සකුණ පියාපත් – ලබන සඳුදා සිට ස්වාධීන රූපවාහිනියෙන්

372

තම දරුවන් දෙදෙනා සමඟ නගරයෙන් ගමට සංක‍්‍රමණය වන මැදිවියේ වැන්දඹු කාන්තාවක් මුහුණ දෙන අනේක විධ සිද්ධි දාමයක් කේන්ද්‍ර කොටගෙන නිර්මාණය වූ අපූරු ටෙලි නිර්මාණයකි ‘‘සකුණ පියාපත්’’. ක‍්‍රිෂ්ටි ෂෙල්ටන් ප‍්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ මෙම නවතම ප‍්‍රාසාංගික ටෙලි නාට්‍යය වන ”සකුණ පියාපත්” ජූලි 20 වැනිදා සිට සතියේ දිනවල රාත‍්‍රි 7.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. මෙම ටෙලි නාට්‍යය නිෂ්පාදනය කොට ඇත්තේ වසන්ති චතුරානි හා සුනිල් රත්නායක විසිනි. සකුණ පියාපත් හි එන මුතු මැණිකා නම් වූ ප‍්‍රධාන චරිතය වසන්ති චතුරානි විසින් හා ඇගේ දරු දෙදෙනා ලෙස ජෙහාන් අප්පුහාමි හා මිෂෙල් දිල්හාරා ද, මුතු මැණිකාගේ වියපත් මව ලෙස ගේ‍්‍රස් තෙන්නකෝන්ද, මුතු මැණිකාගේ අරගලකාරී ජීවිතයට සවියක් වන ඇගේ කුඩා කල පටන් මිතුරෙකු වූ ජයලත් නම් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු ලෙස ජනක් පේ‍්‍රමලාල් ද මෙහි චරිත නිරූපණය කරති.

 වසන්ති චතුරානි, ජනක් පේ‍්‍රමලාල්, ගේ‍්‍රස් තෙන්නකෝන්, මනෝහරී විමලතුංග, මේනකා පීරිස්, ජෙහාන් අප්පුහාමි, මිෂෙල් දිල්හාරා ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරන මෙය රචනා කොට ඇත්තේ අරුණ පේ‍්‍රමරත්නය. ජනක යහම්පත් කැමරාකරණයෙන්ද, ප‍්‍රසන්න කුමාර සංස්කරණයෙන්ද, දීප්ති මංගලසෝම කලා අධ්‍යක්ෂණයෙන්ද, ශෂේන්ද්‍ර තුම්පත්තු වේෂ නිරූපණයෙන්ද දායක වී ඇති ”සකුණ පියාපත්” සංගීතවත් කරන්නේ කපිල පූගලආරච්චි විසිනි. කැකුලන්දරගේ චරිතයට පේ‍්‍රක්ෂකයෝ බනිනවා

 රුවන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment