සංචාරක වීසා මත පැමිණ මෙරට විවිධ රැකියාවල නිරත විදේශිකයින් සම්බන්ධ තොරතුරු පොලිස් සංචාරක කොට්ඨාශය වෙත ලබා දෙන ලෙස වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්,දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්,ප්‍රාදේශීය කොට්ඨාශභාර නිලධාරීන්,අධ්‍යක්ෂවරුන්,දිස්ත්‍රික් භාර නිලධාරීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම්දී ඇත.එම තොරතුරු නොවැම්බර් මස 04 වැනිදාට පෙර සංචාරක කොට්ඨාශයේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන ලෙසද දැනුම්දී තිබේ.එසේම සෑම මසකම 05 වැනිදාට පෙර මෙම තොරතුරු යාවත්කාලීන කරන ලෙසද දැනුම්දී තිබේ.
|