සාමාජිකයන් 13 දෙනකුගෙන් යුත් සංචාරක උපදේශක කමිටුවක් සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පත්කරනු ලැබ තිබේ. ඒ 2005 අංක 38 දරණ සංචාරක පනතේ 32(1) වගන්තිය යටතේ ය.
එම කමිටුවේ සාමාජිකයන් ලෙස බුද්ධි හේවාවසම්, ධීර හෙට්ටිආරච්චි, දිලීප් මුඩදෙනිය, නිහාල් මුහන්දිරම්, දර්ශන එම් පෙරේරා, ඩොනල්ඩ් රාජපක්‍ෂ, මහාචාර්ය සුරංග සිල්වා, ලසන්ත ද ෆොන්සේකා, චන්ද්‍රා වික්‍රමසිංහ, අජිත් පෙරේරා, දර්ශන මුනිදාස, ආචාර්ය සරත් මුණසිංහ සහ ජෙරාඩ් ජෝර්ජ් කටයුතු කරනු ලබයි.