සංක‍්‍රමිකයන්ගේ දුක් කඳුළු ගැන ලොවට ලියූ ගුර්නාත් අබ්දුල් රසාක්ට මෙවර සාහිත්‍ය නොබෙල් ත්‍යාගය

117

සංක‍්‍රමිකයකු වශයෙන් බි‍්‍රතාන්‍යයට 1960 වසරේ සංක‍්‍රමණය වූ ඔහු මේවන විට කෙන්ට් සරසවියේ සාහිත්‍යකරණය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස සිට දැනට විශ‍්‍රාම ලබා සිටී. ස්විස් නොබෙල් සම්මාන ඇකඩමිය ඔහු සම්මානය සඳහා තෝරා ගෙන ඇත්තේ පසුගිය වසර කීපය තුළ ලොව ආසියාතික රටවල මිනිසුන් තම මවු බිම හැර විදෙස් රටවලට සංක‍්‍රමණය වීමේදී මුහුණ පෑ ඛේදවාචකයන් අපූරු ලෙස තම කෘති තුළින් නිර්මාණය කර තිබීම නිසාය.

ඒ විස්මය දනවන ආරංචිය ලැබෙන විට ඔහු සිටියේ දකුණු එංගලන්තයේ කැන්ටබරියෙහි තම නිවසේ කුස්සියේය. ආරංචිය වූයේ මෙවර සාහිත්‍ය නොබෙල් ත්‍යාගය සඳහා ඔහු තෝරා ගෙන ඇති බවය. දුරකථනය දිගේ පැමිණි එම සුභ දායක පණිවිඩය ස්විස් නොබෙල් ඇකඩමියෙනි.

ආරංචිය ලබා ගත්තේ කෙන්ට් සරසවියේ විශ‍්‍රාමලත් මහාචාර්ය විටම ඇදහීමට මැලි විය. ඔහු සිතුවේ එය තම මිතුරෙකුගේ විහිළුවක් කියාය.

එහෙත් එය විහිළුවක් වුණේ නැත. එවකට 72 හැවිරිදි වියෙහි වූ මේ මහාචාර්යවරයා ස්විස් ඇකඩමිය මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය හිමි කර තිබුණේ ඔහුටය.

1948 වසරේදී සැන්සිබාර්හිදී උපත ලබා සිටි ගුර්නාත් ඊට අඩ සිය වසරකට පෙර සංක‍්‍රමිකයෙකු ලෙස බි‍්‍රතාන්‍යයට පැමිණ සිටියේ දැවැන්ත ප‍්‍රබල අත්දැකීම් ගොන්නකුත් සමගය.

සිරියාව ඇෆ්ගනිස්ථානය වැනි රටවල මවුබිමෙන් අවතැන් වූ ජනතාවගේ ජන චලනයන් ගුර්නාත්ගේ නවකතාවල ගවේෂණය කරන ලද තේමාවන් ලෙස සටහන් වන්නට වූයේ එම අත්දැකීම්ය.

ගුර්නාත් පවසන අන්දමට ඒ සෑම අයෙකුගේම අවතැන් වීම හා සංක‍්‍රමණික අවස්ථා එකිනෙකට වෙනස් වන්නේ ඔවුන් මුහුණපාන අවදානම් සහිත අන්තරායකාරී ස්වභාවය අනුවය.

දශක කීපයකට පෙර හෙයිටි සමූහාණ්ඩුවෙන් මිනිසුන් තම ජීවිතය පරදුවට තබමින් මේ සඳහා යොදා ගත් උපාය මාර්ග අතිශයින් බිහිසුණු බව ඔහුු පෙන්වා දෙයි.

උදාහරණයක් හැටියට ඔහු පෙන්වා දෙන්නේ පසුගිය වසර කීපය තුළ සරණාගතයින් විශාල සංඛ්‍යාවක් අනතුරුදායක ලෙස මධ්‍යධරණී මුහුද හරහා සහ සහරාව තරණය කරමින් සංක‍්‍රමිකයන් ලෙස පැමිණ ඇති බවය.

ධනවත් රටවල මිනිසුන්ට තමා තිරය මත දර්ශනය වන සංක‍්‍රමිකයන්ගේ පිළිබඳ තතුවල සැබෑ තත්ත්වය අවබෝධ කර දීමට තම ප‍්‍රබන්ධවලට හැකිවේ යයි තමා අපේක්ෂා කරන බව ගුර්නාත් ප‍්‍රකාශ කරයි. ප‍්‍රබන්ධවලට කළ හැක්කේ එම හිඩැස පුරවා ලීමය. යනුවෙන් ඔහු ප‍්‍රකාශ කරයි.

සාහිත්‍ය සඳහා වූ නොබෙල් කමිටුවේ සභාපති ඇන්ඩස් ඔල්සන්, ගුර්නාත් හැඳින්වූයේ ලොව වඩාත්ම කැපී පෙනෙන පශ්චාත් යටත් විජිත ලේඛකයෙකු ලෙසය.

ඔහුගේ වැඩ කටයුතු මෙතෙක් අප නොදැන සිටි අලූත් අප‍්‍රිකාවක් පිළිබඳව පැහැදිලි හා චිත‍්‍රයක් අපට ලබා දෙනවා. ඉන්දියානු මුහුදු ප‍්‍රදේශ හා ඒ අවට වෙරළ බඩ පෙදෙස් වහල් භාවයෙන් හා විවිධ පාලන තන්ත‍්‍රයන්

ගෙන්ද යටත් විජිත බලයන් යටතේ මර්දනයන් ගෙන් කරන වෙනස් කිරීම් ඔහුගේ ප‍්‍රබන්ධවල මනාව පෙන්වා තියෙනවා.

ගුර්නාත් මවන චරිත සංස්කෘතින් අතර බොඳ වී ඉතිරි වූ ඒවා ජාතිවාදයට හා අගතියට මුහුණ දෙන නමුත් සත්‍යය නිග‍්‍රහ කිරීමට හෝ යථාර්ථය සමග වැළැක්වීම සඳහා චරිත නැවත බිහිකර ඇති බවය.

ගුර්නාත් ගේ මේ සම්මානය පිළිබඳ පුවත සැන්සිබාර් ජනතාව මහත් උනන්දුවකින් පිළිගත් ගත් නමුත් කනගාටුවට කරුණක් වූයේ බොහෝ දෙනෙකු ඔහුගේ පොත් කියවා නැති බවය. ප‍්‍රාදේශීය අධ්‍යාපන ඇමැති සිමායි මොහොම්මඞ් කියා සිටින්නේ ගුර්නාත්ගේ පොත් පාසල්වල දරුවන්ට කියවන්නට ඉඩ ලැබී නැති බවය. එයට හේතු ලෙස ඔහු දක්වන්නේ එම පොත් ලබා ගැනීමේ ඇති දුෂ්කරතාවය ය.

සැන්සිබාර්හි මේ සඳහා ලැබුණු ප‍්‍රතිචාරය පුදුම සහගතය. තමන් සැන්සිබාරියන් කෙනකු වීම ගැන තරුණ පිරිස වෙත ඇත්තේ ඉහවහා ගිය ආඩම්බරයකි. එමෙන්ම අන්තර්ජාලයට හා ස්මාට් ෆෝනයට හිරවී ඇති බෙහෝ පිරිස් යළිත් පොත් කියවීමට නැඹුරු කරවීමට හැකිවීමත් ගුර්නාත් රටට ඉටුකර දුන් ලොකු හපන්කමකි.

මෙතෙක් ගුර්නාත් විසින් ලියා ඇති ග‍්‍රන්ථ සංඛ්‍යාව විශාලය. ඉන් කීපයක් මෙසේය.

  1. පැරඩයිස් 2. බමි ද සී 3. ද ලාස්ට් ගිෆ්ට් 4. සයිිලන්ස් 5. ඩොටී 6. ද කැම්බි‍්‍රජ් 7. මෙමරි ඔෆ් ඩිපාචර් සම්මානය සඳහා ගුර්නාත් මූල්‍ය වටිනාකම ස්විස් කෝනර් මිලියන 10කි. ඩොලර් නම් ඇ.ඩො. මිලියන 1.14කි.

ලේඛකයකුට මේ තරම් මුදලක් ලැබීම කොතරම් වැදගත්දැයි සිතෙන්නේ සෙසු ආසියාතික රටවල ලේඛකයින් ලබා ගන්නා සොච්චම් මුදල ගැන සිතන විටය. එමෙන්ම ඔහුගේ සාහිත්‍ය ක‍්‍රියාවලිය මුදලකට ලඝු කිරීමක් මෙයින් අදහස් නොකරන අතර ඔහුගේ නිර්මාණ කුසලතාවය ද ඒ තරමටම වටින්නේය.

ලීලානන්ද වික‍්‍රමසිංහ

සංක‍්‍රමිකයන්ගේ දුක් කඳුළු ගැන ලොවට ලියූ ගුර්නාත් අබ්දුල් රසාක්ට මෙවර සාහිත්‍ය නොබෙල් ත්‍යාගය
advertistmentadvertistment
advertistmentadvertistment