආඥාපනත යටතේ ද කෝපී වගාව සඳහා විහාර සතු වූ ඉඩම්වලින් අක්කර ලක්ෂ 02 පමණ ප‍්‍රමාණයක් කොල්ල කෑ අතරම එමගින් විහාරවල භික්ෂූන්ට සම්ප‍්‍රදායික බැඳීම්වලින් එහාට ගිය ඉඩම සම්බන්ධයෙන් අයිතිවාසිකම් කීමෙහි හැකියාවක් ද උදාවන විය. ඒ අනුව නිශ්චිත ලෙස සීමා කොට ලියාපදිංචි කිරීම නිසා විහාරාධිපතීන්ට එම ඉඩම් සම්බන්ධයෙන් අධිකාරි බලයක් ලැබුණු අතර ඇතැම් අවස්ථාවල ඉඩම් විකිණීමට පවා යොමු වී ඇත. මෙම තත්ත්වය නිසා එවාහි ජීවත් වූ ගොවීන් දැඩි අපහසුතාවයකට ලක් විය. මෙම තත්ත්වය නිසා සම්ප‍්‍රදායික භුක්ති ක‍්‍රමය යටතේ විහාරස්ථානවල සිදු වූ පෙරහැර පැවැත්වීම වැනි ආගමික කටයුතුවලට ද බාධා ඇති විය.

බි‍්‍රතාන්‍යයන් යටතේ ඉඩම් භුක්ති රටාවෙහි සිදු වූ වෙනස්කම් ගැන විමසීමේ දී 1867 අංක 05 දරන පනත මගින් ධාන්‍ය බදු අය කිරීමට කටයුතු කරන ලදී. මෙම පනත මගින් සෑම කුඹුරකම අස්වැන්න තක්සේරු කොට ඉන් කොටසක් රජයට බදු වශයෙන් ගෙවීමට නියම කරන ලදී. මෙසේ ගෙවිමට නියම වූ බදු ප‍්‍රමාණය කුඹුරුවල ආදායමට අනුකූල නොවූ අතර එය ඉතා අසාධාරණ විය. බදු ගෙවීමට නොහැකි වීම නිසා විශාල කුඹුරු ප‍්‍රමාණයක් රජයට පවරා ගත් අතර ඒවා වතු වැවිලිකරුවන්ට හා දේශීය ධනවතුන්ට විකුණන ලදී. මෙම නිසා ඇතැම් ගොවීන්ට සම්ප‍්‍රදායිකව භුක්ති වි`දි කුඹුරු අහිමි වූ අතර ඇතමුන් අඳ ගොවීන්ගේ තත්ත්වයට පත් විය. මෙයින් ඇතැම් කුඹුරු පහත රට ධනවතුන් හා මුස්ලිම්වරු ලබා ගත්හ. ඔවුන් තම ඉඩමෙහි සිටි ගොවීන්ගෙන් ගෞරවය බලාපොරොත්තු වූ නමුත් සම්ප‍්‍රදායික ගොවීන් ඊට අකමැති විය. මෙම තත්ත්වය නිසා උඩරට ඉඩම් හිඟයක් ඇති විය. එමෙන්ම සමාජ තත්ත්වය හා ආර්ථික ශක්තිය මනින ඒකකයක් වශයෙන් ඉඩම ඉදිරියට ඒමක් ද හඳුනාගත හැකිය. එමෙන්ම මෙම තත්ත්වය නිසා ඉඩම් අහිමි වූ සමාන්‍ය ගොවිජනතාව විදි ගැටලූ පිළිබඳව Le Mesurier වැනි සිවිල් සේවකයන් විසින් වාර්තා කොට ඇත. ඒ අනුව පෙනී යන්නේ මෙම පනත මගින් සම්ප‍්‍රදායික ඉඩම් භුක්ති රටාව වෙනස් වී ආර්ථික හා සමාජීය වශයෙන් ගැමි ජනතාව දැඩි පීඩාවකට ලක් වූ බවයි. එමනිසා මෙම පනත 1872 දී ඉවත් කරගත් නමුත් ජනතාවට එයින් සිදු වූ අහිතකර තත්ත්වය මග හැරි ගියේ නැත. එමෙන්ම 1871 දී Hemileia Vastatrix රෝගය වැළ`දීම නිසා කෝපි වගාව විනාශ විය. එයින් ද වැඩි බලපෑමක් සිදු වූයේ ගැමි කෝපි වගාකරුවන් හෙවත් සමාන්‍ය කෝපි වගාකරුවන්ය. එමෙන්ම මෙම සමයේ වතු සම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය ද එය අහිතකර ලෙස බලපෑවේය. ඒ අනුව පෙනී යන්නේ බි‍්‍රතාන්‍යයන්ගේ ඉඩම් ප‍්‍රතිපත්තිය නිසා සාමාන්‍ය උඩරට ගැමි ජනතාව දැඩි පීඩනයකට ලක් වූ බවයි.

එමෙන්ම 19 වන සියවසේ ඉංග‍්‍රීසීන්ගේ ඉඩම් ප‍්‍රතිපත්තියේ වැදගත් ඉතා වැදගත් පනතක් වශයෙන් 1897 අංක 01 දරන මුඩුබිම් පනත පෙන්වා දිය හැක. මෙම පනත මගින් ද වතු වගාවට අවශ්‍ය ඉඩම් ලබා ගැනීමට කටයුතු කළේය. එහිදී දිසාපතිවරයාගේ නිර්දේශ මත වගා නොකිරීම හා අයිතිය ඔප්පු කිරීමට නොහැකි වීම යන පදනම යටතේ විශාල ඉඩම් ප‍්‍රමාණයක් පවරා ගැනීමට කටයුතු කර ඇත. මෙසේ බි‍්‍රතාන්‍ය යුගයේ ඉඩම් භුක්ති රටාවෙහි සිදු වූ වෙනස්කම් නිසා වතු වගාව දියුණු වූ නමුත් සමාන්‍ය ජනතාව ඉඩම් හිඟය හා සමාජීය රටාව වෙනස් වීම නිසා විශාල පීඩනයකට ලක් විය. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා 1927 දී ඉඩම් කොමිසම පත් කිරීමට කටයුතු කළ අතර එමගින් රජයේ ඉඩම් ප‍්‍රතිපත්තිය වෙනස් විය යුතු බව නිර්දේශ කළේය. එම නිසා 1931 ඉඩම් නිරවුල් කිරිමේ ආඥාපනතත්, 1935 ඉඩම් සංවර්ධන ආඥාපනතත් හඳුන්වා දීමට කටයුතු කළ අතර එමගින් රජය සතු ඉඩම් බදු පදනම යටතේ සමාන්‍ය ජනතාවට ලබා ගැනීමට හැකි විය. තවද උඩරට ඉඩම් ප‍්‍රශ්නය විස`දීම සඳහා 1949 උඩරට ගැමි කොමිසම හා 1955 ඉඩම් කොමිසම පත් කිරීමට නිදහසින් පසු බලයට පත් වූ රජයන්ට සිදු විය. නමුත් බි‍්‍රතාන්‍යයන් හඳුන්වා දුන් ඉඩම් භුක්ති රටාව නිසා ඇති වූ සමාජ ආර්ථික වෙනස් වීම් සඳහා සාර්ථක විසඳුම් ලබා දීමට එමගින් හැකියාවක් නොලැබිණ.

ඒ අනුව බි‍්‍රතාන්‍යයන් හඳුන්වා දුන් ඉඩම් භුක්ති රටාව නිසා සමාජ, දේශපාලන, ආර්ථික ගැටලූ රැසකට මුහුණ දීමට උඩරට ගැමි ජනතාව සිදු වූ අතර සම්ප‍්‍රදායික ඉඩම් භුක්ති රටාව සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන ආකාරයක් හඳුනාගත හැකිය. ඒ අනුව පෙනී යන්නේ බි‍්‍රතාන්‍ය ඉඩම් ප‍්‍රතිපත්තිය නිසා සම්ප‍්‍රදායික කෘෂිකාර්මික ආර්ථිකය බිඳ වැටීමකටත්, වතු වගාව කේන්ද්‍ර කරගත් ආර්ථික රටාවක් බිහි වීමටත් අවශ්‍යය පදනම බි‍්‍රතාන්‍යයන්ගේ ඉඩම් ප‍්‍රතිපත්තිය හේතූ වූ බවයි.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ සහ ලිපි නාමාවලිය

ප‍්‍රාථමික මූලාශ‍්‍ර :-
ලොරි ගැසටියර්, සංස්. එච්. එම්. ඞී. ආර්. හේරත්, මහනුවර, මධ්‍යම පළාතේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 2014.

ද්විතික මූලාශ‍්‍ර :-

ඊරියගම, තිස්ස. ශ‍්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය, කොළඹ, ජාතික අධ්‍යාපන පදනම, 1997.

කරුණානන්ද, යු. බී. ‘කන්ද උඩරට රාජධානියේ අභ්‍යන්තර ගතිකතා සහ එම රාජ්‍යයේ බිඳ වැටීම’, ශ‍්‍රී ලාංකේය ඉතිහාසය : වෙ‘ඵම 04, සංස්. ඩබ්ලිව්. එම්. කේ. විජේතුංග, කොළඹ, ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, 2014.

කොඞ්රිංටන්, එච්. ඩබ්. ලංකාවේ පූරාණ ඉඩම් බුත්තිය හා ආදායම, කොළඹ, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, 1980.

ගුණවර්ධන, දිලාන්. ”පුරාණ ලංකාවේ ඉඩම් භුක්තිය’’, මහාචාර්ය තිස්ස කාරියවසම් අභිනන්දිකා, සංස්. මුදියන්සේ දිසානායක සහ තවත් අය, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2006.

ජයවර්ධන, කුමාරි. සොක්කන් ලොක්කන් වූ වගයි, පරි. පේ‍්‍රමලාල් කුමාරසිරි සහ ආනන්ද වත්කුඹුර, කොළඹ, සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, 2006.

ද සිල්වා, එම්. යූ. ‘යටත් විජිත පාලන ව්‍යුහයන් ස්ථාපිත කිරීම’, ශ‍්‍රී ලාංකේය ඉතිහාසය : වෙළුම 04, සංස්x ඩබ්ලිව්x එම්x කේx විජේතුංග, කොළඹ, ඇම්x ඞීx ගුණසේන සහ සමාගම, 2014.

පීරිස්, රැල්ෆ්. ‘‘ ඉඩම් බුක්ති ක‍්‍රම’’, සිංහල විශ්ව කෝෂය 03 වැනි කාණ්ඩය, සංස්. ඞී. ඊ. හෙට්ටිආරච්චි, කොළඹ, සංස්කෘතික දෙපාර්තමේන්තුව, 1967.

විමලරත්න, කේ. ඞී. ජී. බි‍්‍රතාන්‍යයන් යටතේ ලංකාවේ විහාර ඉඩම් පාලනය, කොළඹ, තෙන්නකෝන් විමලානන්ද පදනම, 1991x

විමලරත්න, කේ. ඞී. ජී.ලංකාවේ බි‍්‍රතාන්‍ය ආධිපත්‍යය, කොළඹ, රත්න පොත් ප‍්‍රකාශකයෝ, 1993.

Bandarage, Asoka. Colonialism in Sri Lanka, Colombo, A Stamford
Lake, 2005.

De Silva, Colvin. Ceylon under the British Occupation 1795-1833,
Colombo, the Colombo Apothecaries’ Co. LTD., 1962.

ඩබ්ලිව්. එම්. එම්. සංජය වීරකෝන්.
ශාස්ත‍්‍රවේදී (ගෞරව) ඉතිහාසය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment