ෂාෆ්ටර්ගේ දේහය ගොඩ ගනී

220

හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද පෙරවරු 8.30ට පමණ යළි ගොඩගනු ලැබීය.ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණායෙන් ඉල්ලීමක් කර තිබුණි.ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දුණි.ඒ අනුව විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩගැනීම සිදු කළ බවපොලිස් මාධ්‍ය ප්‍රකාශන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.


advertistmentadvertistment