සංචරණ සීමා ලිහිල් වෙයි

677

*  පූජනීය ස්ථාන විවෘත වෙයි
 
 * මංගල උත්සවවලට අවසර
 
 * සිනමා ශාලා කෞතුකාගාර ඇරේ
 
 * පළාත් අතර සංචරණය තහනම්
 
 * කැසිනෝ, සමාජ ශාලා තවදුරටත් වැසේ
 
 සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඉකුත් 10 වැනිදා නිකුත් කළ නව සංචරණ සීමා ලිහිල් කිරීම යටතේ පූජනීය ස්ථාන යළි බැතිමතුන්ට විවෘත කිරීමටත් මංගල උත්සව පැවැත්වීමටත් සිනමාහල් සහ කෞතුනාගාර විවෘත කිරීමටත් පිහිනුම් තටාකවල ක‍්‍රීඩා කිරීමටත් අවසර ලබාදී ඇත.
 
 පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා යටතේ පුරා මාස දෙකකට අධික කාලයක් පූජනීය ස්ථාන බැතිමතුන්ට විවෘත නොවූ අතර මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදීම ද අත්හිටුවා තිබිණි.
 
 ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පන්සල්, කෝවිල්, පල්ලි වැනි පූජනීය ස්ථානයන්හි ආගමික කටයුතුවලට සහභාගි වීමට බැතිමතුන්ට අවසර ලැබේ.
 
 මංගල උත්සව පැවැත්විය හැක්කේ ශාලාවේ ආසන ධාරිතාවෙන් සියයට 25 (25% ක්* වන පරිදි හෝ සහභාගී වන සංඛ්‍යාව උපරිම 150 කට යටත්වය.
 
 දැනට පවතින පළාත් අතර සංචරණ සීමාවන් ඉදිරි දින 14 ක් සඳහා තවදුරටත් ක‍්‍රියාත්මකය.
 
 සිනමාහල් විවෘත කළ හැක්කේ ආසන ධාරිතාවෙන් හරි අඩක් පේ‍්‍රක්‍ෂකයන්ගේ සහභාගීත්වයෙන් පමණි. කෙතුකාගාරද ශාලා ධාරිතාවෙන් හරි අඩක් නොයික්ම වන ලෙස නරඹන්නන් සංඛ්‍යාවක් යටතේ විවෘත කළ හැකිය.
 
 පිහිනුම් තටාකවල පිහිනුම් ක‍්‍රීඩාවල යෙදෙන්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කර ඒ සඳහා අවසර දීම පිහිනුම් තටාක පාලකයන් ක‍්‍රියා කළ යුතුය.
 
 කැසිනෝ, රාත‍්‍රී සමාජ ශාලා සහ ඔට්ටු මධ්‍යස්ථාන තවදුරටත් වසා තැබේ.
 
 සංචරණ සීමාවන් ලිහිල් කරනු ලැබුවේ දිනකට නව කොවිඞ් ආසාදිතයන් දහස ඉක්මවා හමුවන පසුබිමක සහ ඉන්දියාවේ පවතින ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත වූ කොවිඞ් රෝගීන් පිරිසක් හමුවී සිටින පසුබිමක බැවින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
 උපාලි ද සේරම්

kandos18

advertistmentadvertistment