බළන්ගොඩ එන්.එච්. පියසේන
බළන්ගොඩ ශී‍්‍ර ලංගම ඩිපෝවේ වසර 29ක් සේවය කළ රියැදුරෙකු තමා අවසන්වරට ධාවනය කරවූ බස් රථයට දණ නමා වැ`ද එහි යතුර ඩිපෝ අධිකාරිවරයාට භාරදී සේවයෙන් සමුගත් සංවේදී අවස්ථාවක් දැක ගැනීමට හැකි විය.
පී.එම්. සමන්හේම කුමාර නැමැති මෙම රියැදුරු සිය සේවා කාලය තුළ ජනතාවගේත්, ආයතනයේත් යහපත පිණිස අවංක සේවයක් කර විශ‍්‍රාම ලැබූ බව ඩිපෝ අධිකාරීවරයා එම අවස්ථාවේ දි ස`දහන් කළේය.