සංචාරක කර්මාන්තයට සහන දී වහා නඟා සිටවමු

135

සංචාරකයන්ගේ පැමිණීම සීමා වී ඇත. 2020 ජනවාරි හා දෙසැම්බර් අතර කාල පරිච්ෙඡ්දය තුළ සංචාරකයන්ගේ පැමිණිම 507,704 දෙනකු පමණි. 2020 මාර්තු මස 18 වන දින සිට ගුවන්තොටුපළ වසා දැමීම හා ගුවන් ගමන් අත්හිටුවීම ද හේතුකොට අපේ‍්‍රල් හා දෙසැම්බර් අවසානය දක්වා කාල පරිච්ඡේදය තුළ කිසිදු පැමිණීමක් වාර්තා නොවීය. මෙහිදී මිලියන 1.9 ක සංචාරක පැමිණීමක් වාර්තා වූ පෙර වසරේ මෙම කාල පරිච්ඡේදය හා සන්සන්දනාත්මකව 73.5% ක පහත වැටීමක් පෙන්නුම් කෙරේ.

සංචාරක ව්‍යාපාරය මත සෘජුව යැපෙන සේවා සම්පාදනායතන ගණනාවක් ඇත. 500 ඉක්මවූ සංචාරක නියෝජිතායතන සංඛ්‍යාවක්, විනෝදාස්වාදය සපයන වෙළෙඳසල් 250ක්, සංචාරක සාප්පු 300ක්, සංචාරක මග පෙන්වන්නන් 5,000ක්ද වන අතර මෙම සේවා අංශයන්හි සේවා නියුක්ති අවස්ථා දැඩිසේ සීමා වී ඇත.

විධිමත් අංශයේ වෙළෙඳසල් 90% ඉක්මවූ සංඛ්‍යාවක්ද, අවිධිමත් අංශයේ වෙළඳසල් 75% ඉක්මවූ සංඛ්‍යාවක් ද තාවකාලිකව වසා ඇත. 75%කට අධික විධිමත් අංශයේ වෙළෙඳසල් සංඛ්‍යාවක් විසින් සිය මෙහෙයුම් නතර කොට ඇත. ආංශික සම්බන්ධතාවයන් හේතුකොට ඒ මත රඳා පවත්නා කර්මාන්තයනට බලපෑම් සිදුව ඇති අතර, ඒ හේතුකොට ඇතිවූ ගුණන ඵලයන් තුළ ජීවිකාවන් මිලියන ගණනක් විනාශ වී ගොස් ඇත.

ආර්ථිකය කෙරෙහි සංචාරක කර්මාන්තයේ පවත්නා වැදගත්කම සැලකිල්ලට ගනිමින්, ශ‍්‍රී ලංකා රජය විසින් මෙම කර්මාන්තයට ප‍්‍රමුඛත්වය ලබාදිය යුතුය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසා බලන විට, මෙම අතිශය වැදගත් අංශය කෙරෙහි අයවැය යෝජනා මගින් සෘණාත්මක බලපෑමක් ඇති කරන්නේය යන්න කෙරෙහි අපගේ සැලකිල්ල යොමුවී ඇත. පිරිවැටුම මත 1%ක් වූ සංචාරක සංවර්ධන බද්දට අමතරව 2.5%ක් වූ යෝජිත සමාජ ආරක්ෂණ දායක මුදල හේතුකොට මිල ගණන් හා ආන්තිකයන් කෙරෙහි හානිකර බලපෑමක් ඇතිවනු ඇත. මෙමගින් ශ‍්‍රී ලාංකීය සංචාරක පිරිනැමීම් විෂයයෙහි පවත්නා තරගකාරිත්වයට බලපෑමක් ඇති කරනු ලබන අතර මෙම බදු මුදල් බොහෝ සෙයින් ස්වාභාවිකවම ප‍්‍රතිගාමී ඒවා වේ. ඉදිරියේදී එන ණය පමා සහන කාලය ඉකුත් වීමේ දිනයන් මගින් හුදෙක් තවදුරටත් මුදල් ප‍්‍රවාහ සීමාකරණයන් පමණක් ඇති කරනු ඇති අතර, එමගින් පුද්ගලයන් හා ව්‍යාපාර තවදුරටත් ණයගැති තත්ත්වයට පත් කරනු ඇත. වැය කළ හැකි ආදායමක් නොපවතින තරම් වූ තත්ත්වයක් උදාවනු ඇති අතර, නව ආයෝජනයන් සිදු කිරීමේ ශක්‍යතාවයක්ද නොපවතිනු ඇත.

ඉහත කී තීරණාත්මක ගැටලූ මත පදනම්ව, පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරන්නෙමු:

අ) බලපත්ලාභී වාණිජ බැංකු වෙතින් සංචාරක අංශය විසින් ලබාගෙන ඇති ණය මුදල් වසර දෙකක (2) සහන කාලයක් සහිතව වසර දහයක (10) කාලයක් සඳහා ප‍්‍රති-ව්‍යුහගත කිරීම;

ආ) ණය පමා සහන කාලය තුළ 2019 අපේ‍්‍රල් මාසයේ සිට 2022 ජුනි මස 30 වන දින දක්වා දිගු කාලීන ණයවල සමස්ත පොලී මුදල් ප‍්‍රමාණය අත් හැරීම;

ඇ) ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිර්දේශිත ණය ප‍්‍රති-ව්‍යුහගතකරණ සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම.

පිරිවැටුමෙන් 1%ක් දක්වා වූ පළාත් පාලන බද්ද අහෝසි කර ඒ වෙනුවට අනෙකුත් සියලූම කර්මාන්තවලට සමාන වෙළෙඳ බලපත‍්‍ර ගාස්තුවක් අය කරන ලෙස තවදුරටත් නිර්දේශ කරමු. ඇත්ත වශයෙන්ම, මෙම යෝජනාව මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය අයවැයට ඉදිරිපත් කළ නමුත් අද දක්වා එය ක‍්‍රියාත්මක කර නොමැත.

හෝටල් ද වඩා ඉහළ විදුලි ගාස්තුවලට යටත් වේ. හෝටල් සඳහා අදාළ වන ගාස්තු (එනම්, H-1, H-2 & H-3), කර්මාන්ත ගාස්තු හා ගැළපිය යුතුය (එනම්, මේවන විට ”හෝටල් කටයුතුවලට” වඩා පහළ අනුපාතයක් වන (I-1, I-2, I-3)

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශයන්ට අනුව රුපියල් බිලියන 350ක් වූ සංචාරක කර්මාන්තයේ සමස්ත ණය කළඹ ප‍්‍රතිව්‍යුහගත කිරීම සහ 2020 ජුනි 10 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දුන් සහන සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීම වහා සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.

ක්ෂණික සහන සැලසීමේ ක‍්‍රියාමාර්ගයක් ලෙස, ණය පහසුකම් ප‍්‍රතිව්‍යුහගත කිරීම සහ ප‍්‍රතිනිර්මාණය කිරීම අනිවාර්ය කරමින් අදාළ මැදිහත් වීම් සිදු කරන ලෙස මෙම කර්මාන්ත අංශය විසින් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. කොන්ත‍්‍රාත්තු බලාත්මක කිරීම සහ ණය පහසුකම් බේරා ගැනීම සම්බන්ධයෙන් මහ බැංකුව විසින් සියලූම බලපත‍්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය සමාගම් වෙත පැහැදිලි මාර්ගෝපදේශ සැපයිය යුතුය.

කලින් පැවති තාවකාලික ප‍්‍රවේශය මෙන් නොව, ඵලදායී මැදිහත්වීමක් අවශ්‍ය වේ. සංචාරක කර්මාන්තයේ ඉදිරි ගමන තුළ නව අනුමත ව්‍යාපෘති සඳහා පහසුකම් ව්‍යාප්ත කළ යුතුය.

ප‍්‍රධාන පරමාර්ථය වූයේ අඩු කරන ලද වැටුප් කොන්දේසි මත වුවද සේවක සේවිකාවන් රඳවා තබා ගැනීම සහතික කිරීම වූ නමුත් සෑම අංශයකම සේවයෙන් පහකිරීම් අඛණ්ඩව ඉහළ යෑමත් සමග මෙකරුණු ඉටු වී නොමැත. මීට පෙර සංචාරක අංශයේ සේවයේ යෙදී සිටි බොහෝ දෙනෙකුහටද විධිමත් සමාජ ආරක්ෂණයක් නොමැති අතර එමඟින් ඔවුන් බංකොලොත්භාවයට හා අසරණභාවයට ගොදුරු වේ.

2018/19 වසර තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3 ක ඉපැයීම් සහිතව සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම ශ‍්‍රී ලංකාවේ දෙවැනි ඉහළම ශුද්ධ විදේශ විනිමය උත්පාදක මූලාශ‍්‍රය විය. හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් අග‍්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද පසුගිය අයවැය කතාවට අනුව හෝටල් කර්මාන්තයේ තක්සේරුව ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා ඇත.

2020 දී සංචාරක අංශයෙන් රාජ්‍ය අංශයට දළ වශයෙන් රුපියල් බිලියන 12 ක ආදායමක් අහිමි වනු ඇතැයි ගණන් බලා ඇති අතර, 2021 අවසන් වන විටද මෙයට සමාන පාඩු අපේක්ෂා කෙරේ.

2019 ඉපැයීම් මත පදනම්ව 2020 වසරේ සංචාරක ව්‍යාපාරය හරහා රාජ්‍ය අංශයේ ආදායම අහිමිවීම රුපියල් මිලියන 12,000 ක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත. 2021 දී පවා එවැනි අලාභයන් අත්වනු ඇත. සමස්තයක් වශයෙන්, 2020 දී ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 3.5 ක් පමණ අහිමි වී ඇති අතර මෙම ප‍්‍රවණතාවය 2021 දී ද පවතිනු ඇත. ශ‍්‍රී ලංකාව සඳහා වූ විදේශ විනිමය සංචිත ක්ෂය වී ඇති අවස්ථාවක, විදේශ විනිමය උත්පාදනය සඳහා ස්ථාපිත සහ සනාථ වූ මාර්ග ආරක්ෂා කිරීම සඳහා රජයේ මූලික අවධානය යොමු විය යුතුය.

සංචාරක ක්ෂේත‍්‍රයේ සියලූම ආයෝජනවලින් 90% ක් ක‍්‍රියාත්මක කර ඇත්තේ දේශීය ව්‍යවසායකයින් විසින් වන අතර ඉන් 90% ක් සුළු හා මධ්‍යම කාණ්ඩයට අයත් වන බවද කරුණාවෙන් සලකන්න.

2009/10 ලියාපදිංචි හෝටල් කාමර ධාරිතාව වූ 14,461 සංඛ්‍යාව 2018/19 වන විට 24,757 දක්වා 71% කින් වර්ධනය වී ඇති අතර එය ශ‍්‍රී ලංකාවේ ආයෝජන කළඹට සහාය වූ කැපී පෙනෙන වර්ධන වේගයකි.

රජය වෙත ලබාදී ඇති කර්මාන්ත නිර්දේශ මත පදනම්ව, වාණිජ බැංකු හරහා ඉදිරිපත් කර ඇති පහසුකම් නැවත සාකච්ඡුා කර ප‍්‍රතිව්‍යුහගත කිරීමට ගනු ලබන පියවර සුභවාදී ලෙස සලකා බලනු ඇති බවට සහතික ලබා දී ඇත. කෙසේ වුවද, සත්‍ය වශයෙන්, මෙම ප‍්‍රතිපත්තිය සාධාරණ ලෙස ක‍්‍රියාත්මක කර නොමැති අතර මෙම තීරණාත්මක සන්ධිස්ථානයේදී කර්මාන්තයට සහාය වීමට එය ප‍්‍රමාණවත් නොවේ. කර්මාන්තයට සහාය වනු පිණිස පහත සඳහන් සාධක කඩිනමින් සලකා බැලීම අවශ්‍ය වේ:

සහන කාලය ලබා දීමෙන් පසු වත්මන් ණය ගැනීම් සඳහා සමුච්චිත පොලී ආපසු ගෙවීම 2022 මැද භාගය වන විට අවසන් වේ.

2021 දෙසැම්බර් මස අවසන් වන විට ණය ගැනීම් මත පවත්නා කිසියම් හිඟ ප‍්‍රාග්ධනයක් වේනම් එය ආපසු ගෙවීම හිඟ ව්‍යවස්ථාපිත ගාස්තු ආපසු ගෙවීම අවම වශයෙන් මාස 6 ක කාරක ප‍්‍රාග්ධනයක් ප‍්‍රවර්ධනය සඳහා සහාය වීම
වර්ගීකරණ අවශ්‍යතාවලට අනුකූලව අවශ්‍ය ගුණාත්මකභාවය සහ ප‍්‍රමිතීන්ට අනුකූල වන බවට වගබලා ගැනීම සඳහා නඩත්තු කිරීම සහ නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා සහාය ලබාදීම ප‍්‍රධාන වශයෙන් රුපියල අවප‍්‍රමාණය වීම සහ ඉදිකිරීම් පිරිවැය ඉහළ යෑම හේතුවෙන් සංවර්ධන වියදම් ඉහළ යෑමේ ප‍්‍රතිඵලයක් ලෙස අත්හිටුවා ඇති නව, අනුමත සංවර්ධන ව්‍යාපෘති සඳහා ආධාර කිරීම – පාලම් මූල්‍යකරණය – දේශීය වාණිජ බැංකු හරහා කර්මාන්ත පාර්ශ්වකරුවන් වෙත මූල්‍ය ආධාර ලබාදීම.

රජය විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමේදී සමස්ත අභ්‍යාසය සැලසුම් කිරීම, ව්‍යුහගත කිරීම, ඇගයීම, පාලනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවීම. එය මුදල් අමාත්‍යාංශයට, සැලසුම් සහ ක‍්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයට, සංචාරක අමාත්‍යාංශයට හෝ සෘජුවම සංචාරක අමාත්‍යාංශය යටතට ගැනෙන්නා වූ ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) අයත් විය හැකිය.

දේශීය බැංකු හරහා අරමුදලට අවශ්‍ය ඇපකර ලබාදීමට රජය විසින් කටයුතු කිරීම. ඇතැම් විට ණය ගැනීම්වල වටිනාකමට කොටස් ලබාදීමට පොරොන්දු වන්නාවූ එක් එක් ආයතනයන්ගෙන් සමන්විත යාන්ත‍්‍රණයක් හෝ එයට සමාන දෙයක් සලකා බැලිය යුතුය.

ලබා ගත හැකි අක්වෙරළ අරමුදල් එක්සත් ජනපද ඩොලර්වලින් සමන්විත වනු ඇත්තේ වුවද, කර්මාන්ත පාර්ශ්වකරුවන්ට ණය දීම ශ‍්‍රී ලංකා රුපියල්වලින් විය යුතුය. (මෙය රජයට ක්ෂය වී ඇති විදේශ සංචිත යම් ප‍්‍රමාණයකට ශක්තිමත් කර ගැනීමට ද උපකාරී වනු ඇත).

ස්ථාපිත නිර්ණායකයකට අනුව අයදුම්පත් මනාසේ ඇගයීමෙන් පසුව, මෘදු ණය ස්වරූපයෙන් ආධාර පිරිනැමිය යුතුය. – ප‍්‍රාග්ධනය සහ පොලී ආපසු ගෙවීම සඳහා අවම වශයෙන් අවුරුදු 2 ක සහන කාලයක් ලබාදිය යුතුය. වාර්ෂිකව 4%ට අඩු මට්ටමේ අඩු කළ මනාප පොලී අනුපාත. (සමස්ත වශයෙන්, වසර 10 ක කාලයක් ආවරණය කරමින්) වසර 7 ක ආපසු ගෙවීමේ කාලයක් ලබාදිය යුතුය.

පූර්ව වසංගත කාල පරිච්ෙඡ්දය තුළ ශ‍්‍රී ලංකාවට පැමිණි මුළු සංඛ්‍යාවෙන් 65% ට සමාන රට තුළට පැමිණෙන සංචාරකයන් මෙහෙයවීමට අදාළ ව්‍යාපාරික පරිමාවන් ලෙස සියලූම දේශීය අභ්‍යන්තර සංචාරක ක‍්‍රියාකරුවන් සඳහා වූ ව්‍යාපාර ප‍්‍රවර්ධනයන් උදෙසා කැපවූ විශේෂ මූල්‍ය පැකේජ ලබාදීම කළ යුතුය.

සංචාරක කර්මාන්තයට සහන දී වහා නඟා සිටවමු

විපක්ෂ නායක
සජිත් පේ‍්‍රමදාස

advertistmentadvertistment
advertistmentadvertistment