සජබයට එක්වූ මහේෂ් කළුතරින් ඡන්ද සටනට

168

සමගි ජන බලවේගය සමග එක්වූ හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා එම පක්‍ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට ද සූදානමින් පසුවන බව සජබ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඒ අනුව ඒ මහතා බොහෝ දුරට කළුතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි ද ඉහත ජ්‍යෙෂ්ඨයා සඳහන් කළේය.

සජබයට එක්වූ ජෙනරාල් මහේෂ් සේනානායක මහතාව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ද පත් කරනු ලැබීය. ඒ මහතා 2017 ජූලි 4 වැනිදා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපති ලෙස පත්වූ අතර 2019 අගෝස්තු 21 වැනිදා ජෙනරාල් නිලයට උසස් වීමෙන් පසු හමුදාවෙන් විශ්‍රාම ගියේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment