සචින් සහ තිළිණි ඉන්දියාවේදී රන් දිනති – ඔඩිෂා විවෘත බැඞ්මින්ටන් තරගාවලිය

225

ඉන්දියාවේ පැවැති ඔඩිෂා විවෘත බැඞ්මින්ටන් තරගාවලියේදි මිශ‍්‍ර යුගල ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට තිළිණි හෙන්දහේවා සහ සචින් ඩයස් ඊයේ (30 වැනිදා) සමත්විය. එ් මිශ‍්‍ර යුගල ඉසව්වේ අවසන් මහා තරගයේදී ඉන්දියාවේ එම්.ආර්. අර්ජුන් සහ කී‍්‍රඩා ජෝලි තරග වට 2-0ක් ලෙස පරාජයට පත් කරමිනි.

 අවසන් මහා තරගයේ පළමු වටය 21-16ක් ලෙස ජය ගැනීමට සමත්වූ තිළිණි සහ සචින් දෙවැනි වටය 22-20ක් ලෙස ජය ගැනීමට සමත්විය.

 ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් ඉතිහාසයේ ජාත්‍යන්තර තරගාවලියකදී මෙවැනි යුගල ඉසව්වකින් දැක්වු ඉහළම දක්ෂතාවය මෙය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment