ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් යළි පිටත්ව ගොස් තිබේ .
ආරුගම්බෙ ප්‍රදේශයට එල්ල වීමට සැළසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙන්ම ඊශ්‍රායල රජය විසින් ද ශ්‍රී ලංකාව තුළ තවදුරටත් රැදී සිටීම අවදානම් බව ප්‍රකාශ වීමත් සමග , මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඔවුන් පිටත් කර හැරීම සදහා පියවර ගෙන තිබුණි .
මෙම පිරිස අද අලුයම 03.03 ට ඩුබායි බලා පිටත්ව යන ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 570 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.