සංචරණ සීමා නිසා නිවසට කොටු වූ දරුවන්ගේ සෞඛ්‍ය රැකගැනීම

99

* ඇතැම් දරුවන් වෙනදාටත් වඩා ආහාර පාන ගන්නවා
 
 *දරුවන්ගේ බාහිර ක‍්‍රියාකාරකම් රැසක්ම සිදුවන්නේ පාසල තුළදීය

 
 * ශාරීරික ක‍්‍රියාකාරකම් බොහෝසේ අඩුවී තිබෙනවා
 
 * දරුවන්ගේ වාඩිවී සිටීමේ කාලය වැඩිවී තිබෙනවා

 
 කොවිඞ් වෛරස රෝගයත් සමග පනවා ඇති සංචරණ සීමා සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ හේතුවෙන් මේ වනවිට අපගේ සාමාන්‍ය දිවියේ ක‍්‍රියාකාරකම් රැුසක් අඩපනවී ඇත. පාසල් යන දරුවන් පාසල් වසා දමා ඇති නිසා නිවාසවලටම කොටුවී සිටිති. තරුණ වියේ පසුවන අයටද වෙනදා මෙන් බාහිර ක‍්‍රියාකාරකම් සඳහා යොමුවීමට නොහැකිව තිබේ. එනිසා මෙම ඒකාරී රටාව තුළ දිවිගෙවීමට සිදුවීමෙන් ඉතා තරුණ වියේදීම දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගවලට ගොදුරුවීමේ අවදානමක් මතුව ඇතැයි හෙළි වී ඇත.
 
 වෛද්‍යතුමනි,
 
 පවතින කොවිඞ් වසංගතය හමුවේ මතුව ඇති ජීවන රටාවේ වෙනස දියවැඩියාව අධිරුධිර පීඩනය වැනි රෝග ඇතිවීම සඳහා බලපෑහැක්කේ කෙසේද?
 
 පවතින කොවිඞ් වෛරස රෝගය හමුවේ මිනිසුන්ගේ ජීවන රටාවේ වෙනස් වීම් රාශියක් සිදුව ඇත. පාසල් දරුවන්ට පාසලට යෑමට නොහැකිව නිවසටවී අධ්‍යාපන කටයුතුවල යෙදීමට සිදුව තිබෙනවා. සාමාන්‍යයෙන් පාසල් යන දරුවන්ගේ බාහිර ක‍්‍රියාකාරකම් රැුසක්ම සිදුවන්නේ පාසල තුළදීය. ක‍්‍රීඩා කටයුතුවල යෙදීම සඳහා වැඩි පහසුකම් තිබෙන්නේ පාසල තුළයි. ක‍්‍රීඩාපිටිය, පිහිනුම් තටාක, ගෘහස්ථ, ක‍්‍රීඩාගාර ආදී පහසුකම් පාසල්වල පවතිනවා. මේ සියල්ල මේ වනවිට වසා තැබීම නිසා දරුවන්ට ක‍්‍රීඩා කරන්න ව්‍යායාමවල යෙදෙන්න ආදියට ඇති පහසුකම් අහිමිවී තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුවන්නේත් ඔන් ලයින් ක‍්‍රමයටයි. එනිසා මේ වනවිට දරුවන්ගේ වාඩිවී සිටීමේ කාලය වැඩිවී තිබෙනවා.
 
 පාසල් යන විටදී මෙම වාඩිවී සිටීමේ කාලය අඩුයි. පාසලට යන්න නිවසින් පිටට යෑම, පංතිකාමරය තුළ ඇවිදීම, ටියුෂන් පංති වෙත යෑම, ක‍්‍රීඩා පිටියට යෑම ආදී කටයුතු නිසා ඇවිදින කාලය වැඩියි. නමුත් දැන් නිවස තුළට සීමාවීම නිසා වාඩිවී සිටින කාලය වැඩියි. එනිසා සිරුර වෙහෙසවන්නේ නැහැ. ශාරීරික ක‍්‍රියාකාරකම් බොහෝසේ අඩුවී තිබෙනවා. මෙලෙස ශාරීරික ක‍්‍රියාකාරකම් අඩු වුවත් ඔවුන් වෙනදා මෙන් ආහාරපාන ගනු ලබනවා. ඇතැම් දරුවන් වෙනදාටත් වඩා ආහාර පාන ගන්නවා. මෙහිදී විශේෂයෙන්ම පිෂ්ඨය, මේදය අඩංගු ආහාර ගැනීම වැඩියි. එසේම තරුණ වැඩිහිටියන්ද රැුකියාව සඳහා නිවසින් පිටව යන කාලය අඩුවීම ඔන්ලයින් ක‍්‍රමයට එම කටයුතු කිරීම ආදිය නිසා ඔවුන්ගේද වාඩිවී සිටින කාලය වැඩිවී තිබෙනවා. එසේම ශාරීරික ක‍්‍රියාකාරකම්ද මේ වනවිට බොහෝසේ අඩුවී තිබෙනවා. මෙම බාහිර ක‍්‍රියාකාරකම් අඩුවුවත් ඔවුන් තුළත් දවසේ ගනු ලබන ආහාර ප‍්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවී නැහැ. ඇතැම් දෙනා වෙනදා ගනු ලබන ආහාර ප‍්‍රමාණය මෙන් දෙගුණයකට ආසන්න ප‍්‍රමාණයක් ගනු ලබනවා. එනිසා සීනි, පිටි, තෙල්, ලූණු ආධික ආහාර වැඩිපුර ගැනීම සිදු වෙනවා.
 
 මෙම තත්ත්වය මත ඔවුන්ගේ සිරුරේ රුධිර ගත සීනි ප‍්‍රමාණය ඉහළ යාම, මේදය තැන්පත්වීම වැඩිවී තිබෙනවා. මේ වනවිට තරුණ වැඩිහිටියන් තුළ දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග ඇතිවීමේ අවදානම වැඩිවී ඇති බව ප‍්‍රතිකාර සඳහා එන රෝගීන් අනුව තහවුරු වී තිබෙනවා. දරුවන් තුළින් මෙවැනි රෝග සම්බන්ධ තොරතුරු ලැබීම අඩුයි. එසේවී ඇත්තේ දරුන්ගේ රුධිර සීනි මට්ටම, රුධිර පීඩනය ආදිය පරීක්‍ෂා කරන්නේ රෝගී තත්ත්වයක් ඇති වූ විටදීය. එනිසා රෝගී තත්ත්වයක් ඇතිවනතුරු ඔවුන් අවදානම් මට්ටමින් කාලය ගෙවනවා. එනිසා දෙමාපියන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුයි. එසේ නොවුණහොත් ඉතා තරුණ වියේදීම දරුවන් දිවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාද, අක්මාවේ මේදය තැන්පත්වීම වැනි රෝගවලට ගොදුරුවිය හැකියි. එම රෝගවල බීජ මේ වනවිට පැළ වෙමින් පවතින බව දෙමාපියන් වටහා ගත යුතුයි.
 
 වෛද්‍යතුමනි මේ තත්ත්වය වළක්වාගන්නේ කෙසේද?
 
 ඒ සඳහා කළ හැකි හොඳම ක‍්‍රියාව දරුවන් සක‍්‍රිව දවස ගෙවීමට හුරු කිරීමය. ඒ සඳහා ගෙදර දොරේ වැඩ කටයුතුවලට දරුවන් යොමුකරවා ගැනීම කළ හැකියි. ගේ අතු ගෑම ඉවුම් පිහුම් කටයුතු සඳහා එක්කර ගැනීම, නිවස තුළ හෝ ඇවිදීමට යොමුකරවීම, වත්ත පිටිය ඇත්නම් එහි ව්‍යායාම කිරීම, ක‍්‍රීඩා කිරීමට යොමුකිරීම ආදිය කළ යුතුයි. එහිදී බැඞ්මින්ටන් වැනි දෙදෙනෙකු පමණක් ක‍්‍රීඩා කළ හැකි ක‍්‍රීඩාවලත් යෙදිය හැකියි. විශේෂයෙන්ම දරුවන් යෝග ව්‍යායාම ආදියට යොමුකරවීමෙන් ශාරීරික මෙන්ම මානසික සුවයක් ලබාදිය හැකියි. ඒකාකාරී දිවියක් ගත කිරීම නිසා දරුවන් මේ වනවිට සිටින්නේ දැඩි මානසික පීඩනයකින් බව පෙනී යනවා. එසේම මේ දිනවල දරුවන්ගේ සිරුරේ බර ගැන සැලකිලිමත්වීමත් වැදගත්. බර වැඩිවීමක් සිදුව තිබෙනවා කියා පරික්‍ෂාකර ගැනීම තුළින් ආහාරපාන ගැනීම සීමාකර ගැනීමට හැකි වේ. එසේ අධික ලෙස බර වැඩිවෙනවා නම් තෙල්, පිෂ්ඨය, අධික ආහාර ගැනීම අඩු කළ යුතුයි. හැකිතාක් දුරට කොළ පැහැති ආහාර වර්ග වැඩිපුර ගත යුතුයි. ගොටුකොළ, මුකුණුවැන්න වැනි පළා වර්ග සහ එළවළු වැඩිපුර ආහාරයට එක්කර ගැනීම කළ යුතුයි. සීනි, තෙල් පමණක් නොව ලූණු භාවිතය ද අවම කළ යුතුයි. එසේ කිරීමෙන් පවතින මෙම කාලසීමාව තුළ නිරෝගී බවින් යුක්තව දිවි ගෙවීමට පසුබිම සකස් කරගත හැකියි. එසේ නොවුණහොත් සිදුවන්නේ කොරෝනාවලින් බේරීමට කටයුතු කිරීමත් සමග දියවැඩියාව, අධිරුධිර පීඩන, හෘදයාබාධ, වකුගඩු රෝග ආදියට ගොදුරු වීමය.
 
prasad Katulanda 

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment