සංචරණ සීමා 28දා තෙක් දීර්ඝ කරන්න කොවිඞ් කමිටුවේ වැඩි කැමැත්ත…. අවසන් තීරණය අද

455

උපාලි ද සේරම්
 
 දිවයින පුරා දැනට පනවා ඇති සංචරණ සීමා මෙම මස 28 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස වෛiවරුන් කර ඇති ඉල්ලීම කි‍්‍රයාත්මක කිරීම කෙරෙහි කොවිඞ් පාලන ජාතික කමිටුවේ බහුතරයක් එකඟතාව පළකර ඇතැයි එම කමිටුවේ සාමාජිකයෙක් පැවසීය.
 
 සංචරණ සීමා පැනවීමෙන් පසු සිදුකළ පී. සී. ආර්. පරීක්‍ෂණ වාර්තාවන්හි ප‍්‍රතිඵල ලැබෙන්නේ ඉදිරි සතියේදී බවත් එම ප‍්‍රතිඵල අනුව සංචරණ සීමාවන් ඉවත්කර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ජනතාවට සිය එදිනෙදා කටයුතු කිරීමට අවස්ථාව ලබාදීම වඩාත් සුදුසු බවත් වෛiවරුන් යෝජනා කර ඇත.
 
 මේ සම්බන්ධ අවසාන තීරණය අද
 
 (18 දා* ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඞ් පාලන කමිටු රැුස්වීමේදී ගනු ලබන බව ද එම කමිටු සාමාජික ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.


advertistmentadvertistment