සංශෝධන කළත් විදුලි පනත භයානකයි – වසන්ත බණ්ඩාර

57

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කර ඇති සංශෝධන සියල්ලම සිදුකළත්, යෝජිත විදුලිබල පනතේ ඇති භයානකකමට සහ මූලික හරයට බලපෑමක් සිදුනොවන බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා ඒ පිළිබඳව සඳහන් කළේ ඊයේ (6දා) ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී ජාතික සංවිධාන එකමුතුව විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ අධිකරණය විසින් ලබා දී ඇති සංශෝධන මගින් ජාතික ආරක්ෂාවට, මහජන සේවයට, ආර්ථිකයට සහ විදුලි පිරිවැය වැඩිවීම සම්බන්ධයෙන් වන බලපෑම අහෝසි නොවන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගියදා යොමු කළ ලිපියට අනුව කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට යෝජිත විදුලිබල පනතට පක්ෂව ඡන්දය ලබාදිය නොහැකි බවයි.

එරික් ගාමිණි ජනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment