අපේ ගෙදරට ලැබුණෙත් ඊයේ උදේ: කොළේක ලියලා හරි වැඩේ හරියට කරමු – ඇමැති නාමල් කරුණාරත්න
කෘෂි භෝග සඳහා හානිකරන සතුන් සංගණනයට අදාළ තොරතුරු සටහන් කර ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබාදුන් පත්‍රිකාව ඊයේ (14දා) දහවල් වනවිටත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ලැබී නොතිබුණු බව ජනතාව පවසති.
ගොවිබිමේ හෝ ගෙවත්තේ කෘෂි බෝග සඳහා හානිකරන රිළවා, වඳුරා, දඬුලේනා සහ මොනරා ඇතුළු සතුන්ගේ සංගණනය අද (15දා) උදෑසන 8.00 සිට 8.05 දක්වා පැවැත්වේ.
සංගණන පත්‍රිකා නියමිත පරිදි ජනතාව අතට පත් නොවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතාගෙන් ‘දිවයින’ ඊයේ (14දා) කළ විමසීමේදී හෙතෙම මෙසේ පැවසීය.
“මගේ ගෙදරටත් සංගණන අත්පත්‍රිකාව ලැබුණේ ඊයේ. (14දා) මමත් බිරිඳත් ගෙදර නොසිටීම එයට හේතුවන්න ඇති. රටෙත් එහෙමයි. බොහෝ අය ඇතැම් අවස්ථාවල නිවෙස්වල නොසිටින්න පුළුවන්. නමුත් පත්‍රිකාව නොලැබුණාට ‘ඒෆෝ’ කොළයක කෘෂි භෝගවලට හානි කරනු ලබන අදාළ සතුන් පිළිබඳව තොරතුරු ලියා එය ග්‍රාම නිලධාරි මහතාට හෝ අදාළ නිලධාරියකුට ලබාදීමේ හැකියාව පවතිනවා.
කෙසේ වෙතත් අපි මෙම සංගණනයට අදාළව පත්‍රිකා ලක්ෂ 70ක් පමණ ඉතාමත් අඩු වියදමකින් මුද්‍රණය කර ජනතාවට ලබා දුන්නා. මෙය අප හැමෝගේම පොදු ප්‍රශ්නයක් නිසා සියලු දෙනා සහයෝගය ලබාදී සංගණනය සාර්ථක කර ගමු කියලා මම යෝජනා කරනවා.”
ගොවිබිමේ හෝ ගෙවත්තේ කෘෂි භෝග සඳහා හානිකරන රිළවා, වඳුරා, දඬුලේනා සහ මොනරා ඇතුළු සතුන්ගේ සංගණනය අද (15දා) උදෑසන 8.00 සිට 8.05 දක්වා පැවැත්වේ.
සුජීව තත්සර