ශ‍්‍රී ලංකා නාමය බබළවන්නට ක‍්‍රීඩකයන් 9 ක්

454

2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී ශ‍්‍රී ලංකා නාමය ලෝකය ඉදිරියේ බැබළවීම සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ වනවිට ජපානය වෙත ගොස් ඇත.

 එම කණ්ඩායමට අයත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වන්නේ සම්පත් බණ්ඩාර (දුනුවිදීම), මහේෂි ජයකොඩි (ඔරුපැදීම) සුරේෂ් ධර්මසේන (ටෙනිස්), සමිත දුලාන් සහ සම්පත් හෙට්ටිආරච්චි (හෙල්ල විසිකිරීම), පාලිත බණ්ඩාර (යගුලීය විසිකිරීම) මධුරංග සුබසිංහ (මීටර් 400), කුමුදු ප‍්‍රියංකා (මීටර් 100 සහ දුර පැනීම), රංජන් ධර්මසේන (රෝද පුටු ටෙනිස්) යන අයයි. ශ‍්‍රී ලංකාව සහභාගිවන පළමු තරග හෙට (27 වැනිදා) ආරම්භවීමට නියමිතය.


advertistmentadvertistment