ෂාෆ්ටර් ඝාතනයේ සැකකරුවන් අල්ලන්න CID විමර්ශන – සී.අයි.ඩී.ය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්ට දැනුම් දෙයි

188

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කොට ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාට දැනුම් දුන්නේය.

දිනේෂ් ෂාෆ්ටර් මහතා භාවිත කළ ජංගම දුරකථනය සම්බන්ධයෙන් අධිකරණයේ නියෝගයෙන් කැඳවූ රස පරීක්‍ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය. එම රස පරීක්‍ෂණ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත නැවත සිහි කැඳවීමක් යැවීමට ද අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment