ශ‍්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය හා අනාගත අභියෝ ජය ගැනීම – * පෙරඹර

1201

අපි සියලූ දෙනා දන්නා පරිදි ශ‍්‍රී ලංකාව, නිදහස් සෞඛ්‍ය (Free Health) හා නිදහස් අධ්‍යාපනය (Free Education) පවත්වාගෙන යන රටකි.

ඇත්ත වශයෙන්ම ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් හා අධ්‍යාපන සේවාවන් රජය විසින් නොමිලේ ලබා දෙන බව මෙහි නිවැරදිම විග‍්‍රහය වේ. මෙම නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යෑම නිසා අප ළඟා කරගෙන ඇති සාර්ථකත්වයන්, එය පවත්වාගෙන යන ආකාරයත්, එය මුහුණ දෙන අභියෝග හා එම අභියෝග ජය ගන්නා ආකාරය මෙම ලිපිය මගින් සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වේ. ශ‍්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට ඕනෑම රජයේ රෝහලකින් බාහිර රෝගියෙකු හෝ නේවාසික රෝගියෙකු ලෙස ප‍්‍රතිකාර ලබා ගත හැකි අතර ඒ සඳහා මුදලක් අය කරනු නොලබයි.

එමෙන්ම නිවාරණ සෞඛ්‍ය සේවාවන්, සෞඛ්‍ය ප‍්‍රවර්ධන වැඩසටහන් වැනි සේවාවන්ද රජය විසින් මුදල් අය කිරීමකින් තොරව ජනතාවට ලබා දේ. මෙය බැලූ බැල්මට නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවාවකි. නමුත් මෙම සියලූම සේවා පවත්වා ගැනීම සඳහා වියදම් කරනු ලබන මුදල් රජය වක‍්‍ර බදු මාර්ගයෙන් ජනතාවගෙන් ලබා ගනී. මේ පිළිබඳව ජනතාවට දැනුවත්භාවයක් නොමැති අතර රටේ සෑම පුරවැසියෙකුම (දුප්පත් පොහොසත් භේදයකින් තොරව) මෙම වක‍්‍ර බද්ද සඳහා සමාන දායකත්වයක් ලබා දේ. කෙටියෙන් කිවහොත් ජනතාවගේ මුදලින් ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා දීමට රජයන් කටයුතු කර ඇත.

ශ‍්‍රී ලංකාව තමන්ගේ දළ ජාතික නිෂ්පාදිතයෙන් (GNP) 3.8% ක් පමණ සෞඛ්‍ය සඳහා වෙන් කරනු ලබන අතර ඉන් 95% ක් ප‍්‍රතිකාරක සේවා සඳහාද (Curative) 5% ක් පමණ නිවාරණ සෞඛ්‍ය (Preventද්‍යve Health) සඳහාද යොදා ගනියි. මෙය නැවත සලකා බැලිය යුතු තත්ත්වයකි. නිවාරණ සෞඛ්‍ය සඳහා අඩු මුදලක් වැය කිරීම ප‍්‍රතිකාර සේවා සඳහා වැඩි මුදලක් වැය කිරීමට හේතු වේ. මෙහිදී ප‍්‍රතිකාරයට වඩා නිවාරණය වැදගත් (Prevention is better than Cure)  යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

රටක් ලෙස අවම මුදලක් වියදම් කර ඉහළ සාර්ථකත්වයක් ළඟා කර ගැනීම අගය කළ යුතුය. මරණ අනුපාතය, අපේක්ෂිත ආයුකාලය, මාතෘ මරණ අනුපාතිකය, ළදරු මරණ අනුපාතිකය වැනි දර්ශක වලින් ශ‍්‍රී ලංකාව ඉහළින් සිටීම නිදහස් සෞඛ්‍යයේ ප‍්‍රතිඵල බව පැහැදිලිය. එමෙන්ම 2නප ක් තුළ ළමා සායනයක්, 4km ක් තුළ වෛද්‍ය මධ්‍යස්ථානයක්, 6.5kmතුළ රෝහලක් පැවතීම නිදහස් සෞඛ්‍ය නිසා ජනතාව ලද තවත් ජයග‍්‍රහණයන්ය. එමෙන්ම සියලූම කාර්යමණ්ඩල අවශ්‍ය ප‍්‍රමිතියෙන් හා සුදුසුකම් වලින් පරිපූර්ණ වීමත්, ඔවුන් සේවාවන් ලබා දීමේදි නියාමනයන්ට (උදා – ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව) අනුගතව කටයුතු කිරීමත් නිසා ලබා දෙන සේවාවන්වල ගුණාත්මකභාවය ආරක්ෂා වේ.

මේ සියලූම තත්ත්වයන් යටතේ ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය මුහුණ දෙන නොපෙනෙන අභියෝග රැුසකි. මුළු ලෝකයම තිරසාර සංවර්ධන ඉලක්ක අනුව කටයුතු කරන අවස්ථාවක, ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය එම අරමුණට අනුගතව 2030 දී එම අරමුණුවලට ළඟා වීමට කටයුතු කිරීමට අවශ්‍ය වේ. එහිදී විශ්ව සෞඛ්‍ය ආවරණය (Universal Health Coverage) යන තේමාව යටතේ සෞඛ්‍ය අංශයේ සේවාවන් සියලූම ජනතාවට සමාන ආවරණයකින් ලබා දීමටත්
(Population Coverage) අවශ්‍ය සියලූ සේවාවන් ප‍්‍රමිතියෙන් ලබා දීමට (Service Coverage) හා ජනතාවට මූල්‍ය අපහසුතාවක් නොවන පරිදි ලබා දීමටත් (Fද්‍යnance Coverage) අප කටයුතු කළ යුතුව ඇත. එම තත්ත්වයන් යටතේ රටේ රාජ්‍ය යාන්ත‍්‍රණය හරහා ක‍්‍රියාත්මක වන සෞඛ්‍ය සේවාව හා පෞද්ගලික අංශය හරහා (පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන) ලබා දෙන සෞඛ්‍ය සේවාව එක ලෙස කළමනාකරණය යුතුව ඇත. ඊට හේතුවන්නේ බාහිර රෝගී ප‍්‍රතිකාර සේවා 55:45 ලෙසද, නේවාසික ප‍්‍රතිකාර සේවා 95:5 ලෙසද රාජ්‍ය හා පෞද්ගලික අංශය අතර බෙදී යන බැවිණි. නිවාරණ සෞඛ්‍ය 100% ක්ම රාජ්‍ය යාන්ත‍්‍රණය මගින් ලබා දේ. මෙහිදි අපි සලකා බැලිය යුත්තේ ජනතාව රෝගී වූ විට නොමිලේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන රටක් ලෙස ජනතාවගේ මුදල් ප‍්‍රතිකාර සේවාව ලබා දීමේදි වැය වන ආකාරය දෙසයි. පසුගිය වසර කිහිපය පුරාම සෞඛ්‍ය සේවාව සඳහා සමස්ත රට වියදම් කළ මුදල විමසා බැලූ විට ඉන් 50% ක් රජය විසින්ද (ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදලින්* ඉතිරි 50% ජනතාව විසින්ද දරා ඇත. මෙසේ ජනතාවගේ මුදල් වියදම් වීම පෞද්ගලික වෛද්‍ය සේවා, රසායනාගාර සේවා, ඖෂධ සඳහා වන ඍජු වියදම් හා ප‍්‍රවාහනය, ඉපැයීම් අහිමි වීම වැනි වක‍්‍ර වියදම් නිසාද සිදු වේ. මෙය ඉතාමත් අවදානම් සහගත හා බැ?රුම් තත්ත්වයකි. ජනතාවගේ වක‍්‍ර බදු ලෙසද මුදල් ලබා ගනිමින් හා ජනතාව සේවාවන් ලබා ගැනීමේදී සෞඛ්‍යට 50% ක් අතින් මුදල් වියදම් කිරීම (Out of pocket expendද්‍යture) රටකට විශ්ව සෞඛ්‍ය ආවරණය ලබා දීමේදි විශාල ගැටලූවකි. මෙම අගය අවම වශයෙන් 10% කට වඩා අඩු විය යුතුය. එසේ නොවන හැම අවස්ථාවකදීම ජනතාවට සෞඛ්‍ය වියදම් නිසා තම එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමේ අපහසුතාව හෝ දරිද්‍රතාවට පත්වීම නොවැළැක්විය හැකි වනු ඇත. එය අප කියන්නා වූ නිදහස් සෞඛ්‍යයේ මූලික හරයට ප‍්‍රතිවිරුද්ධ තත්ත්වයකි.

ශ‍්‍රී ලංකාව තුළ වැඩිහිටි ජනතාව වැඩිවිමක් හා බෝ නොවන රෝගවල පැහැදිලි වැඩිවීමක් දක්නට ඇත. මෙය රටේ සෞඛ්‍යයේ ප‍්‍රධානම අවධානයක් යොමු විය යුතු අවස්ථාවකි. එම කාරණය දෙස විශේෂ අවධානයක් යොමු කොට සෞඛ්‍යාරක්ෂිත ආහාර රටාවකට හා සෞඛ්‍යාරක්ෂිත ජීවන රටාවකට ජනතාව යොමු කිරීමට අප පියවර ගත යුතුය. එහිදී කෘෂි රසායන භාවිතය, කිරිපිටි, පාන්පිටි භාවිතය, අරක්කු, සිගරට් භාවිතය දැඩි ලෙස සීමා කළ යුතුව ඇත. රටට විදේශ විනිමය ඉතිරි කර ගැනීමටත්, රටේ ජනතාව සෞඛ්‍ය සම්පන්න කර ගැනීමටත් ඒ හරහා ජනතාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමටත් පිටිවහලක් වනු ඇත. ඒ සම්බන්ධයෙන් රජය හා බලධාරීන් කොතරම් අවදානමක් හා කැපවීමක් සිදු කර ඇත්දැයි ගැටලූ සහගතය. ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවා ආවරණයක් ලබා දෙමින් ජනතාව මූල්‍යමය වශයෙන් අගතියට පත් වීම වැළැක්වීම නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින රටක් ලෙස අපේ ප‍්‍රධාන අරමුණක් විය යුතුය. ඒ සඳහා පෞද්ගලික අංශයේ සේවාවන් වල ගුණාත්මකභාවය තහවුරු කිරීමත්, එම සේවාවන් රාජ්‍ය යාන්ත‍්‍රණයක් හා සමගාමීව ජනතා අවශ්‍යතාව අනුව ලබා දීමටත්, සෞඛ්‍ය පද්ධතිය කළමනාකරණය කර ගත යුතුය. එය කළ හැකි හා ජය ගත හැකි අභියෝගයකි. ඒ සඳහා ක‍්‍රමවත් පරිපාලනයක්, ක‍්‍රමවත් සත්කාරක සේවාවක් පවත්වාගෙන යෑමේ ක‍්‍රමවේදයක් හා ප‍්‍රමුඛතා අනුව සෞඛ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමත් අවශ්‍ය වනු ඇත. මේ සඳහා සමස්ත සෞඛ්‍ය පද්ධතිය තුළ නව අදහස් හා ක‍්‍රමවේද අනිවාර්යයනේම ඇතුළත් කළ යුතුව ඇත. එසේ නොවුණහොත් නිදහස් සෞඛ්‍ය සේවය යන්න හුදු නාමමාත‍්‍රික සිතුවිල්ලක් වනු ඇත.

රටේ නිදහස් සෞඛ්‍ය සේවාව පැවතීම නිසා අප ලද ජයග‍්‍රහණ අතර රාජ්‍ය සේවය පර්යන්තවල පවත්වාගෙන යෑමට හැකි වීම, පර්යන්තයේ සිට නාගරික ප‍්‍රදේශ වලට පැමිණිම අවම වීම හා රටේ සංවර්ධන ක‍්‍රියාවලිය පවත්වාගෙන යෑමටද පිටිවහලක් වනු ඇත. මීට නිදහස් අධ්‍යාපනයද ඍජුවම දායකත්වයක් ලබා දේ.

එබැවින් පවතින නිදහස් අධ්‍යාපනයේ, නිදහස් සෞඛ්‍යයේ ගැටලූ හා අනාගත අභියෝග අද දිනයේ නිවැරදිව දැක නිවැරදි ප‍්‍රතිපත්තිමය තීන්දු ගැනීම තුළින් මේ රටේ ආර්ථික හා සාමාජීය ලෙස සංවර්ධනය කිරීම සිහිනයක් නොවනු ඇත. නිදහස් සෞඛ්‍ය හා අධ්‍යාපනය රැුක ගැනීමට සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාව එකාවන්ව පෙළ ගැසිය යුතු කාලය එළඹ ඇත.

ශ‍්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය හා අනාගත අභියෝ ජය ගැනීම - * පෙරඹර


වෛද්‍ය නවීන්ද සොයිසා

සහකාර ලේකම්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment