ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20 – 20 තරගය අද (24 වැනිදා) එංගලන්තයේ කාඩිෆ් හිදී පැවැත්වේ.
දෙරට අතර තරග 3 කින් යුත් පන්දුවාර 20 – 20 තරගාවලියේ පළමු තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත‍්‍රි 11.00 ට ආරම්භ වීමට නියමිතව තිබිණි.
කාඩිෆ් හි අද පැවැත්වෙන තරගය ද ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 11. 00 ට පැවැත්වේ.
ශ‍්‍රී ලංකා කණ්ඩායම නායක කුසල් ජනිත් පෙරේරා විසින් ද එංගලන්ත කණ්ඩායම නායක එයින් මෝගන් විසින් ද මෙහෙයවනු ලබයි.දෙරට අතර
අවසාන වශයෙන් (ඊයේ තරගය මෙයට අදාළ නොවේ* පැවැති තරග 5 න් තරග 3 ක් එංගලන්තයත් තරග දෙකක් ශ‍්‍රී ලංකාවත් ජය ගෙන ඇත.
|