ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ලංකා බැංකුව සමගින් එක්ව QR පහසුකම හඳුන්වා දෙයි

44

ශ‍්‍රී ලංකාවේ දැවැන්ත රාජ්‍ය ආයතන යුගලයක් වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හා ලංකා බැංකුව එක්ව සිය සබඳතාවය වඩාත් ශක්තිමත් කරමින් පාරිභෝගික යහපැවැත්ම සහ පහසුව සහතික කිරීම සඳහා ලංකා බැංකුවේ මුදල් රහිත QR‍ ගෙවීම් පහසුකම BOC SmartPay‍ හරහා ජීවිත රක්ෂණ වාරික ගෙවීමේ පහසුව සලසා දෙයි.

රට තුළ පවතින වසංගත තත්ත්වය මධ්‍යයේ පාරිභෝගිකයින්ට අඛණ්ඩ රක්‍ෂණ සේවාවන් ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමේ වැදගත්කම අවබෝධ කර ගනිමින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ලංකා බැංකුව එක්ව ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට මෙම පහසු සහ සුරක්ෂිත ගෙවීමේ ක‍්‍රමය හඳුන්වා දෙන ලදී. මෙම ගෙවීම් පහසුකම මගින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්‍ෂණ ඔප්පු හිමියන්ට ඩිජිටල් මාධ්‍ය ඔස්සේ වේගවත් සහ ආරක්‍ෂිත ගෙවීම් කිරීමට හැකියාව ලැබේ. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව තාක්ෂණික දැනුම ඔස්සේ වඩාත් ඵලදායී පාරිභෝගික සේවාවක් ලබාදීම සදඟා නිරන්තරයෙන් උත්සාහ දරණ අතර එහි දිගුවක් ලෙස පාරිභෝගිකයින්ට රක්ෂණය යන සංකල්පය සමීප කිරීම සඳහා නව තාක්ෂණය ඔස්සේ ඔවුන්ට ආයතනය සමගින් සමිබන්ධ විය හැකි මාර්ග පුළුල් කිරීම සිදු කරයි.

වසංගත තත්ත්වය තුළ, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගික ආරක්ෂාව ප‍්‍රමුඛ කොට සලකන අතර පාරිභෝගිකයන්ගේ සුරක්ෂිතබව හා පහසුව සලකමින් ඩිජිටල් ගෙවීම් ක‍්‍රම භාවිතා කරන ලෙස සිය රක්ෂණ ඔප්පු හිමියන් දිරිමත් කරයි.

ජායාරුපය – ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලූ‍ත්ගම මහතා සහ ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ. ඊ. ඞී. සුමනසිරි මහතා ගෙවීම් ක‍්‍රමය හඳුන්වා දුන් අවස්ථාව

advertistmentadvertistment
advertistmentadvertistment