සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධව පැවැති සාකච්ඡාවකදී උපදෙස් දුන්නේය.
නීති සම්පාදනය, ආයතනික ක්‍රියාකාරකම්, ඉඩම් ගැටලු, සිරකරුවන් නිදහස් කිරීම, බලය විමධ්‍යගත කිරීම යන ක්ෂේත්‍ර යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරිණි.
සත්‍ය හා ප්‍රතිසන්ධාන (TRC) කොමිසම ක්‍රියාත්මක කිරීම, ජාතික ඉඩම් සභාවක් පිහිටුවීම සහ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය වඩාක් ඵලදායී අන්දමින් පවත්වාගෙන යෑම, පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.