සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි

272

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරිය ලෙස කටයුතු කළ කිමාලි ප්‍රනාන්දු මහත්මිය ඊයේ (24 දා) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

නව සභාපතිවරයකු සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කිරීමට ඉඩ සලසමින් තමා ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරන බව හිමාලි ප්‍රනාන්දු මහත්මිය නව සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු මහතා වෙත ඊයේ (24 දා) යවන ලද ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ. සංචාරක කර්මාන්තයේ සංගම් රැසක් පසුගිය කාලයේ හිමාලි ප්‍රනාන්දු මහත්මිය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ
මහතාගෙන් දිගින් දිගටම ඉල්ලීම් කර තිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත- ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment