සංචාරකයින් රැගත් ස්විස් ගුවන් යානයක් එයි

315


කොවිඩ් වසංගතය නිසා තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබෑවේය.

ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට එම ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ – 64 දරණ ගුවන් යානය උදෑසන 07.30ට ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එම ගුවන් යානයෙන් විදේශීය සංචාරකයන් 96 ක් සහ ගුවන් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලය 12 ක්ද පැමිණ සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment