දැඩි ආර්ථික අර්බුදයකට සත්‍ය වශයෙන්ම මුහුණ දී සිටින ජනතාව ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් තෝරාගෙන ඔවුන් සඳහා විශේෂ සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට යෝජනා කර ඇත.
එම යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අනුමතකර ඇත . මෙම යෝජනාවට ඊයේ (30) රාත්‍රියේ පැවති සමගි ජන බලවේගය පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.
විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන යටතේ රෝහල් සඳහා සඳහා විවිධ උපකරණ ලබා දීම වෙනුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප යෙදවෙන බව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.