සචිත්‍රගේ කටහඬ සාම්පල් ඉක්මන් කරන්නැයි රස පරීක්ෂකට සිහිකැඳවීමක්

70

වර්ෂ 2020දී ශ්‍රී ලංකාවේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේදී ක්‍රීඩා තරග මුදලට පාවාදීම සඳහා ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් පිරිසකට යෝජනා කළේ යැයි චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ කටහඬ සාම්පල් සම්බන්ධයෙන් වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ ප්‍රධාන දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා ඊයේ (17දා) රජයේ රස පරීක්ෂකවරයාට සිහි කැඳවීමක් යැවීමට නියෝග කළේය.

එලෙස තරග පාවාදීමට ක්‍රීඩකයන් පෙළඹවීමෙන් ක්‍රීඩා පනත යටතේ ගැනෙන දූෂණය නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකය විසින් ගොනුකර තිබූ නඩුව ඊයේ (17දා) ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේදී කැඳවිණි.

සිය සේවාදායකයාගේ කටහඬ සාම්පල ලබාගෙන රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට නියම කොට මේ වනවිට වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් මේ දක්වා එම වාර්තාව ලැබී නොමැති බව අධිකරණයට පැවසූ එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment