ෂැන්ග්‍රිලා පාටියට පස්සෙත් නීතිය දෙකටම නැමුවා…

1228

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ
 
සමගි ජනබලවේගය නියෝජනය කරන ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගිය ජුනි 6 වන ඉරුදින බරපතළ ප‍්‍රකාශයක් කළේය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය වසරක් තුළ (2019 දෙසැම්බර් 31 සිට 2020 දෙසැම්බර් 31 දින දක්වා) රුපියල් ටි‍්‍රලියන දෙකක් ණයට ලබාගෙන ඇති බව රජයේ වාර්තා ස`දහන් කරමින් චෝදනා කළේය.
 
 කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ 2019 දෙසැම්බර් 31 දිනට රුපියල් ටි‍්‍රලියන 13.01 ක් වූ රාජ්‍ය ණය ප‍්‍රමාණය වසරක් තුළ රුපියල් ටි‍්‍රලියන දෙකකින් වර්ධනය වී ඇති බවයි. යහපාලන රජය මාස 60 ක කාලය තුළ රුපියල් ටි‍්‍රලියන 5.5 ක් ණය ගත් බවට චෝදනා කළ ඒකාබද්ධ විපක්ෂය /ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මාස 12 ක් දී රුපියල් ටි‍්‍රලියන දෙකක් වියදම් කළේ කෙලෙස දැයි මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්න කළේය.
 
 පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සහාවේ සාමාජිකයකු වන හිටපු කැබිනට් නොවන ඇමැතිවරයකු වන ද සිල්වා මෙම ප‍්‍රශ්නය පාර්ලිමේන්තුව තුළ නැ`ගිය යුතුය. ආචාර්ය ද සිල්වා 2020 දක්වා නියෝජනය කළ එජාපය සහ වර්තමානයේ බලයේ සිටින එදා ශ‍්‍රීලනිප නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ පිරිස ද ශ‍්‍රී ලංකා ආර්ථිකයට කළ හානිය සුළුපටු නොවේ.
 
 වර්තමාන පාර්ලිමේන්තුවේ එජාපයට හිමි එක ජාතික ලැයිස්තු ආසනයක් පමණි. එජාපය නායකත්වය දුන් යහපාලන රජයේ එම පක්ෂයට ආසන 106 හිමි විය. එජාපයේ සහ රටේ මූල්‍ය තත්ත්වයේ පිරිහීම එක්තරා ආකාරයට සමාන්තරව සිදුවූවා යැයි කිව හැකිය. ආචාර්ය ද සිල්වා අවධාරණය කරන රටේ සමස්ත ණය බර සම්බන්ධයෙන් විමසා බැලීමට පෙර එතුමා යහපාලන සමයේ එජාප නායක ප‍්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ නියෝජ්‍ය අමාත්‍යයවරයා ලෙස කටයුතු කළ බව මතක් කර දිය යුතුය.
 
 එදා වික‍්‍රමසිංහ තම අග‍්‍රාමාත්‍ය බලය පාවිච්චි කර 2015 ජනවාරි 18 දින විශේෂ ගැසට්ටුවක් හරහා මහා ශ‍්‍රී ලංකා මහා බැංකුව සහ සුරැකුම්පත් සහ විනිමය කොමිසම, ප‍්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත් කරන අවස්ථාවේ ආචාර්ය ද සිල්වා එහි නියෝජ්‍ය ඇමැතිවරයාය.
 
 පළමුවන මහා බැංකු බැඳුම්කර වංචාව 2015 පෙබරවාරි සහ දෙවැනි කොල්ලය 2016 මාර්තු මාසයේදී එජාපයේ අධීක්ෂණය යටතේ සිදුවිය. අදටත් අගමැති වික‍්‍රමසිංහ 2015 ජනවාරි දින විශේෂ ගැසෙට්ටුවක් නිකුත් කළේ ඇයි දැයි එජාපය හෝ එම පක්ෂය දෙකඩ කර සමගි ජන බලවේගය පිහිටු වූ කණ්ඩායම පැහැදිළි කර නැත. නව පක්ෂයකින් පාර්ලිමේන්තුවට ඇතුළු වීමෙන් බරපතළ වංචා, දූෂණ සහ අක‍්‍රමිකතා අමතක කර දැමිය නොහැක. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන්ද කීමට ඇත්තේ එයමය.
 
 සමගි ජනබලවේගයට යන්තම් වසරකි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට අවුරුදු පහක් සම්පූර්ණ වී නැත. පාර්ලිමේන්තුවේ තත්ත්වය තේරුම් ගැනීම අපහසු නැත.
 
 සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රමය බරපතළ අවුල් වියවුල් තත්ත්වයකට පත්වී ඇත. නිරෝගී මූල්‍ය පරිපාලනය පාර්ලිමේන්තුවේ වගකීමයි. පාර්ලිමේන්තුවට එම වගකීමෙන් බැහැර විය නොහැක. කිසිදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් රජය සහ විපක්ෂය නියෝජනය කරන විට තම ස්ථාවරය වෙනස් කළ නොහැක. දෙපාර්ශ්වයම ඉලක්කම් විජ්ජාවලට දක්ෂය. නමුත් මූල්‍ය විනය පවත්වා ගැනීමට වගකියන පාර්ලිමේන්තු කාරක සභා තුනේ වාර්තා විමර්ශනය කිරීමෙන් පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ වංචා, දූෂණ සහ අක‍්‍රමිකතා ඔඩු දුවා ඇති ආකාරය වටහාගත හැකිය. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ තත්ත්වය කනගාටුදායකය. සමස්ත ආර්ථිකයම බරපතළ අර්බුදයක බව පැහැදිලිය.
 
 ජනතාවට වගකිව යුතු දේශපාලන නායකත්වය සහ නිලධාරීන් කටයුතු කරන වගකීම් විරහිත, දූෂිත ආකාරය පිළිබිඹු වන අවස්ථාවක් 2020 දෙසැම්බර් 4 වන දින පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ කෙටි වර්තාවක අපූරුවට පෙන්වා දිය හැක. කුමන පක්ෂය බලයේ සිටියත් සමස්ත ජාතික ආර්ථිකයට බලපාන කරුණු කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පුදුමාකාරය.
 
 පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව හෙළිදරව් කර ඇති දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා ගොන්න අතරින් පහත ස`දහන් සිදුවීම විශේෂය. ඒ ශ‍්‍රීලනිප සහ එජාප ආණ්ඩු දෙකම වගකිව යුතු නිසාය. අදාළ වාර්තාව අනුව 2013-2016 අතර කාලය තුළ මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප‍්‍රධාන පෙළේ සමාගම් දෙකක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රේගුව කටයුතු කළ ආකාරය හේතුවෙන් ජාතික ආර්ථිකයට රුපියල් බිලියන 6 ක් අහිමි වූ බව පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාවේදී 2020 දෙසැම්බර් 3 වන දින අනාවරණය විය. වාර්තාවේ මෙලෙස ස`දහන් වේ:” ශ‍්‍රී ලංකා රෙගු නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා අදාළ කාල පරිච්ජේදය තුළ නිවැරදි භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංක (HS Code) යටතේ නිෂ්කාශනය නොකිරීමෙන් මෙම මුදල අහිමිවී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණන විමසුමකින් හෙළිදරව් කර තිබේ.”
 
 අනාවරණය කර ඇති පරිදි රුපියල් බිලියන 6 ක් මහා භාණ්ඩාගාරයට අහිමි වීමට අමතරව වසර ගණනාවක් තුළ එම මුදල අය කර ගැනීමට කටයුතු නොකිරීම ඇත්ත වශයෙන්ම අපරාධයකි. මෙම තත්ත්වය සම්බන්ධයෙන්
 
 ශ‍්‍රී රේගුවේ සහ මුදල් අමාත්‍යාංශයේ වගකීම කුමක්ද? කොවිඞ් ව්‍යාප්තිය ජාතික ආර්ථිකයට කර ඇති විනාශය අතිමහත්ය. දෛනික අදායම් මාර්ග අහිමි වී ජනතාව ඉතාමත් අසරණ තත්ත්වයකට පත් වී ඇත. නමුත් මූල්‍ය වගකීම දරන පාර්ලිමේන්තුව මහා භාණ්ඩාගාරයට හිමි බදු මුදල් අයකර ගැනීමට කටයුතු නොකිරීම බරපතළ වරදක් නොවේද? රජය අහිමි කර ගන්නේ ජනතාවට සහන සැලසීමට අවශ්‍ය මුදල් නොවේද?
 
 කවුරු බලයේ සිටියත් නීතිය නමන බව නැතහොත් නීතිය නැමෙන බව පැහැදිලිය. ව්‍යවස්ථාවෙන්ම පාර්ලිමේන්තුවට හිමි වී ඇති මූල්‍ය වගකීම පැහැර හැරීම (මෙම තත්ත්වය නොසැලකිල්ල හෝ අතපසුවීමක් නොවේ) එක්තරා ආකාරයකට රජය කොවිඞ් ව්‍යාප්තිය පාලනය කිරීමට සංචරණ නීති, කණ්ඩායම් එකතුවීම, මත්පැන් පානය කිරීම ස`දහා ගෙන ඇති ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කර ඇති ආකාරය සහ සැස`දිය හැක. මෙම අසික්තිත තත්ත්වය හෙළිදරව් වූයේ හිරු නාලිකාවේ සලකුණ වැඩසටහනේදී චමුදිත සමරවික‍්‍රම, චාපා බණ්ඩාර සහ කළිඳු විදානගේ කළ ප‍්‍රශ්න කිරීම් හමුවේදීය. ආරාධිත අමුත්තන් වූයේ පොලිස් ප‍්‍රකාශක සහ නීති අංශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණය.
 
 මැයි 31 ක් වැනිදා පැවැත්තු ‘සලකුණ’ වැඩසටහන නොවන්නට ඊට පෙරදිනයේ තරුපහේ ෂැන්ග‍්‍රිලා හෝටලයේ කොවිඞ් සම්බන්ධ සියලූ උපදෙස් කඩකරමින් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ පැවැත්වූ උපන් දින සාදය රජයට ප‍්‍රශ්නයක් වන්නේ නැත. ‘සලකුණ’ වැඩසටහන තුළ සිදු කළ ‘තද’ සහ ආක‍්‍රමණශීලී ප‍්‍රශ්න කිරීමේ ප‍්‍රතිඵලය වූයේ චන්දිමාල්ගේ ආරාධනයෙන් එම අවස්ථාවට සහභාගිවූ පට්ටිගේ පියුමි හංසමාලි නමැත්තිය සහ ‘සලකුණ’ මෙහෙයවූ චමුදිත අතර ගැටුමක් ඇතිවීමයි. දෙපාර්ශ්වයම සමාජ මාධ්‍ය ජාලා හරහා ප‍්‍රහාර සහ ප‍්‍රති ප‍්‍රහාර එල්ල කර ගැනීම මීට පෙර කිසිදු අවස්ථාවක නොවූ ආකාරයට සිදු විය. කොවිඞ් ව්‍යසනය, ගංවතුර, ඩෙංගු මාරයා නැවත හිස එසවීම, මී උණ, ආර්ථිකය බිංදුවට වැටීම ඇතුළු සියලූ ප‍්‍රශ්න අමතක විය. ගංවතුරින් යට වූ ප‍්‍රදේශවල ජනතාව පවා සමාජ මාධ්‍ය ජාලා සටනට සමීප විය. ‘සලකුණ’ නොවන්නට හංසමාලි ඇතුළු චන්දිමාල්ගේ ආරාධිතයන් කිසිදා නිරෝධායනයට ලක්වන්නේ නැත.
 
 නිරෝධායනයට නියමවූ චන්දිමාල් සහ හංසමාලි තම නීතිඥයා (මංජු ශ‍්‍රී ) හරහා මහජන ආරක්ෂාව භාර ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් විරසේකර සමග දුරකථනයෙන් සම්බන්ධවීම සමස්ත රජයටම බලපෑවේය. සමාජ මාධ්‍ය ජාලා සටන පදනම් වූයේ හංසමාලි මතය. තමන් ඇතුළු කණ්ඩායම පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යන අවස්ථාවේ ඇමැති වීරසේකර කළ කාරුණික මැදිහත්වීමට ස්තුති කරමින් අන්තර්ජාලයට හංසමාලි මුදාහල පණිවුඩය ක්ලේමෝ බෝම්බයක් ලෙස පත්තු විය. වීරසේකර ඇමැතිවරයාගේ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය තත්ත්වය තව දුරටත් බැ?රුම් කළේය. නමුත් සමගි ජනබලවේගය, එජාපය සහ ජවිපෙ ඇතුළු විපක්ෂය මෙම සිදුවීම සම්බන්ධයෙන් සාපේක්ෂව නිහ`ඩ පිළිවෙතක් අනුගමනය කළේය. එය විශේෂිත තත්ත්වයකි. ඇමැති වීරසේකරගේ සහකාර පොලිස් අධිකාරීවරයකු වන පුත‍්‍රයාගේ අවසර ගැනීම එම හෝටලයේම මැයි 28 වන දින රාත‍්‍රියේ පැවැත්වූ බව සහ එම අවස්ථාවට අවශ්‍ය රූපලාවන්‍ය කටයුතු චන්දිමාල් ජයසිංහ ඉටුකර දුන් බවට නැෙ`ගන චෝදනා පරීක්ෂාවකින් තොරව බැහැර කළ නොහැකිය.
 
 සමාජ මාධ්‍ය ජාලවලට කළ හැකි විනාශකාරී බලපෑම තක්සේරු කළ නොහැක. සමාජ මාධ්‍ය ජාලා සහ තමන්ට අවනත නොවන මාධ්‍ය පාලනය කිරීමට සෑම ආණ්ඩුවක්ම කරන උත්සාහය තේරුම් විමසා බැලිය යුත්තේ ෂෑන්ග‍්‍රිලා සිදුවීම් පාදක කරගෙනය.
 
 තොරතුරු වසන් කළ නොහැක. සමාජ මාධ්‍ය කිසිලෙසකින්වත් පාලනය කළ නොහැක. සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ද තමන්ට රිසි පරිදි එය පාවිච්චි කරති. පස්සර නිරෝධායනයට යන අතරේ හංසමාලි මීට පෙරත් සමාජ මාධ්‍ය ජාලා පාවිච්චි කර ඇති ආකාරයටම එය යොදාගත්තේය. ඇයගේ ඉල්ලකය හිරු නාලිකාව සහ චමුදිත විය. ඇය පස්සර සිට මුදාහැරිය පණිවුඩය පළමු ප‍්‍රකාශයට වඩා අවධානය දිනා ගත්තේ ඇමැති වීරසේකර හංසමාලිගේ ගෞරවයට පාත‍්‍රවන නිසාය. මෙම සිදුවීම නැවත නැවතත් අවධාරණය කරන්නේ ‘එක රටක්, එක නීතියක්’ කිසිදු පදනමකින් තොර ජනතාව රැවටීමට පොදුජන පෙරමුණ යොදාගත් ඡුන්ද උප්පරවැට්ටියක් පමණක් බවයි.
 
 ටී එන් එල් නාලිකාවෙන් තම ගමන ඇරඹූ චමුදිත සමරවික‍්‍රම එයින් ඉවත්වන්නේ එහි සභාපති ශාන් වික‍්‍රමසිංහ සමග ප‍්‍රශ්නයක් ඇති කරගැනීමෙන් පසුවය. ඒ පිළිබඳව කළ විමසීමකදී චමුදිත පවසන්නේ ටී එන් එල් නාලිකාවෙන් තමන් ඉවත් වීම සහ එහි පරිපාලනය තමන්ව ඉවත් කිරීම එකවිට සිදු වූ බවයි. මහින්ද රාජපක්ෂ සමයේ චමුදිත රුපවාහිනියේ වැඩසටහන් මෙහෙයවූ අතර බැසිල් රාජපක්ෂගේ උදහසට ලක්වීමෙන් වහාම තමන්ව එයින් ඉවත් කළ බව චමුදිත හරේන්ද්‍ර ජයලාල් සමග සමාජ මාධ්‍ය ජාලාවක කළ ඉතාමත් ප‍්‍රබල සාකච්ඡාවකදී පැවසීය. මෛත‍්‍රිපාල සිරිසේන සුව සේවා සහ කෘෂිකර්ම ඇමැති ලෙස කටයුතු කරන සමයේ ඔහුගේ මාධ්‍ය මෙහෙයවූ චමුදිත පසුව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ විය. යහපාලන රජය 2015 දී ඉවත් වීමත් සමග එයින් ඉවත් වූ චමුදිත පසුව තමන්ගේම ‘ටෲත් විත් චමුදිත’ සහ ‘චමුදිත නිව්ස් බි‍්‍රෆ්’ ආරම්භ කළේය. සුදේව හෙට්ටිආරච්චි හිරු නාලිකාවෙන් ඉවත් වී ස්වර්ණවාහිනීයට සම්බන්ධ වීමත් සමග චමුදිත එම හිස්තැන පිරවීය. චමුදිත ‘සලකුණ’ මෙහෙයුම භාර ගන්නේ එසේය.

advertistmentadvertistment
advertistmentadvertistment