ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලිය – කණ්ඩායම් තුනක් ශුරතාවයට කිට්ටු කරයි

92

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු  තරගාවලියේ නිමාවට තවත් සති 02 ක් ඉතිරිව තිබියදී ප‍්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගැනීමට කණ්ඩායම් ත‍්‍රිත්වයක් සමත්ව සිටී. ඒ අනුව මෙරට පළමු වෘත්තිය ක‍්‍රීඩා සමාජයීය ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීම උදෙසා තියුණු තරගකාරීත්වයක් නිර්මාණය වී තිබීම කැපී පෙනේ.

කළුතර බ්ලූ ස්ටාර් පාපන්දු සමාජය, කොළඹ පාපන්දු සමාජය සහ සී හෝර්ක්ස් පාපන්දු සමාජය අතර මෙම සටන නිර්මාණය වී තිබේ.

තරග 07 කට සහභාගි වෙමින් ඔවුන් ලබාගෙන ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 16 බැගිනි. තරග 05 ක් බැගින් ජය ගනිමින් හා එක් තරගය බැගින් ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් මෙම ප‍්‍රසාද ලකුණු 16 සටහන් කර ගැනීමට එම කණ්ඩායම් සමත් විය.

ප‍්‍රසාද ලකුණු 11 ක් වාර්තා කර ගනිමින් 04 ස්ථානය තහවුරු කර ගැනීමට රිනවුන් සමාජය සමත් වී සිටින අතර ඔවුන් ලබාගෙන ඇති ජයග‍්‍රහණ සංඛ්‍යාව 03 කි. ඒ අනුව පසුගිය සතියට වඩා පියවර 02 ක් ඉදිරියට පැමිණීමට රිනවුන් ක‍්‍රීඩා සමාජයට හැකි වී තිබීම කැපී පෙනේ. ප‍්‍රසාද ලකුණු 10 කට හිමි කම් කියන නාවලපිටිය අප් කන්ටි‍්‍ර ලයන්ස් පිල 05 වැනි ස්ථානයේ පසුවෙති.

මේ වන විට ඩිෆෙන්ඩර්ස් සමාජය එක් ජයග‍්‍රහණයක් වාර්තා කර ගෙන ඇති අතර, පානදුර රෙඞ් ස්ටාර්ස් සමාජය සහ වෙන්නප්පුව නිව් යංග්ස් සමාජය තරග 02 බැගින් ජය ගැනීමට සමත් විය.

මෙතෙක් මුහුණ දුන් තරග ආශ‍්‍රිතව එකදු ජයග‍්‍රහණයක් හෝ සටහන් කර ගැනීමට බ්ලූ ඊගල්ස් සමාජයට සහ කොළඹ රත්නම් සමාජයට නොහැකි වීම කැපී පෙනේ.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක කෙරෙන මෙම තරගාවලිය තුළ සෑම කණ්ඩායමක්ම තවත් තරගය 02 බැගින් සහභාගිවීමට නියමිතය.

ප‍්‍රසාද ලකුණු පුවරුව – 2022.01.01

ස්ථානය, සමාජය, තරග, ජයග‍්‍රහණ, ජය පරාජයෙන් තොර, පරාජ, රැුස් කළ ගෝල්, එරෙහිව ගෝල්, ගෝල් පරතරය, ලකුණු.

01. බ්ලූ ස්ටාර්ස් – 07, 05, 01, 01, 14, 06, 08, 16

02. කොළඹ – 07, 05, 01, 01, 18, 08, 10, 16

03. සී හෝර්ක්ස් – 07, 05, 01, 01, 13, 06, 07, 16

04. රිනවුන් – 07, 03, 02, 02, 07, 06, 01, 11

05. අප් කන්ටි‍්‍ර ලයන්ස් – 07, 03, 01, 03, 11, 08, 03, 10

06. රෙඞ් ස්ටාර්ස් – 07, 02, 03, 02, 18, 13, 05, 09

07. නිව් යංග්ස් – 07, 02, 01, 04, 11, 21, -10, 07

08. ඩිෆෙන්ඩර්ස් – 07, 01, 03, 03, 06, 11, -05, 06

09. රත්නම් – 07, 00, 03, 04, 04, 13, -09, 03

10. බ්ලූ ඊගල්ස් – 07, 00, 02, 05, 01, 11, -10, 02

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment